අපි
පොඩි කාලෙ නන්ගිවයි මාවයි
බලා ගන්න මට අවුරුදු
අටක් විතර වෙනකන් කවුරුහරි
ගෙදර හිටිය. ඔය අය අතර
එක එක වයස් කාණ්ඩවල
කට්ටිය හිටිය. ආච්චිල, නැන්දල, අක්කල වගේ කට්ටිය හිටිය.
මන් කලින් ලිපියක කියපු 'රේණුකා' එහෙම බලන්න හිටපු
කෙනෙක්. ඉතින් ඔය අතරෙ අපි
කැමති වගේම අකැමැති අයත්
හිටිය. අපිට අකැමති අයත්
හිටිය. වැඩියම ඉන්න ඇත්තෙ අපිට
අකැමති අය.
මේ
කියන කෙනා හින්ද අපේ
ගෙදර ලොකු වෙනස්කම් පවා
සිද්ද උනා කිව්වොත් හරි.
අපිත් පොඩි කාලෙ යක්
පැටවු වගේ හිටිය හින්ද
ලොකු වැරැද්දක් උනත් කියන්න බෑ.
ඉතින් මේ කියන කෙනාගෙ
ප්රධානම රාජකාරිය උනේ අම්මයි තාත්තයි
ගෙදර නැතිඋනහම මගෙන් ගෙදර වැඩ ගත්ත
එක. මමත් ඒ ගැන
අම්මලට නොකිය කාලයක් තිස්සෙ කලේ මොකද කියන්න
නම් දන්නෙ නෑ. ඒ මනුස්සයගෙ
වැඩ ගැනීමේ හොදකම වෙන්නත් පුලුවන්.
වහින
වෙලාවට එලියෙ තියෙන රෙදි ගන්න එකයි
පෑව්වම ආයෙමත් ගිහින් අව්වට දාන එකයි ඒ
කාලෙ මට එයා දුන්න
ලොකුම ඩියුටි එක. ආයෙ නන්ගි
සෙල්ලම් කරල ඉවර උනාම
ඒව අස්කරල දාන එකත් තව
වැඩක්. ඉතින් ඔය වගේ එයාගෙ
පොඩි පොඩි වැඩ කරන
අස්සෙ එයාගෙ මගුල් තුලාවකටත් මගෙන් තමයි උදව් ගත්තෙ.
ඒක උනේ මෙහෙම. අපේ
ගෙදර තිබ්බෙ පාර අයිනෙමනෙ. ඉතින්
පාරෙ වැඩට ආව අය
අතරෙ හිටිය කොල්ලෙකුත්. මට ලාවට මතකයි.
සුදු, කෙට්ටු කොන්ඩෙ කැරලි ගැහුනු නිතරම වගේ හිනා වෙලා
ඉන්න ප්රියමනාප පිරිමි
ලමයෙක්. ඉතින් මට මතක විදිහට
මුලින්ම මෙයාව දැක්කෙ අපි ජනේලෙ ලග
ඉදල සරුන්ගල් යවද්දි. පොඩි සරුන්ගලයක් ඔහොම
එහාට මෙහාට යවද්දි ඒක පහලට වැටුන.
ඉතින් ඕක අරන් දෙන්න
ඉදිරිපත් උනේ මේ කියන
කෙනා තමයි. ඔය වගේම තවත්
දවසක අපි ජනේලෙ ලග
ඉද්දි තමයි ආයෙමත් මෙයාව
දැක්කෙ. දැන් අපි එක්ක
හොදට හිනා වෙනව. ඒත්
කතා කරන්නෙ නෑ. ඔහොම දවසක
අපේ ගෙදර යාලුවගෙන් මට
තව ඩියුටි එකක් ලැබුන. ඒ
තමයි එයාගෙ නම අහන එක.
මමත් කිසිම පැකිලීමක් නැතුව කියපු ගමන් වැඩේ කලා.
කියපු නම මොකක්ද කියල
නම් දැන් මතක නෑ.
කොහොම හරි ඒක තමයි
ඒ ආදරයට මුල උනේ. ඒක
නිසා ගොඩක් දවස් වල අපිව
බලා ගත්ත කෙනා හිටියෙ
ඒ ජනේලෙ කිට්ටුව. අපිත් අම්මට කිව්ව නැති හින්ද වැඩේ
කිසිම බාධාවකින් තොරව කෙරුන. කොහොමහරි
වැඩේ අම්මගෙ අතට අහු උනේ
ගෙදර බාත් රූම් එකේ
ජනේලෙ තිබබ ලියුමක් අහු
වෙලා. ඒකෙන් පස්සෙ මොකද උනේ කියන්නනම්
මතක නෑ. හැබැයි ඔය
සිදුවීම මට හොදට මතක
තියෙන සිද්දීන් අතරින් එකක්.
ඒ
කෙනත් එක්ක උන අනික්
ලොකුම සිද්දිය තමයි ගොඩක් දුර
දිග ගියෙ. අපියි පූසොයි අතරෙ ලොකු සම්බන්දයක්
පොඩි කාලෙ තිබුන නිසා
ඒ දවස්වල ගෙදර හිටපු පූස
සෙල්ලම් කරද්දි අපිත් එක්කම තමයි හිටියෙ. ඔය
පූස් තඩියන්ට මේ කියන කෙනාගෙ
කැමැත්තක් තිබුනෙම නෑ. ඉතින් හැම
මොහොතෙම එයා බැලුවෙ එලවල
දාන්න. ඔහොම ඉන්න දවසක
අපිට කන්න දුන්න බිස්කට්
පූසට දුන්න කියල තමයි වලිය
පටන් ගත්තෙ.ඒ අතරම කොයි
වෙලෙත් අපි කරන වැඩ
හින්ද ගෙවල් අස් කරන්න වෙනව
කියන එකත් තව අවුලක්.
ඉතින් ඔය ඔක්කොම එක්ක
පූස දැවටි දැවටි හිටපු එකත් හෙනම කරදරයක්
වෙලා ඌට දුන්නෙ හොද
පාරක් උඩින් යන්න. ඒක දැක්කම තමයි
මාව වයින් වෙලා අපිව බලා
ගන්න හිටපු කෙනාට මන් දෙකක් තුනක්
ගැහුවෙ.ඔන්න දැන් දෙගොල්ලන්ටම
තදටම කේන්ති ගිහින් හිටියෙ. ඔය අස්සෙ මේ
මනුස්සය කලේ පූසව අරන්
මගෙ ඇගට විසි කරපු
එකයි. උන්ගෙ ස්ව්භාවයේ හැටියට ඌ කලේ මගෙ
ඇගේ එල්ලෙන්න ට්රයි කරපු
එකයි. අන්තිමට ඒකෙන් උනේ පූස් නියපොතු
පාරවල් කීපයක් එක්ක මට හීරීම්
තුවාල කීපයක් සිද්ද උන එක.
ඔය
වැඩේ බලන් හිටපු නන්ගි
කලේ එයාගෙ අතේ හිටපු බෝනික්කගෙන්
පාරවල් කීපයක් අපිව බලන්න හිටපු
කෙනාට දීපු එකයි. ඉතින්
මේ විදිහට මහා දරුණු වලියක්
සිද්ද වෙලා අම්මයි තාත්තයි
ගෙදර එද්දි එක විලාපයයි. ගෙදරට
එන්න කලින්ම අල්ලපු ක්වාටස් එකේ කට්ටිය විස්තරේ
කිව්ව කියල දැන ගත්තෙ
ටික දවසකට පස්සෙ. මගෙන් වැඩ ගන්න සීන්
ඔක්කොමත් ඒ අය කියල.
ඉතින් ඕකෙන් මේකෙන් උනේ අපිව බලා
ගන්න හිටපු කෙනාට පහුවදාම ගෙදර යන්න උන
එකයි.අම්මට ගෙදර නැවතිලා අපිව
බලා ගන්න උන එකයි.
ගෙදර ඇතිඋන ඒ සිද්දිය ගැන
අම්මයි තාත්තයි ගොඩක් කලබල උනා. කොහොමත්
අන්තිමට අම්මට තමයි ගොඩක් පාඩු
උනේ. එයා ගොඩක් කල්
යනකන් ජොබ් එක ගැන
දුක් උනා.
තව
හිටපු එක්කෙනෙක් කලේ අපිට ගෙනාපු
කෑම එයා කාපු එක.
ඒ වැඩේ එය කොච්චර
හොදට කලාද කිව්වොත් අපිත්
එක්ක ඉන්නකොටම තමයි ඒ කෑම
අපිට හොද නෑ කිය
කිය කෑවෙ. අපි හිතන් හිටියෙත්
අපිට දෙන්න හොද නැති නිසා
තමයි එය කන්නෙ කියල.
කොහොමහරි මට මතක තියෙන්නෙ
ඒ විදිහට දවස් කීපයක් ගස්ලබු
කාපු සිද්දියක්. තව හිටිය ආච්චි
කෙනෙක්. අපිව ස්කෝලෙ ඇරිල
ගෙදර එක්කන් ආවෙ මෙයා තමයි.ඉතින් ඒ දවස්වල මට
පුරුද්දක් තිබුන මගෙ යාළුවන්ව ගෙවල්
ලගට ගිහින් ඇරලවල එන්න. ඒ අයව මගට
දාල තමයි මන් ගෙදර
එන්න පුරුදු වෙලා හිටියෙ. ඉතින්
මේ හිටපු ආච්චි මගෙ මේ වැඩේට
හෙනම බාධාවක් වෙලයි හිටියෙ. විසදුමක් විදිහට මන් අම්මලට කිව්වෙ
ආච්චි ස්කෝලෙ ඇවිත් ඉන්න විදිහට මට
ලැජ්ජයි කියල. ඒක නිසා එයාව
එවන්න එපා කියල. ඔය
කාලෙ වෙද්දි මන් හිටියෙ හතර
වසරෙ විතර හින්ද අම්මත්
කිව්ව එහෙනම් යාලුවො කට්ටිය එක්ක එන්න කියල.
ඒත් අන්තිමට මන් ගෙදර එන්න
පරක්කු වෙන හින්ද ආයෙමත්
ඒ ආච්චි එක්ක ස්කෝලෙ ඇරිල
ගෙදර එන්න උනා.
ඔය
හැමෝම අතරින් මන් කැමතිම කෙනා
උනේ 'රේණුකා' තමයි. දැන් කොහෙ ඉන්නවද
කියලවත් දන්නෙ නෑ. අපිව අවන්ක
කාරුණික හිතින් බලපු එක්කෙනෙක් තමයි
එයා. ඒ එක්කම අපේ
නෑයො වෙන අක්ක කෙනෙකුත්
හිටිය අපිව හොදට බල
ගත්ත. ඊට අමතරව නම්
මට ඔය කලින් කිව්ව
වැරදි ටිකට අමතරව වෙච්ච
වැරැද්දකුත් විශේශ හොදකුත් නෑ බලන්න හිටපු
අයගෙන්.
කොහොමත්
ලමයෙක් ගැන හිතේ ආදරයක්
නැත්නම් ලමයි බලා ගන්න
වැඩේ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියන එකයි මගෙ
පෞද්ගලික අදහස නම්. මොකද
ලමයි කරන දග වැඩ
ඉවසල හෙමින් සීරුවේ හදා ගන්නනම් ඒ
ලමය ගැන ආදරනීය හැගීමක්
තියෙන්නම ඕනෙ.ඒක හොදටම
දැන් පේන්න තියෙන්නෙ අපේ නන්ගිගෙ පොඩි
එවුනුයි උන්ව බලන්න ඉන්න
අයයි දැක්කම. කොහොම නමුත් අම්ම, තාත්ත, සීයා, ආච්චි නැත්නම් ලගම නෑයෙක් ඇරුනම
ඔය කියන හැගීම පිට
කෙනෙකුට ඇතිවෙන එකනම් බොහෝ දුරට අඩුයි
කියල තමයි මට ඒකෙන්
හිතුනෙ.

No comments:
Post a Comment