Sunday, 28 October 2018

6.0 ප්‍රථම පාසල් ගමන



මීලගට පොඩි කාලෙ මතක තියෙන සිද්දි කීපයක් වෙන්නෙ පාසල් ගමනට සම්බන්ධව තමයි. ස්කෝලෙ යන්න කලින් මන් මොන්ටිසෝරි ගියෙ නැහැ. අපෙ නන්ගිත් මොන්ටිසෝරි ගියෙ නෑ. කෙලින්ම ස්කොලේ ගිය නිසා තමයි මන් හිතන්නෙ අපේ මොලේ පොඩ්ඩක් වැඩි. මේක කියවද්දි උනත් ඔයාලට තේරෙනවනෙ.

ගෙවල් ලග හිටපු අපේ වයසෙ පොඩි උන් මොන්ටිසෝරි යද්දි මන් අම්මගෙන් ඇහුවෙ අපි යන්නෙ කවද්ද කිය කිය. ඒත් අම්ම කිව්වෙ අන්වශ්ය මට්ටමෙන් අධ්යාපනයක් එතෙනදි ලැබෙන නිසා එහෙම දෙයක් ඕනෙ නෑ කියලයි. අද කාලෙ පොඩි එවුන්ට මන් හිතන්නේ වයසට වඩා ගොඩක් වැඩි අධ්යාපන මට්ටමක් තියෙන්නෙ. ඒත් අද අම්මලට එහෙමයි කියල ඒව ප්රතික්ශේප කරන තත්වෙක නෑ. පොඩි එකාට අවුරුදු තුනක් හතරක් වෙද්දි මොන්ටිසෝරි යන්න ඕනෙ. අම්මලත් වැඩට යන නිසා ලමයගෙ ආරක්ශාව පැත්තෙන් බැලුවම ඒක නිසා එයලටත් පොඩි සැනසීමක් ලැබෙනව මන් හිතන්නෙ. ගෙදර ඌව බලාගන්න ඉන්න අයටත් පැය කීපෙක නිදහසක් පොරව ගෙදරින් යැව්වම. ඒත් එක්කම් අද තියෙන තරගකාරිත්වය එක්ක කොහොමත් අම්මල කැමති නෑ තමන්ගෙ ලමය විතරක් යන ක්රමයෙන් ඈත් කරන්න. ඔය වගේ ගොඩක් දේවල් නිසා මොන්ටිසෝරි ගමන අද අනිවාර්ය දෙයක් වෙලා තියෙන්නෙ.

ඒ දවස් වල මට මතකයි ගෙදරදි අම්ම ගොඩක් අත් වැඩ දුන්න කියල. පොතේ ලස්සන චිත් ඇදල ඒව පරිප්පු ඇට අලවල ලස්සන කලා. බන්ඩක්ක පොඩියට පෙති කපල සායම් උඩ ඒව තියෙල මෝස්තර චිත් නිර්මානය කලා. වෙස්මූනු හැදුව. නිදහස් විදියට අපි කැමති දෙයක් කරන්න ඉඩ තිබුන. ඒත් දවසවල තාත්තගෙ ජොබ් එකට ලැබුන ගෙදර පොඩි මිදුලක් තිබ්බ නිසා ගේ ඇතුලෙ ඉදන් කරපු සෙල්ලම් තමයි. ගෙදර පාරට ගොඩක් ලග නිසා මිදුල තහනම් කලාපයක් වෙලයි තිබ්බෙ.

ඉතින් ඔය වගේ දේවල් නිසා මන් ගොඩක් ආසවෙන් හිටියෙ ස්කොලෙ යන්න. ඒක නිසාමද කොහෙද ස්කොලෙ යන්න ලොකු ලෑස්තියක් තිබ්බෙ. ඉතින් ඕව මේව නිසා සහ මන් ඉපදුනේ අවුරුද්දෙ දෙවෙනි මාසෙත් නිසා අවුරුදු පහෙන් ස්කොලෙ යන්න පුලුවන් උනා. ඔන්න දැන් ගමනට ඕනෙ කරන ගොඩක් දේවල් හරි. සපත්තු, බෑග්, පොත්, පැන්සල්, වතුර බොතලේ, කෑම පෙට්ටිය ඔක්කොම ගෙනත් ප්‍රදර්ශන භාන්ඩ වගේ තියෙල තියෙනව. ඇදුම විතරයි අඩු. ඒකත් අම්ම මහල ඉවර කරන්න ලගයි. මට ඉවසිල්ලක් තිබ්බෙ නෑ ඇදල බලනකන්.

ඔන්න ඉතින් මොහොතත් උදා උනා. අම්ම මහල ඉවරයි. ගවුම දෙතුන් පාරක් ගසල වැඩි නූල් කෑලි ටික කපල දුන්නෙ ඇන්දම කොහොමද කියල අඩු පාඩු ටික බලන්නයි.ඒත් මට ඕනෙ උනේ මන් දැන් ස්කොලෙ යන්න හදන්නෙ කියන එක අසල්වාසින්ට පෙන්නන්න. ඉතින් ස්කොලෙ ගවුම දාගත්ත විතරයි මන් තාප්පෙන් පැනල අනික් ක්වාටස් එකට ගියෙ එහෙ හිටපු කුරුප්පු අන්කල්ට මගෙ විස්තරේ පෙන්නන්න. එතන අපි හිටපු ගෙයත් එක්ක තව ගෙවල් දෙකක් තිබුන. ආන්ඩුවේ ගෙවල් ක්වාටස් දීල තිබ්බෙ තාත්තගෙ ජොබ් එක නිසා. ඉතින් අල්ලපු ක්වාටස් එකෙත් හිටියෙ තාත්ත වගේම වැඩ කරපු අය. කුරුප්පු අන්කලුයි තව එක අන්කල් කෙනෙකුයි හිටියෙ. මාත් එක්කත් යාලුයි. ඉතින් මන් එහෙ ගිය ගමන් මගේ ඇදුම එයාලට පෙන්නුවෙ ස්කොලෙ ගමන ගැනත් හැදින්වීමක් දෙන ගමන්.

අතරතුර ඇහෙන්ව අම්ම මාව හොයන සද්දෙ. ඉතින් අර අන්කල්ල දෙන්නත් බැලුවෙ මාව ඉකමනින් පිටත් කරන්න. ඒත් ඉතින් මගෙ කථාව ඉවර නෑනෙ. පස්සෙ කොහොමහරි මිනිස්සු මාව අපේ ගෙදරට ගෙනත් ඇරලුවෙ අම්ම ඉවරයක් නැතුව අඩ ගහන නිසා. ඊට පස්සෙ උන දේ හිතා ගන්න පුලුවන්නෙ ඉතින්. හොද ගුටි පූජාවක් ලැබුනෙ වැරදි කීපෙකට. නොදන්වා ගෙදරින් එලියට යාම, තාප්පෙන් පැනීම හා අන්වශ්ය විදිහට අනුන්ගෙ ගෙවල් වලට රින්ගීම. ඉතින් මේ කරුනු ටික හොදටම ඇති උනා අම්මට යකා නගින්න. කොහෙමෙන් හරි උනේ මුලිනම් ස්කූල් යුනිෆෝම් ඇන්ද දවසෙ මදි නොකියන්න ගුටි කන්න. පස්සෙ දවසක කුරුප්පු අන්කල් කීව 'පුතේ ආයෙ එහෙම අම්මට නොකිය එන්න එපා කියල'.

ඉතින් ඔය ඔක්කොම වැඩ වලින් පස්සෙ ස්කෝලෙ යන දවස, මගෙ දවස උදා උනා. මට හරිම සතුටුයි. අම්මයි තාත්තයි දෙන්නම ලෑස්ති උනා මාව බාර දෙන්න යන්න. අපි හිටපු ගෙදර ඉදල පයින් යන පොඩි දුරක් තිබ්බෙ. ඉතින් අපි තුන් දෙනාම යන්න පිටත් උනා. යද්දි මගදි දැකපු දෙයින් මට හරිම සතුටුයි. මගෙ වයසෙ අය, අක්කල අයියල ගොඩක් පාරෙ යනව මන් වගේම සුදු ඇදුම් ඇදගෙන. එදා වෙනසකට තිබ්බෙ ලොකු අක්කල ටයි එකක් දාල හිටිය. මට එවෙලෙ ටයි එකක් තිබ්බෙ නෑ. මට වෙලාවෙ අයව හරිම වැදගත් ලොකු අය විදිහට පෙනුනෙ. ඉතින් මන් වෙලාවෙ අම්මගෙයි තාත්තගෙයි අත් අතෑරල දුවල ගිහින් ලොකු ලමයෙකුගෙ අතින් අල්ලගත්ත. හරිම සතුටුයි ඉතින්. උනුත් පොඩි එකෙක්නෙ කියල හිතල ස්කෝලෙ ගාවට යනකන් එක්කන් එන්නැති. ලමයි දැක්කම මෙයාට අපිව අමතක උනා කියල ටික කලක් යනකන් අම්ම කිය කිය හිටියෙ.

පන්තියට ගිය මුල්ම දවසෙ මට තේරුනෙ ලමයි ගොඩක් අය අයව අදුරනව කියල. ගෙදර ගිහින් කිව්වම අම්ම කිව්වෙ අය මොන්ටිසෝරියෙදි අදුන ගත්ත ලමයි වෙන්නැති කියල. ඒත් ඉතින් මන් මොන්ටිසෝරි ගියෙ නෑනෙ. ඉතින් ස්කොලේ ගිය මුල්ම දවසෙ මාව අදුරන අය කවුරුත් නෑ. ඒත් මට ඒක ලොකු ප්රශ්නයක් උනේ නෑ. ලොකුවට තිබුන ස්කොලෙ වත්තම ඇතියි කියන සතුටින් මන් පිනා ගිහින් හිටියෙ.

රෑ නිදා ගනිද්දිත් හිතුවෙ පිට්ටනියට යන හැටි, දුවල පැනල සෙල්ලම් කරන හැටි තමයි. ඉතින් උදේට කිසිම කරදරයක් නැතුව මන් ස්කොලෙ යන්න ලෑස්ති උනා. වගේම ගෙදර ඇව්ත් පැයක් දෙකක් යනකන් ස්කොලෙ ඇදුම ගැලෙව්වෙ නැත්තෙ අනික් අයට මන් ස්කොලෙ යන ලමයෙක් කියල පෙන්නන්න. අම්ම නොගත්ත උත්සාහයක් නෑ ඕක ගලවන්න. දවසක් අපේ නැන්ද කෙනෙක් එනව කියල මන් හවස් වෙනකන් ස්කොලෙ ඇදුම ඇදන් හිටියෙ එයාට පෙන්නන්න.

ඉතින් ඊට පස්සෙ ස්ට්රේබෙරි ජෑම් ගාපු පානුයි, ෆැන්ටයි වතුරයි වෙන වෙනම දාපු බෝතලෙයි අරන් ස්කොලෙ ගියෙ හරිම කැමැත්තෙන්. ස්ට්රේබෙරි ජෑම් අදටත් දකිද්දි, සුවද එද්දි මට මතක් වෙන්නෙ එක වසරෙ පන්තිය. ඒක අදටත් ඉතාම සුන්දර මතකයක්පස්සෙ යාලුවන් එක්ක බෙදාගෙන කෑම කෑමට පුරුදු වෙද්දි ගෙදර එනකොට කෑම පෙට්ටියෙ තිබුනෙ වෙන වෙන දේවල්. අම්මා ඒ ගැන ඇහුවත් ලොකුවට මොකුත් කිව්වෙ නෑ. සම්බෝල, බිස්කට් ඒව අතර තිබුන සමහර කෑමය. පොල් සම්බෝල එක්ක පාන් කන්න මන් ගොඩක් කැමති උනත් ගෙදරින් හමුබුනේ නැති නිසා මන් ස්කොලේ යාලුවෙකුට කියල ගෙන්නගෙන කන්න පුරුදු උනා. පොල් ගුලි ගුලි පනුවොත් එක්ක බඩේ හැදෙනව කියල කට්ටිය බය කරන්න කියල තිබුනත් මොකක්දෝ හේතුවකට ඒ ලමය මාත් එක්ක තරහ වෙනකන් ස්කොලේදි සම්බෝලයි පානුයි කන්න පුරුදු වෙලා හිටියෙ. චොකොලට් බිස්කට් ක්‍රීම් එක උඩ අච්චුව ගහල කන එකත් ඒ දවස්වල ඉන්ටවල් එකේ එක විනොදාන්ශයක් උනා.

ඉතින් එදා ස්කොලෙ ඇරිල ආපහු ගෙදර එද්දි තාත්ත මගෙයි අම්මගෙයි ෆොටෝ එකක් ගන්න අමතක කලේ නෑ. මගේ පලවෙනි පාසල් ගමන අමතක නොවෙන සිද්දියක් විදිහට මට දෙන්න දෙන්න කටයුතු කලා. දකුනු පැත්තෙන් බෑග් එකක් එල්ලන් අම්මගෙ අතින් අල්ලගෙන එන හැටි තමයි ඒකෙ තියෙන්නෙ.

වෙලාවෙ අම්මගෙ හිනාවෙත් තියෙන්න මගෙ හිතේ තිබ්බම සතුටම තමයි කියල මට හිතෙන්නෙ.

No comments:

Post a Comment

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...