Wednesday, 26 December 2018

14. බස් -කොටස් -01














මීලගට මන් ලියන්න හිතුවෙ බස් සිද්දි ටිකක්. ලොකු කාලයක් බස් වල එහෙට මෙහෙට ගිය හින්ද ටිකක් කිව්වට කතා ගොඩක් තියෙයි මන් හිතන්නෙ. ලියද්දි තමයි මතක් වෙන්නෙ. ඒක නිසා බලමු එක කොටසකින් ලියන්වද නැත්නම් කොටස් දෙකක්ට ගන්නවද කියල.

ගොඩක් පොඩිම කාලෙ බස් එකකදි මට මතක තියෙන දෙයක් උනේ මෙන්නෙ මේ සිද්දිය. ඇත්තම කිව්වොත් මගෙ මේ වැඩේ හින්ද කීප දෙනෙක්ම හරිම අපහසුතාවයට පත් උනා. ඒත් උනේ හොද වැඩක් තමයි. ඉතින් දවසක් මමයි අම්මයි ගමනක් යන්න පිටත් උනේ බස් එකෙන්. කොහෙද ගියෙ කියල මට මතම නෑ. කොහොමහරි එදා බස් එක බස් ස්ටෑන්ඩ් එකේ නවත්තල තියෙද්දි අපි දෙන්න ගිහින් නැගල වාඩි උනා. අපි හිටිය සීට් එකට එහායින් තරුණ පිරිමි දෙන්නෙක් හිටියෙ. ඉතින් ටිකකින් මේ දෙන්න සිගරට් බොන්න පටන් ගත්ත. එතන තව අය කීප දෙනෙකුත් හිටිය. රජයේ බස් වල නෝටිස් එකක් දාල තියෙනව 'සිගරට් බීම තහනම්' කියල. ඉතින් මේ බස් එකෙත් රතු අකුරෙන් එහෙම ලියල තියෙනව මන් දැක්ක. මේක මන් දැක්කම මට හිතා ගන්න බැරි උනා ඇයි මේ දෙන්න සිගරට් බොන්නෙ කියල. පස්සෙ මන් අම්මගෙන් ඇහුව 'අම්මෙ ඇයි මේ දෙන්න සිගරට් බොන්නෙ. බස් එකේදි බොන්න එපා කියල ලියල තියෙනවනෙ' කියල. පොඩි කාලෙ දන්නවනෙ ඉතින් කටේ සද්දෙ පොඩි නෑනෙ.

ඉතින් මන් කියපු දේ සිගරට් බිබී හිටපු දෙන්නටයි අනික් ඔක්කොටමයි ඇහුන. අය අතරින් වැඩියෙන්ම අපහසුතාවයට පත් උනේ අපේ අම්ම. අම්ම මොකක්ද කියල මාව ශේප් කරන්න හැදුවත් මන් තව කීප සැරයක්ම දේ අම්මගෙන් ඇහුවෙ එයාගෙන් හරි උත්තරයක් ලැබුනෙ නැති හින්ද.ඒත් එක්කම අර සිගරට් ජෝඩුව බිබී හිටපු සිගරට් ජනේලෙන් විසි කලා. දැන් මට හිතාගන්න පුලුවන් උන් දෙන්නට මොන වගේ හැගීමක් ඇති උනාද කියල.ඊට පස්සෙ වෙච්ච ලැජ්ජාවට දෙන්න බස් එකෙන් බැහල යන්න ගියා. එහෙම නැත්නම් වෙන තැනකට යන්න ඇති සිගරට් බොන්න. පස්සෙ අම්ම දවස්වල හැමෝම එක්ක වගේ ඔය කතාව හිනා වෙවී කිව්ව.

ඉතින් දවස්වල කලාතුරකින් තමයි බස් එකක ගියෙ. මොකද ස්කොලෙට තිබ්බෙ පයින් යන දුරක් හින්ද. ඒක හින්ද බස් වල රටකජු කකා ස්කොලේ යන ළමයි දැක්කම මට හිතුනෙ මටත් බස් එකක ස්කෝලෙ යන්න තිබ්බ නම් කොච්චර හොදයිද කියල. ඉතින් මගෙ මේ සිහිනය සැබෑ උනේ හත වසරෙ ඉන්නකොට. හැබයි ස්කොලෙට තිබුනෙ කිලෝමීටර් දෙකක වගේ දුරක හින්ද විදිහට කකා බිබී යන්න නම් ලැබුනෙ නෑ. වගේම මන් හිතපු තරම් ගමන සුන්දර උනේ නෑ දවස්වල. ඉතින් ඔය වැඩේ උනේ ස්කෝලෙ ඇරිල එනකොට. කොහොමහරි ස්කෝලෙ ලගින් මන් නැගල ඉන්නකොට බස් එක නතර කරල තිබුනෙ තව කට්ටියව පටවගෙන යන්න. ලන්කාවෙ බස් එහෙම තමයි. වෙන රටවල වගේ සීට් ගානට නෙවෙයි මිනිස්සු ගන්නෙ. ගන්න පුලුවන් උපරිමයෙන් පටව ගන්නව. ඉතින් ඔහොම විනාඩි කීපයක් ඉන්නකොට ලොකු සෙනගක් බස් එක ඇතුලට නැග්ග. මොහොතින් මොහොත මට දැනුනෙ මගෙ හුස්ම හිර වෙන්න යනව කියලයි. සෙනග වැඩි වෙනකොට මාව මැරෙන්නම ගියා. ඉතින් මන් කලෙ බස් හෝල්ට් දෙකක් විතර ගිහින් නවත්තද්දි දඩි බිඩි ගාල බැහැපු එකයි. දවස්වල මන් ස්කොලෙට වගේම පලාතටත් අලුත්. ඉතින් මන් බහින්ව දැකපු මගෙ යාළුවෙකුත් එක්කම බැස්ස හින්ද ප්රශ්නයක් උනේ නෑ. ඊට පස්සෙ මන් ගියෙම සෙනග අඩු බස් වල. කොච්චර වෙලා ගියත් මන් බලන් හිටියෙ සෙනග අඩු බස් එකක් එනකන්. ඒක නිසා ගෙදර ඉදල පොඩි දුරක් තිබුනත් යන්න එන්න වෙලාවක් ගියා. යාළුවො මොනව කියල හිනා උනත් මගෙ පුරුද්ද වෙනස් උනේ නෑ. මට දවස්වල ලොකු බයක් තිබුන බහින්න බැරි වෙයි කියල. පුරුද්ද තවමත් තියෙනව. අදටත් සෙනග වැඩි බස් එකක යන්න මන් කැමති නෑ කොච්චර හදිසි දේකට ගියත්.

ඉතින් ඔය විදිහට ටික කාලයක් යද්දි වැඩේට පුරුදු උනා. යාළුවොත් එක්ක හිනා වෙවී යන්න එන්න පුලුවන් උනා. දවස්වල අපි අමතර පන්ති ගියා සෙනසුරදා ඉරිද. පන්ති පොත් ටික අතට අරන් තමයි ගොඩක් ළමයි ගියෙ. ඉතින් මාත් ආස උනේ පොත් ටික අතේ අරන් යන්න. වැඩේට අපේ ගෙදර අය කැමති උනේම නැත්තෙ බස් එකෙන් වැටෙන්න පුලුවන් එහෙම ගියාම කියල. ඒත් මන් ගියෙ පොත් ටික අතේ අරගෙන තමයි. එහෙම ගිය දවසක ගහපු බ්රේක් පාරකට බස් එක ඇතුලෙ වැටුනේ අම්මයි තාත්තවයි සිහි වෙලා. සීරිම් තුවාල කීපයක් සිද්ද උනා. ඊට පස්සෙ බෑග් එකක පොත් ටික දාගෙන තමයි පන්ති ගියෙ.  'ඇනටනොව්' වගේ නමක් තියෙන ප්ලේන් එකක් දවස්වල කඩා වැටිල තිබුන. ඉතින් අපේ මගේ යාළුවො ටික මන් වැටුන හැටි අනික් අයට පැහැදිලි කලේ 'ඇනටනොව්' යානය කඩා වැටුන වගෙයි කියල. ටික කාලයක් යනකන් කට්ටියට හිනා වෙන්න හොද මාතෘකාවක් උනා.

අනික වැඩේ උනේ ස්කොලෙ ඇරිල එනකොට බස් එකෙන් බහින්න යද්දි. අපේ ගෑණු, පිරිමි ළමයි කට්ටියම ඉන්න ස්කෝලයක්නෙ. ඉතින් ස්කෝලෙ ඇරිල ආපහු එන බස් එක යක් පිටියක් වගෙයි. කොන්දොස්තරට යකා වැහෙනව ඒව දැක්කම. ප්රෙශර් වගේ ලෙඩක් තිබුනනම් දවස්වල මනුස්සය මැරිල ගිහින්. ඉතින් අපේ ගේ ලග හෝල්ට් එකෙන් බහින්න මන් බෙල් එක ගැහුවට පස්සෙ අපේ එවුන්ගෙ පුරුද්දක් තිබුන දෙතුන් පාරක් බෙල් එක ගහන්න. ඉතින් ඩ්රයිවර් හිතන්නෙ කොල්ලො කොලොප්පමට බෙල් කරනව කියල එතන හෝල්ට් එකේ නවත්තන්නෙ නැතුව යන එක. ඒකෙන් මට උනේ හෝල්ට් එකක දුරක් පයින් එන එක. ඉතින් සගයො ටික බස් එකේ ඉන්න දවසට මට ටික දුරක් පයින් එන්න සිද්ද උනා.

අනික් සිද්දිය උනේ අපේ ස්කූල් බස් එකදී. සාමාන්යෙන් මන් ඔය බස් එකේ යන්නෙ නෑ. මොකද සෙනග වැඩි හින්ද. ඒත් එදා කට්ටිය අඩු උන දවසක මන් ඔය බස් එකේ ගෙදර එන්න ආව. දවස්වල අපේ ස්කෝලෙ හිටිය කපල් එකක්. දෙන්නගෙ ලව් එක හරිම ෆේමස්. මේ දෙන්නත් දවස්වල යන්නෙ එන්නෙ බස් එකේ. ඉතින් ළමයි ගොඩේ මැදට වෙන්න වගේ තමයි මේ දෙන්න හිටියෙ. බලන්නෙ නෑ වගේ පෙන්නුවට හැමෝම හිටියෙ දෙන්නගෙ වැඩ වලට රබර් ඇහැ දාගෙන.මාත් නොබලා බලමින් හිටියෙ.බස් එක ගහපු බ්රේක් පාරකට කට්ටියම ඉස්සරහට විසිවෙලා ආපහු එද්දි අය්ය අක්කට පොඩි කිස් එකක් කම්මුලට දුන්න. මන් දුටු සැනින්ම වෙන අතක් බලා ගත්ත.පහුවද කට්ටියගෙ ප්රධානම කතාව උනේ බස් එකේ කිස් එක තමයි. පස්සෙ කාලෙක අක්ක අපි ගිය ඔෆිස් වෑන් එකක ආව ගියා. එයාව දකින ගොඩක් වෙලාවට මට මතක් උනේ බස් එකේ කිස් එක.

පස්සෙ කාලෙක බස් එක අපිට ගොඩක් හොද තැනක් උනේ ලෙවෙල්ස් කරන්න වෙන ස්කෝලෙකට යද්දි. ගෙදර ඉදල කිලෝමීටර් විසි පහක් වගේ තිබුන නිසා ඒකෙ පැයක වගේ ගමනක් උනා.මේ අවස්තාව මට උදා උනේ සති අන්තෙ පන්ති වලට යද්දි විතරයි. අනික් දවස් පහ ගියෙ ස්කූල් වෑන් එකක නිසා. ඒත් හවස පන්ති ඉදල එනකොට ආවෙ බස් එකේ. යාළුවො කට්ටිය එක්ක එන යන ගමන හරිම විනෝදයි. බස් එකේ යන අනික් අය මොනව හිතුවත් අපි හොදට හිනා උන එක තමයි කලේ. ස්කෝලෙ ටීචර් කෙනෙක් හිටියොත් තමයි හිනා නොවී තමන්ගෙ පාඩුවේ ගියෙ. දවස්වල අපිට පැය ගානක් හිනා වෙන්න ලොකු හේතුවක් තියෙන්නෙ ඕනෙ උනේ නෑ. පොඩි පොඩි දේවල් වලට හිනා උන විදිහ දැන් නම් හිතා ගන්න බෑ. පරණ දේවල් මතක් කර කර හිනා උනා. එහෙමත් නැත්නම් බස් එකේ ඉන්න මනුස්සයෙකු මොකක් හරි දේකට හිනා උනා. එහෙම හිනා වෙද්දි ගොඩක් මිනිස්සු හිටියෙ මොකුත් කියන්න බැරි කමට. කලාතුරකින් කෙනෙකුට අපේ වැඩ වලට හිනා ගියා.

අපේ පිස්සො කට්ටියගෙන් අන්තිමට බහින්නෙ මන්. ඉතින් ඔය කට්ටිය බැස්සම කිලෝමීටර් පහක් විතර මට තනියෙන් එන්න වෙන්නෙ. දවසක් ඔය විදිහට අපි කට්ටිය හිනා වෙවී ඉදල බැහැල ගියහම බස් එකේ මට එහා පැත්තෙ ඉදන් හිටපු කොල්ල කිව්ව "දැනුත් හිනා වෙවී යන්නකො" කියල. ඉතින් වෙලාවෙ මට හයියෙන් හිනා යන්න ආවත් පොඩි හිනාවක් දැම්ම. අපි ලෙවෙල විභාගෙට යද්දිත් සාමන්ය ඔය විදිහට තමයි ගියේ. තාත්තා පලවෙනි දවසෙ මාව එක්කගෙන ගියා. ඊට පස්සෙ යාළුවොත් එක්ක බස් එකේ ගියෙ. ඉතින් ඔහොම හිනා වෙවී යද්දි එතන හිටපු මිනිස්සු දෙන්නෙක් කිව්ව "විභාගෙ ප්රශ්න පත්තරේ දැකල අඩන්න වෙයි" කියල.

මේ ලගදි දවසක කොළඹ ඉදල ගෙදර එද්දි ස්කෝලෙක ළමයි ගොඩක් බස් එකට නැග්ග. උනුත් පිස්සු නට නට ආවෙ. ඒ කාලෙ අපි වගේම පොඩි පොඩි දේවල් වලට මැරෙනකන් හිනා වෙවී ආව.උන් උන්ව අල්ලගෙන හිටගෙන හිටපු හින්ද බ්‍රේක් පාරක් ගැහුවම කට්ටියම ඉස්සරහටයි පස්සටයි යනව. ඒක බලන් හිටියම අපිට හිනා යන්ව. ඒ මොනව උනත් මට උන් ගැන මොකුත් තරහක් හිතුනෙ නැත්තෙ මට ඒ කාලෙ අපිව මතක් වෙලා. බස් එකේ අයත් මොකුත්ම කිව්වෙ නෑ උන් පැය ගානක් හිනා වෙවී ආවත්. එතකොට මට හිතුනෙ හැමෝටම මේ වගේ අතීතයක් තියෙනව කියල.උන්ට පේන්න හිනා නොවුනත් සමහර දේවලට මට හිතෙන් හිනා.ඒ කාලෙ අපි දිහා බලපු මිනිස්සුත් අද මන් වගේ එහෙම හිනා වෙන්න ඇති කියල මට හිතුන. මොනව උනත් උන්ගෙ වැඩ බලන් ඉන්න එක ජොලි වැඩක් උනා.

බස් කථා තව ගොඩක් තියෙන හින්ද මන් හිතුව ඒකෙ තව කොටසකින් ලිව්වොත් හොදයි කියල.

Tuesday, 18 December 2018

13. සුරතල් මසුන්












පොඩි කාලෙ තිබුන තව පොඩි ආසාවක් තමයි මාළු ඇතිකරන එක. කොහොමහරි මාළු ටැන්කියක් ගේන්න ඕනෙ කියල හිතුවත් අපේ ගෙදර අය ඒකට කැමති උනේම නෑ. මාළු හැදුව වගෙයි නෙවෙයි ඊට පස්සෙ ටැන්කිය සුද්ද කරන්න ඕනෙ, පූසගෙන් පරිස්සන් කරන්න ඕනෙ වගේ තව අමතර රාජකාරි ටිකක් මතු උනා. ඒත් මන් එක හෙලාම කිව්වෙ සාරි ගප්පි ටිකක් හරි පොඩි මුට්ටියකට දාලවත් මට ඕනෙ කියල. ඉතින් මන් කොච්චර ඉල්ලීම් කලත් වැඩේ හරි ගියෙම නෑ. ඒගොල්ලො හිටියෙ බෑ කියන මතේම තමයි.

ඒත් කොහොමහරි මන් හිතුව පාට පාට ගප්පි ටිකක් හරි හදන්න ඕනෙ කියල. ඒක නිසා මන් මගේ අදහස ස්කෝලෙ යාලුවෙකුටත් කිව්වම එයා කිව්වෙ එයාට ගප්පි ටිකක් ගෙනත් දෙන්න පුලුවන් කියල. වැඩේට මට හරිම සතුටුයි. ඉතින් එදා ගෙදර ඇවිත් මුලින්ම කලේ පහුවදාට හම්බෙන මාළු ටික දාන්න භාජනයක් හොයපු එකයි. කොහොමහරි පොඩි මුට්ටියක් තමයි හොයගන්න පුලුවන් උනේ. මොකද අනික් ඒව දෙන්න අම්ම කැමති උනේ නෑ. ඉතින් මන් කියපු යාලුව හිටියෙ ස්කොලේ ලගමයි. ස්කොලෙ ඇරිල ගෙදර ගිහින් එයා මාළු ටික අරන් එන්නම් කිව්ව. මන් ඉතින් එදා ස්කෝලෙ ඇරිල එයා එනකන් හිටිය. ටිකකින් මගෙ ගප්පි පැටවු ටිකත් අරන් ෆ්රෙන්ඩා ආවෙ උන් ටික පොඩි පොලිතින් උරේකට දාගෙන. එහෙ මෙහෙ පීනන පාට පාට පොඩි සාරි ගප්පි ටික දැක්කම මට සන්තෝසෙ ඉහිලුම් නෑ. හරිම සතුටුයි. මොකද කාලයක් තිස්සෙ හිතන් හිටපු වැඩේනෙ.

ඉතින් එදා ගෙදර එන්න බස් එක තෝරගන්න තව වෙලා ගියෙ සෙනග අඩු බස් එකක් හොය හොය හිටපු හින්ද. ඇයි ඉතින් පරිස්සමට ගෙදර ගෙනියන්නත් එපායැ. කොහොම කොහොම හරි මගෙ සිහිනය සැබෑඋනා. කිසිම අතුරු අන්තරාවකින් තොරව කට්ටියව ගෙදර අරන් ආව. ආව ගමන් කලේ බොහොම පරිස්සම්ට උන් ටිකව ලෑස්ති කරපු මුට්ටියට දාන එකයි. මගෙ යාළුව හයිඩ්රිල්ල ගස් ටිකකුත් දාලයි තිබ්බෙ. ඉතින් ඔය සේරම වතුර මුට්ටියට දැම්මම හරිම වර්ණවත්. රතු, කොල, කලු, තැබිලි කහ වගේ පාට ගොඩක් තිබුන. ඒත් ඉතින් අවුල් කීපයක්ම තිබුන. එකක් මාළු ටික ඉන්නෙ මුට්ටියක් ඇතුලෙ. පිටින් බැලුවට උන් පීනන හැටි පේන්නෙ නෑ. උන්ගෙ හැඩ බලන්න ඒකෙ කොහෙත්ම හොද ක්රමයක් නෙවෙයි. අනිත් එක උන් මුට්ටියක ඉන්න එක මගෙ හිතට හරි මදි. මොකද උන් ලොකු ටැන්කියක ඉදලයි ආවෙ. මන් ලගට ඇවිත් උන්ට සැප පහසුකම් මදි උනා කියන එක හිතෙන්න ගත්ත. ඒත් ඉතින් අද හෙට ටැන්කියක් ලැබෙන පාටක් නෑ. මොකද කවුරුත් කැමති උනේ නෑනෙ මේ වැඩේට.

කොහොම නමුත් මගෙ අදහස මෙහෙම හරි ගොඩ ගිය එක ගැන මට හරි සතුටුයි. උදේ නැගිට්ට ගමන්මයි, ස්කොලෙ ඇරිල ආව ගමන්මයි රෑ නිදා ගන්න කලිනුයි මගෙ ප්රධාන වැඩේ උනේ මාළුන්ගෙ තත්ත්වෙ බලන එකයි. යාළුවත් හැමදාම වගේ ඇහුව කට්ටිය ගැන. උන්ට කෑම බීම දෙන හැටි ගැන කිව්වෙත් එයා තමයි. ඉතින් ඔහොම දවසක මන් දැක්කෙ ගප්පි කීප දෙනෙක් මැරිල උඩ පා වෙවී ඉන්න හැටි. ඉතින් මොන වැරැද්දක් හින්ද මෙහෙම උනාද කියල මට හිතා ගන්න බැරි උනත් හිතට ලොකු දුකක් දැනුන. ගෙදර අය කිව්වෙ උන් ඉන්න තැන් හරි නෑ. මුට්ටියේ ප්රශ්ණයක් හින්ද මෙහෙම උනා වෙන්න පුලුවන් කියලයි. පස්සෙ මගෙ යාළුව කිව්වෙ ලුණු කැට කීපයක් දාන්න කියල. එහෙම කලත් ආයෙ දවස් කීපෙකෙට පස්සෙ මන් දැක්කෙ තව කීප දෙනෙක් මැරිල ඉන්නව. එහෙමම විසි කරන්න දුක හින්ද මිදුලෙ පොඩි වලක් කපල උන්ව වල දැම්ම.

ඉතින් මේකෙන් පස්සෙ මන් දිගින් දිගට ඉල්ලුවෙ ඉතුරු වෙලා ඉන්න ටිකව දාන්න මාළු ටැන්කියක් ගෙනත් දෙන්න කියල.කොහොමහරි ඊට පස්සෙ තාත්ත මට පොඩි මාළු ටැන්කියක් ගෙනත් දුන්න. දවසක් තිස්සෙ හෝදල හෝදල වතුර දාල ලුණු දාල තියල ටැන්කිය ලෑස්ති කලා. දැන් ප්රශ්නෙත් ඉවරයි. පොඩි සාරි ගප්පි ටික වෙනදට වඩා සතුටෙන් ඉන්නව කියල මට හිතුන. දැන් ඉතුරු වෙලා ඉන්නෙ පොඩ්ඩක් හින්ද මන් ආයෙමත් යාළුවගෙන් ඇහුව තව ගප්පි කීප දෙනෙක් දෙන්න පුලුවන්ද කියල. එය ඒකට කැමති උනා. මාළු මැරුන එක ගැන එයත් දුක් උනා. ටැන්කිය තියෙන නිසා ආයෙ එහෙම වෙන එකක් නෑ කියල තමයි එයත් කිව්වෙ.ඉතින් මේ පාර මගෙ යාළුව ඇහුව එයාලගෙ ගෙදර ඇවිත් ගෙනියන්න පුලුවන්ද කියල. ස්කොලේ ලගම වගේ හින්ද මාත් කැමති උනා. හැබැයි ගෙදරට නොකිය තමයි යන්න ලෑස්ති උනේ.

එදා ස්කොලේ ඇරිල තමයි මන් එයත් එක්ක මාළු ටික අරන් එන්න ගියෙ. පරක්කු උනොත් ගෙදරින් හොයන හින්ද අපි ස්කොලේ ලග ඉදන්ම දිව්ව. පුලුවන් තරම හයියෙන් දිව්ව. ලොකු බෑග් එකයි බෝතලෙයි නැත්නම් හොදයි කියලයි හිතුනෙ. ඉතින් ඔහොම ටිකක් දුර දුවද්දි තාර පාර අයිනෙම මන් ඇදන් වැටුනෙ එතන තිබුන දෙයක කකුල හැප්පිලා. නැගිටිද්දි අත් දෙකයි කකුල් දෙකයි තුවාල වෙලා ලේ එනව. බය වැඩි කමට මට ඇඩුනෙත් නෑ. එතන ලග ගෙදර හිටපු ලමයෙකුයි එයාගෙ අම්ම කියල හිතන්න පුලුවන් කෙනෙකුයි දුවල ඇවිත් බැලුවෙ මොකද උනේ කියල වෙලාවෙම අය මට බෙහෙත් දාන්න හැදුවෙ අත පය හතරම තුවාල වෙලා ගවුමත් ඉරිල ඉන්න හැටි දැකල වෙන්න ඇති. ඒත් මට බෙහෙත් දාන්න බය හිතුන. ඒක නිසා ගොල්ලො පුළුන් දුන්න තුවාල වලින් තියා ගන්න කියල. ඔය ඔක්කොම අස්සෙ මගෙ යාළුවත් හොදටම බය වෙලා හිටියෙ. එයා කිව්ව මට බස් එකක් එනකන් එයා ඉන්නම් කියල. අතර අපි දැක්ක මගෙ යාළුවගෙ අම්ම අපි ඉන්න පැත්තට එනව මෙයා ගෙදර එන්න පරක්කු උන හින්ද.

පරක්කු වෙන හින්ද දිව්වට දැනටමත් පැයක් වගේ ගෙවිල ගිහින්. ගෙදර ගියාම මොනව වෙයිද කියල හිත් හිත තුවාල වලට පුලුනුත් අලවන් ගෙදර යන්න පිටත් උනා. ගවුමත් ඉරාගෙන අත පය තුවාල කරන් ආපු මාව දැක්කම අම්ම බය උනා. මන් කිව්ව හවස පිට්ටනියෙ සෙල්ලම් කරද්දි වැටුන කියල. ඊට පස්සෙ තමයි මන් කරන්න බයෙන්ම හිටපු වැඩේට අම්ම ලෑස්ති උනේ. මන් අලවපු පුලුන් ලේත් එක්කම තුවාලෙට ඇලිල. කවුද දන්නෙ එහෙම වෙයි කියල. ඉතින් අම්ම ඒවා ගලවද්දි මට දෙය්යො සිහිඋනා. මර හඩ තියල කෑගහල අඩද්දි ලග ගෙදරක හිටපු ආච්චි කෙනෙකුත් ඇවිත් බැලුව. මනුස්සයටත් එවෙලෙ ඇඩුන මන් අඩන හැටි දැකල.කොහොමහරි මගෙ ජීවිතේ එපා උනා තුවාල වලට බෙහෙත් දාද්දි. නාන කොට අම්ම තුවාලෙ සුද්ද කලේ මගෙ ගොන් වැඩ වලට බැන බැන. එතකොටත් මගෙ අත් කකුල් ඔක්කොම රිදුන. මට පස්සෙ හිතුනෙ ආයෙ මෙහෙම වැඩ නොකරන්නම අම්ම එහෙම කලා කියලයි.
ඉතින් අහන ඔක්කොම අයට මන් කිව්වෙ පිට්ටනියෙ වැටුන කියලයි. දවස් කීපයකට පස්සෙ නන්ගි ඇහුව "තමුසෙ බොරු නේද කියන්නෙ" කියල. පොර කියනව එයාගෙ යාළුවෙක් කිව්වලු බෙරයක් වගේ ලොකු වතුර බෝතලයක් තියෙන අක්ක කෙනෙක් එයාගෙ ගේ ලග වැටිල ඉන්නකොට එයාල තුවාල වලට තියන්න පුළුන් දුන්න කියල. එදා ගෙදර හිටපු ළමය මෙයාගෙ යාළුවෙක්. ඒකිත් මේකිගෙ යාළුවෙක් උනානෙ කියල හිත හිත මන් බැන්නෙ මන් වැටුනෙ පිට්ටනියෙ කියල. ඒත් දවස් කීපයක්ම මගෙන් ඔය ගැන අහ අහ හිටියත් මන් දිගට කිව්වෙ එකම දේ.ඔය වැඩෙන් පස්සෙ මාළු හදන වැඩේ නැවතුනා.මට ආයෙමත් හිතුනෙ නෑ මාළු අරන් එන්න. මගෙ යාළුව ගෙනත් දෙන්න ඇහුවත් මන් එපා කිව්වෙ එදා වුන දේට වෙන්න ඇති. ඉතුරු වෙලා හිටපු ගප්පි කීප දෙනත් ටික දවසකින් මැරිල ගියාම මට හිතුන ආයෙ ඕනෙ නෑ කියල.

ඉතින් ඔහොම අවුරුදු කීපයක් ගෙවෙද්දි මට ආයෙ හිතුන මාළු හදන්න. කලින් වගේ මේ පාර කවුරුත් එපා කිව්වෙ නෑ. ඉතින් කලින්ට වඩා ලොකු මාලු ටැන්කියකුයි ලස්සන මාළු වර්ග කීපෙකුයි අරන් ආවෙ සුරත්ල් මසුන් හදන තැනකින්මයි. තැන ගැන කිව්වෙත් මට ඉස්සර මාළු දුන්න යාළුව. ඉතින් එක එක වර්ග වල මාළු ගෙනත් උන් පීනන හැටි බලන එක මගෙ විනොදාන්ශෙ වෙලයි තිබුනෙ. මාළු ටැන්කිය සුද්ද පවිත් කලෙත් මන් මයි. ඒක නිසා ගෙදර අයට කරදරයක් උනේ නෑ. කොහොම උනත් තව කෙනෙක් මාළු ටැන්කිය සුද්ද කරනවට මන් කැමති උනේ නැත්තෙ තාත්ත ක්ලීන් කරපු දවසක පොඩි මාළු කීප දෙනෙක් අඩු වෙලා තිබිල. මන් හිතන්නෙ එයා අතින් උන් වතුර එක්ක අයින් වෙලා. ඒක නිසා මේ වැඩේ වෙන කෙනෙකුට නොදී මන්ම කලා. පස්සෙ ලස්සන ගල්, වතුර මෝටර් දාල ටැන්කිය හැඩ වැඩ කලා.

මේ විදිහට මාළු ටැන්කිය එක එක විදිහට හදන එක දවස්වල තිබුන එක විනොදාන්ශයක් කිව්වොත් හරි. ඉතින් දවසක් අපි හතර දෙනා අම්මයි, තාත්තයි, නන්ගියි, මමයි ගමනක් ගිය වෙලාවක කැට් ෆිශ් කෙනෙක් ගෙනාව. උන් ඉන්න පරිසරයට අනුව ලොකු වෙන මාළු වර්ගයක්. තද අළු පාටයි. බඩ මැදින් රිදී පාට ඉරක් තියෙනව. ඉතින් ඌව ගත්ත තැන ඉදල අපේ ගෙදරට කිලෝමීටර් හතලිහක් විතර තිබුන නිසා තාත්තා ඇහුවෙ වාහනේ උනත් ඌව ගේන්න අමාරුයි නේද කියල. ඒත් ලැබුන අවස්තාවේ ඌව ගෙදර ගේන්න ඕනෙ කියල මට හිතුන හින්ද අමාරු උනත් මන් බොහොම පරිස්සමට අරන් ආවා. උන් බය උනාම විනාඩි කීපයක් හොදටම දගලනව. එද්දි එහෙම කීප පාරක් උනා. ඉතින් ගෙදර ගෙනත් ටැන්කියට දැම්මට පස්සෙ හරිම සතුටුයි. නැවක් එහෙ මෙහෙ යනව වගේ පෙනුනෙ. කැට් ෆිශ් හින්ද ටැන්කිය තවත් කල එලි උනා.එයාගෙ තිබුන ලොකුම ප්රශ්නෙ තමයි සමහර වෙලාවට හොදටම දගලල දගලල එලියට පනින එක. බිමට වැටිල දගලද්දි ආපහු වතුරට දාන්න ඌව අල්ලන එක ලේසි නෑ උන්ගෙ ඇග ලිස්සන හින්ද.

ටැන්කිය අස් කරන දවසට භාරදූරම වැඩේ උනේ මෙයාව එලියට ගන්න එක තමයි. මුලින්ම පූසව කාමරේකට දාල දොර වහල තමයි වැඩේ පටන් ගන්නෙ. කොහොමත් තව කෙනෙක්ගෙ උදව් ඕනෙ වෙනව කැට් ෆිශ්ව එලියට ගන්නයි ආපහු ටැන්කියට දාන්නයි. ඉතින් ඔහොම ටික කාලයක් ඉන්න කොට මෙයා ගොඩක් ලොකු උන හින්ද අපේ ටැන්කිය මදි උනා. ඒක නිසා පස්සෙ තවත් මාළු ඉන්න ලොකු ඉඩක් තියෙන පොකුනකට දැම්ම. අපේ බාප්පගෙ ගෙදර හින්ද මට බයක් තිබුනෙ නෑ. එහෙ යද්දි බලන්න උනත් පුලුවන් නිස දුක උනත් උගේ සුබ සිද්දිය උදෙසා එහෙම කරන්න උනා. අවුරුදු දහයක් වගේ කැට් ෆිශ් ජීවත් උනා.අපි ඌට ආදරේට කිව්ව 'කැටා' කියලයි. ඉතින් එයාව එහෙම දුන්නට පස්සෙ මට මාළු හදන එක ඕනේ නෑ වගේ හිතුන. අනික් මාළු ටිකත් පොකුනටම දාල මන් ටැන්කිය අයින් කලා.



සමහරවිට ඔයාලට මතක ඇති සැමන් ටින් එකේ කවරෙට දාල ඉන්න මාළුවගෙ පින්තූරෙ. ඉතින් මට ඕක දකින් ගානෙ මතක් උනේ මගෙ කැට් ෆිශ්ව. ඒක නිසා මට සැමන් කන්න යද්දිත් මූව මතක් වෙනව. අන්තිමේදි සැමන් කන එක නැවතුනේ මේ 'කැටා' හින්දයි. වෙද්දි මන් කොහොමත් මස් කන එක නතර කරල භාගෙට වෙජිටේරියන් වෙලයි හිටියෙ.

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...