Thursday, 9 May 2019

25. විනෝද චාරිකා


















පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ. ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැම්බර්වල නම් කොහෙහරි අපි කට්ටියම ගියා.ස්කොලෙදි මුලින්ම ට්රිප් එකක් මට මතක විදිහට ගියෙ අට වසරෙ වගේ ඉගන ගනිද්දි. ඊට කලින් අවුරුදු වලදි ස්කෝලෙන් ට්රිප්ස් ගියත් අපේ ගෙදර අය මාව යවන්න කැමති උනේ නෑ. ඉතින් යාළුවො හුගක් අය යද්දි මන් ගියෙ නෑ. ට්රිප්ස් ගැනත් කියන්න කතා ගොඩක් හැදෙන්නත් මෙන්න මේ හේතුව නිසාම තමයි. අපේ ගෙදරින් අපිව දවසක් දෙකක් එයාල නැතුව යවන්න කැමති උනේ නෑ. මට වගේම අපේ නන්ගිටත් මේ දේම උනා. ඉතින් සමහර ට්රිප්ස් යන්න අපි ගෙදරින් අවසර ගත්තෙ හුගක් අමාරුවෙන්. සමහර වෙලාවට කොච්චර අඩල කියල ඇහුවත් යන්නනම් ලැබුනෙ නෑ. දැන් උනත් ට්රිප් එකක් යනව කිව්වම මන් හිතන්නෙ එයාලගෙ හිතේ පොඩි ගැස්මක් හටගන්නව.

සමහර වෙලාවල් තිබුන අපි යාළුවන්ට කියල අම්මගෙන් අවසර ගත්ත ඒවත්. මොනව උනත් අපි කොහොම ඇඩුවත්, කිව්වත් අපේ අම්මගෙයි තාත්තගෙයි තීරණ ගල් ගෙඩි වගේ වෙනස් නොවී තිබුන ගොඩක් වෙලාවට. එහෙම උන වෙලාවල් වලදි අපිටත් යකා නැගපු අවස්තා තිබුන.ඒත් කිසිම විදිහකින් එපා කියපු ට්රිප් එකක් නම් යන්න ලැබිල නෑ. ට්රිප් එකක් යන්න මුලින්ම අවසර ගන්න යන්නෙ අම්මගෙන් තමයි. මුල්ම ප්රශ්නෙ වෙන්නෙ යන තැන නාන්න පීනන්න තැන් තියෙද කියල අහන එකයි. වතුර ආශ්රිතව තියෙන පලාතක් නම් කොහොමත් යන්න ලැබෙන්නෙ නෑ.නාන්න ගිහින් වතුරෙ ගිලිච්ච කීප දෙනෙක්ගෙ කතා පුවත් එයාලගෙ ඩේටාබේස් එකෙන් අරන් මතක් කරල දෙනව. වහින්නෙ නැති පායන නියන් කාලෙක උනත් තීරනේ නම් එහෙමම තමයි. ඊට අමතරව තව ටීවි එකෙන් හරි පත්තරෙන් හරි නිව්ස් එකක් දැක්කොත් එහෙම දෙයක් ගැන එදාටත් ලෙක්චර් එකක් ලැබෙනව. ඊට පස්සෙ අහන ප්රශ්නෙ තමයි යන්නෙ කවුද කියන එක. වගකිවයුතු කෙනෙක් නැතුව යන බවක් තේරුනොත් එහෙම අම්ම තාත්තගෙන් පර්මිශන් ගන්න නොදීම වැඩේ අවලන්ගු කරන්නෙ යනවයි කියපු අනික් උන්ටත් බැනල. එක්කම උන්ගෙ හැටිත් මතක් කරල දෙනව. යන අය සුදුසුයි නම් තමා අම්ම කියන්නෙ තාත්තගෙන් අහන්න කියල.

ඉතින් මුල ඉදලම ට්රිප් එකේ කතාව තාත්ත ගෙදර ආවමත් කියන්න වෙනව. සමහවෙලාවට අම්ම අහපු දේවල්ම විස්තර ඇතුව තාත්ත ඇහුව. ට්රිප් එක නොයව ඉන්න හේතු ගොඩක් තාත්තට පෙන්නල දෙන්න පුලුවන් උනාම අම්මත් පැත්තක ඉදගෙන කිව්ව මාත් ඔය ගැනම හිතුව තමයි කියල. කොහොමත් තාත්ත කියන දේට අම්ම සපෝට් කලා.මොනව උනත් දෙන්නම බැලුවෙ අපිව නොයා ඉන්න තමයි. දෙන්න නැතුව ට්රිප්ස් කොහෙගියා උනත් ගෙදර ආපහු එනකන් පන බයෙන් තමයි දෙන්න හිටියෙ. ඉතින් ඔය වගේ හේතු හින්ද ස්කෝලෙ යන කාලෙදි නම් ට්රිප්ස් යන්න ලැබිලම නෑ. කාලෙ දෙන්නගෙ තව ක්රමයක් තිබුන ට්රිප්ස් නොයව ඉන්න. තමයි දෙන්න දකින හීන. ට්රිප් එක යන්න උදේ නැගිට්ටම අම්ම කිව්ව 'මන් ඊයෙ රෑ නරක හීනයක් දැක්ක. ඒක හින්ද ඔය ගමන අද යන්න එපා කියල. ඉතින් අපි නාහෙන් අඩ අඩ ඉන්නකොට තාත්තත් නැගිටල ඇවිත් කිව්ව 'ඔව් මමත් ඊයෙ නරක හීන වගයක් දැක්ක. ඒක නිසා අද යන්න එපා කියල. ඉතින් දවස්වල දෙන්නම එහෙම කියද්දි මටත් පොඩි බයක් ඇතිඋනා කිව්වොත් හරි. කවදාවත් ඇහුවට දෙන්නගෙන් එක්කෙනෙක්වත් කිව්වෙ නෑ ඒගොල්ලො දැක්ක හීනෙ මොකක්ද කියලනම්. ඒක ගැන ඇහුවම කිව්වෙ දැකපු නරක හීන කියන්න හොද නෑ කියල. මොනව උනත් අපි පොඩි කාලෙ නම් ලණුව හොදට කෑව.

එක පාරක් අපේ යාළුවො ටික ගියා තව අපේ යාළුවෙක්ගෙ ගෙදර. යාළුවා හිටියෙ ලස්සන පලාතක. ඒක නිසා කට්ටිය හිතුවෙ එයාගෙ ගෙදර ගිහින් දවසක් ඉදල එන්න. ඉතින් ඔය ගමන යන්න මන් ගොඩක් ට්රයි කලා උනත් අම්මයි තාත්තයි කැමති උනේම නෑ. මන් හිතන්නෙ මන් පැය ගානක් අඩන්න ඇති යන්න ඕනෙමයි කියල. උනත් එයාලගෙ තීරනේ වෙනස් උනෙ නෑ. මන් කොහොම ඇඩුවත් කිව්වෙ කොච්චර ඇඩුවත් යන්න වෙන්නෙ නෑ කියල.ඊට පස්සෙ දවසෙ තාත්ත සල්ලි දීල කිව්ව පන්ති අදින්න ඇදුමක් ගන්න කියල.  පන දාගෙන අඩපු එකට එයාල අනුකම්පා කලත් එයාලගෙ තීරන වෙනස් උනේ නෑ. ඉතින් මගෙ යාළුවොත් ගොඩක් දුක් උනා මට එන්න දුන්නෙ නැති එකට. මොකද එයාලත් එක්ක මට එන්න දුන්නෙ නැති එකට එයාලට ගොඩක් අවුල් උනේ එයල අපේ ගෙදර අයව දන්න අය හින්දයි.ඒකෙන් උනේ ඊට පස්සෙ ඒගොල්ලො ගිය ට්රිප්ස් වලට මට කතා නොකරපු එකයි. ගෙදරිනුත් කොහොමත් යන්න දෙන්නෙ නැති හින්ද මමත් අහන්න ගියෙ නෑ ඇයි කියල.

ගෙදර අයත් එක්ක ගිය ට්රිප්ස් ගැන නම් කියන්න තරම් විශේශත්වයක් නෑ. මොකද ඒවා සැප පහසුවට කරදර බාදා වලින් තොරව ගිය ඒව හින්ද. වෙනසකට තිබුනෙ නැවතුනේ ගෙදර නොවුන එකයි.ඉතින් මතක ඇති මුල්ම ට්රිප් එක වෙන්නෙ ස්කෝලෙන් ගිය ට්රිප් එකක්. ට්රිප් එකට අපේ පන්තිවල හිටපු ගොඩක් දෙනෙක් ගියා. බස් කීපයකම තමයි ඔක්කොමල ගියෙ. ට්රිප් එක යද්දි වාඩිවෙන්න උවමනාවක් කාටවත් තිබුනෙ නෑ. හිටගෙන නට නට සින්දු කිය කිය තමයි හැමෝම ගියෙ. ඒත් ආපහු එනකොට ඔක්කොලටම ඕනෙ උනේ නිදාගෙන එන්න. එහෙම උනාම තමයි තේරුනෙ හැමෝටම වාඩිවෙන්න ඉඩ මදි කියල. ඒක හින්ද කට්ටිය මාරුවෙන් මාරුවටත් වාඩිඋනා. ඒත් සමහර අය වාඩි වෙලා ටික වෙලාවක් යද්දි හොදට නිදාගත්ත හින්ද ගොඩක් අයට සිද්ද උනේ හිටගෙන එන්න. ඒක හින්ද අය ආවෙ ට්රිප් එක එපා වෙලා. ගෙදරින් අවසර අරන් හෙන සතුටින් මාත් ගියත් එනකොට නම් මටත් හොදටම මහන්සියි. 

මේ සිද්දිය වෙන්නෙත් ස්කෝලෙන් ගිය ට්රිප් එකකදිම තමයි. අපි එදා ලෑස්ති උනේ මුහුදෙ ටිකක් දුර බෝට් රයිඩින් එකක් යන්න.කට්ටිය යන්න ලෑස්ති උනාට ගොඩක් අය හිටියෙ බයෙන්. ඉතින් අපි හැමෝම අපිත් එක්ක ගිය මැඩම් කෙනෙකුටත් එන්න කිව්ව. බෝට් එක පාරෙ වගේ නවත්තන්න බැරි හින්ද මැඩම්ට බෝට් එකට නගින්න ලේසි උනේ නෑ. එයා අඩිය උස්සල තියන්න යද්දි බෝට් එක තව ටිකක් එහාට යනව. වෙලාවෙ අපි ඔක්කොමම බෝට් එකට නැගල හිටියෙ. අපි මැඩම්ට උදව් කලත් එයාට නගින එක ලේසි උනේ නෑ. ඉතින් ඔහොම ටිකක් බලල මැඩම් කිව්ව අපිට යන්න එයා ඉන්නම් කියල. ඒත් අපෙ කවුරුත් කැමති උනේ නෑ මැඩම්ව දාල යන්න. ඉතින් කීප දෙනෙක්ම බහින්න ලෑස්ති වෙද්දි මැඩම් බඩ ගාගෙන වගේ යන්තන් නැගගත්ත.ආයෙ බහිද්දිත් ලොකු සටනක් දීල තමයි බැස්සෙ.ඉතින් ඔක්කොමල නැගල මුහුදෙ පැද්දි පැද්දි යනකොට අපේ එක යාළුවෙක්ට ටිකක් කලන්තෙ හැදුන. අපේ තව එවුන් ටිකක් හැම දේම ෆොටෝ ගන්නව. මමත් කැමරාවක් ගෙනිච්චා. අපි එදා කොරල් පර දැක්ක. ඒවයෙ ඉවක් බවක් නැතුව ෆොටෝස් ගන්නකොට බෝට් එක ගෙනිච්ච අයිය කිව්වෙ ගත්තට වැඩක් නෑ එතන බලන වීඩුරුවෙන් එහාට මොකුත් වදින්නෙ නෑ කියල.

එයා එහෙම කිව්වත් අපි ෆොටොස් ගත්තට පස්සෙ බලද්දි තමයි දැක්කෙ කොරල්පර නෑ කියල.ඉතින් කාලෙ තිබුනෙ රීල් එකක් දාල සීමිත ප්රමානයක් ෆොටෝස් ගන්න පුලුවන් කැමරානෙ. මගෙ කැමරාවෙ රීල් එකෙන් භාගයක්ම නාස්ති වෙලා තිබුන කොරල්පර ගන්න ගිහින්. එක්කම මට ඕනෙ උනා අපි මුහුදෙ යන ෆොටෝ එකකුත් ගන්න. කාලෙ සෙල්ෆි ගත්තෙ නැති හින්ද මගෙ ඉස්සරහින් හිටපු යාළුවට මන් කැමරාව දුන්න අපි කට්ටියගෙ ෆොටෝ එකක් ගන්න.පොර ෆොටෝස් කීපයක්ම ගත්ත.පස්සෙ බලද්දි අපේ මූනෙ ඇගේ කොටස් කොටස් තමයි මුහුදත් එක්ක වැදිල තිබ්බෙ.පස්සෙ අපි ස්කෝලෙ ගිහින් එයාගෙන් අහද්දි කිව්වෙ එයාට වෙලාවෙ ඔලුව කැරකුනා කියල.කොහොමහරි කොරල්පර වලවත් අපි බෝට්ටුවේ යන ෆොටෝස්වත් අන්තිමට තිබුනෙ නෑ. ඉතින් ඔය ගමන අමතක නොවෙන එකක් හින්ද හික්කඩුව පැත්තට යන හැමවෙලේම අපි බෝට් එකේ ගිය අයගෙ තැන බලාගෙන යන්න අමතක කලේ නෑ. පස්සෙ කාලෙක ලන්කාවට ආව සුනාමියෙන් පලාත් ගොඩක් විනාශ උනා. ඊට පස්සෙ අපි යද්දි මන් එයාලගෙ බෝට් සර්විස් එකෙ නමවත් දැක්කෙ නෑ. ලන්කාවට ආව සුනාමියත් අමතක නොවෙන අමිහිරි සිදුවීමක්.

එක පාරක් මන් අපේ ෆොටොග්රැෆි ක්ලාස් එකෙන් ගිය ට්රිප් එක යන්න ලෑස්ති වෙනකොට අපේ තාත්ත වගේම ආච්චි අම්මත් නරක හීන දැකල තිබුන. ගමනට වැඩිය කැමත්තක් තිබුනෙම නෑ. මොකද හැම අහුමුල්ලකම රින්ගල ෆොටෝස් ගන්න යයි කියල. දෙන්නම කිව්වත් මන් ට්රිප් එක ගියා මළත් කමක් නෑ කියල හිතල.

ඊට අමතරව මන් ට්රිප්ස් ගියෙ මගෙ කසින්ස්ල එක්ක. එක පාරක් අපි ගියා 'ලෝකාන්තය' බලන්න. ඔය ගොල්ලො දන්නව එතන මීදුමෙන් වැහුන සමහර වෙලාවල කීප දෙනෙක්ම පහලට වැටිල මැරිල තියෙනව. ඉතින් ඔය ගමනට අපෙ ගෙදර අය එපා නොකිව්වත් අර තැන්ට යන එකට පුදුම බයකින් හිටියෙ. මට කිව්වෙ මීටර් ගානක් දුරින් ඉන්න කියල. එතනින් එනකොටම ගෙදරට කෝල් කරන්න කියලත් කිව්ව. කොහොමත් මන් උස් තැන්වල හිටගෙන ඉන්න බය හින්ද මන් කොහොමත් ඈතින් හිටියෙ. ඒත් එතෙන්ට ෆෝන් සිග්නල් තිබ්බෙ නැති හින්ද කෝල් කරන්න ලැබුනෙත් නෑ. පස්සෙ සිග්නල් ආවම දැක්කෙ මිස් කෝල්ස් ඇලර්ට්ස් ගොඩ. ඉතින් එදා ගමන යද්දි අපේ කට්ටියක් යන්න බෑ කිව්ව. ඒත් බහුතරයට ඕනෙ උනේ යන්න. අපි ගිය වෑන් එකේ ඩ්රයිවර් කිව්වෙත් වාහනේ තව එහාට ගන්න බෑ පාරෙ තත්වෙ අනුව කියල. ඒත් යන්න ඕනෙමයි කිව්ව අපි කට්ටිය හිතුවෙ වැඩිපුර කිලෝමීටර් ගානක් හරි පයින් යන්න. ඒත් ඒකට අපේ වැඩිහිටියො අකැමැති උන හින්ද වාහනෙන් යන්න පුලුවන් උපරිම දුර ගියා. එහෙම ගිහින් ආපහු එද්දි තමයි කට්ටියට පන ගිහින් හිටියෙ. මන් කිව්වෙ තව අවුරුදු දෙකකටවත් කොහෙවත් ඇවිදින්නෙ නෑ කියල. තව වැඩිපුරත් දුරක් පයින් ගියානම් කොහොම වෙයිද කියල හිතුනෙ එවෙලෙ තමයි.


ස්කෝලෙන් ගිය ට්රිප්ස් වැඩිය නැති හින්ද මට ස්කෝලෙ ට්රිප්ස් ගැන කියන්න ගොඩක් දේවල් නෑ. ඊට පස්සෙ ජොබ් එක කරන කාලෙ ගිය ට්රිප්ස් ගැන නම් කියන්න දේවල් ටිකක් තියෙනව. මේ කාලෙදි උනත් ගෙදරින් යන්න එපා කියල ලොකු බලපෑමක් නොකලත් එපා කියන එක නොකියා කිව්ව කිව්වොත් හරි. අපි මොන වයසෙ හිටියත් වෙන අය එක්ක ට්රිප්ස් යනවට තිබ්බෙ පුදුම බයක්. ඔෆිස් එකේ අයත් එක්ක පොඩි පොඩි ඉවෙන්ට්ස් වලට නම් ගියා. ඒව පැය දෙකේ තුනේ දේවල් හින්ද ඒවට යන එක නම් ප්රශ්නයක් උනේ නෑ. යද්දිත් උපදෙස් දාහක් විතර දෙනව. අපේ තාත්ත දවස්වල කිව්වෙම බොන ඩ්රින්ක්ස් ගැන පරිස්සම් වෙන්න කියල. මොකද සමහර අය හිටිය සොෆ්ට් ඩ්රින්ක්ස් වලට ඇල්කොහොල් කලවම් කරල ගෑනු ළමයින්ට බොන්න දීපු. කොහොම උනත් වගේ කවුරුවත්ම අපි අය අතර හිටියෙ නෑ.

එහෙම ගිය එක අවුටින් එකක් තිබ්බෙ බීච් එකක. ඒක අවුරුද්දෙ අන්තිම තිබුන බීච් පාටි එකක්. මන් කවදාවත් එහෙම පාර්ටි එකකට වෙද්දි ගිහින් තිබුන නැති හින්ද මමයි යාළුවොයි පුදුම ආසාවකින් ලෑස්ති උනේ.ඉතින් අපේ අය එතන ඉවෙන්ට්ස් ගොඩක් ලෑස්ති කරල තිබුන. ඩ්රින්ක්ස් ගන්න අයට අවස්තාව වෙනම තිබුන. ඒක හින්ද ගොඩක් ඉවෙන්ට්ස් වලට හිටියෙ ගෑනු ටිකයි වයිෆ්ල එක්ක ඇවිත් හිටිය පිරිමි කට්ටිය තමයි. ඔය අතරෙ තව කට්ටිය ඩ්රින්ක්ස් අරන් යන එන ගමන් සමහර ගේම්ස් වලට ආව. උන් බිබීම පැත්තකට වෙලා හිටියනම් කියල හිතුනෙ එතකොට තමයි. එක ගෲප් ඇක්ටිවිටි එකක් කරද්දි මන් හිටපු ගෲප් එකෙත් වගෙ කෙනෙක් හිටිය. පොරට බොන එකයි ගේම් එකට ඉන්න එකයි දෙකම ඕනෙ උනා.ඉතින් ඇක්ටිවිටි එක උනේ පස්ල් එකක් විසදන එක. මමයි මගෙ යාළුවයි වැඩේට බැහැල ඉන්නකොට කොල්ල එතෙන්ට ආවෙ එක අතක බියර් එකකුයි අනික් අතේ සිගරට් එකකුයි අරගෙන. පොර සිගරට් එක තියන් හිටපු අතින් තමයි පස්ල් එක විසදන්න උදව් කලේ. ඉතින් වෙලාව මමයි මගෙ යාළුවයි සිගරට් බිව්ව වගේ තමයි. අපි කීප පාරක් කිව්වත් පොර ගනන් ගත්තෙ නෑ.

ඉතින් ඔය වගේ ගේම්ස් කීපයක් ඉවර වෙනකොට අපි ලගිනුත් සිගරට් ගද ආව. පස්සෙ හිටියෙ එතනින් යන්නෙ කීයටද කියල හිත හිත. මොකද ට්රන්ස්පෝට් ලෑස්ති කරල තිබුනෙ රෑ වෙලා. ඊට පස්සෙ හොදම වැඩේ උනේ යන්න ලෑස්ති වෙනකොට. බීපු එක්කෙනෙකුට වැඩි වෙලා වමනෙ දානව. අපේ එක කෙල්ලෙක් ඒක වීඩියෝ කරන්න ගිහින් අරූට තද වෙලා මෙයාගෙ පැත්තට වමනෙ කරල. මෙයාගෙ ඇගෙයි ෆෝන් එකෙයි පුරාම වමනෙ. පස්සෙ වමනෙ කොල්ලත් ආවෙ අපි ගිය වෑන් එකේමයි. මුලු පලාතම වමනෙ ගදයි.අපේ ඇගෙනුත් වමනෙ ගදක් එනව වගේ දැනුනෙ. කොහොමහරි ගිය ගමන් මහ රෑ කියල බැලුවෙ නෑ නෑව. ඒක තමයි මගෙ පළවෙනි සහ අන්තිම බීච් පාර්ටි එක.

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...