මේ
කතාවෙ කතා නායකය වෙන්නෙ
පූසෙක්. පූස් සමාජයෙන්ම සමාව
අයැදිය යුතු කාරනයක් හරිනම්.
ඉතින් මේ සිද්දිය වෙද්දි
ඇත්තටම අපේ ගෙදර පූසෙක්
හිටියෙ නෑ. ඒත් ගෙදරට
ආව ගිය පූස් කණ්ඩායමක්ම
හිටියා.
ගොඩාක්
බූල් තියෙන සුදුයි කලුයි ලොකු පූසෙක් අපේ
ගෙදරට ආවෙ අල්ලපු ගෙදර ඉදල. ඌව
අපේ ගෙදර නවත්තගන්න අපි
නොගත්ත උත්සාහයක් නෑ. ඒත් ලොකු
එකෙක් නිසා කවදාවත් හුරතල්
කරන්න නම් ලැබිල නෑ.
ලස්සන නිසා කොහොමත් ඌ
ටිකක් ඔලුවෙන් හිටියෙ ඒ දවස්වල. ඉතින්
ඔය ආඩම්බරකාර එකාට අමතරව අනික්
කට්ටිය ආවෙ කෑම හොයාගෙන.
ඒ එන අයව අල්ලන්න
ලොකු අමාරුවක් තිබුනෙ නෑ. උන් මිනිස්සුන්ට
හොදට හුරු වෙලා හිටියෙ.
ඔය
විදිහට ආපු අයව නන්ගියි
මායි අල්ලන නිසා අම්ම කැමති
උනේ නෑ පූසන්ව හදන්න.
ඒ අතරම උන්ගෙන් හුගක්
කරදර තිබ්බෙත් අම්මට. මොකද උන්ගෙ පැටවු
ගෙනත් දානව, උන් ජරා කර
ගන්නව, හොරෙන් කෑම කනව, පුටු
හූරනව වගේ ගොඩක් ප්රශ්නවලට අම්මට මූන දෙන්න සිද්ද
උන එකත් තව කාරනයක්.
ඉතින් අපිට කියල අපේම
බළල් තඩියෙක්ව හදාගන්න ලැබුනෙ නෑ.
ඉතින්
මේ අකරතැබ්බය වෙන්නෙ ඔය විදිහට අපේ
ගෙදරට ආව ගිය පූසෙකුට.
මන් ඒ දේ කරන්න
කලින් නම් හිතුවෙ මන්
කරන්නෙ ඌට ලොකු සේවාවක්
කියලයි. ඉතින් ඔහොම දවසක මන්
දැක්ක මූනෙ හොදට රැවුල
වැවුන පූසෙක්. ඔය විදිහට අපේ
තාත්තත් රැවුල තියාගෙන ඉන්නෙ නැති නිසා මන්
තීරනය කලා උගෙත් රැවුල
කපන්න. ඉතින් මුලින්ම තාත්ත කරන විදිහට මූනෙ
සබන් ගාල තමයි වැඩේ
පටන් ගත්තෙ. හරිම අමාරුවෙන් තමයි
සබන් ටිකත් ගා ගත්තෙ. එක
විදිහක හිටියෙම නෑ. ඉතින් වැඩේට
ටිකක් පහසු වෙන්න මන්
කලේ ඌව කාමරේ දොරක්
ගැට ගහපු එක. ඒත්
ඉතින් පොර යන්නම තමයි
දැගලුවෙ. දැන් ඉතින් සබන්
ගාල ඉවරයි. රැවුල කපන්න තමයි තියෙන්නෙ. ඔන්න
දැන් ලස්සනට රැවුල කපල තියෙන්නෙ. තාත්තගෙ
වගේ නොවුනත් සුදු පාට කෙදි
කීපයක් දැන් කැපිල වැටිල
තියෙනව. ඊට පස්සෙ තාත්ත
කරන විදිහටම මූන සේදුව.පිහදැම්ම.
දැන් හරි. දොරට බැදල
තිබ්බ පටියත් ලෙහුව යන්න කියල. මූ
නෙවෙයි එක තත්පරයක් අපේ
ගෙදර හිටියෙ.ආදරේට පොඩ්ඩක් පුරු පුරු ගාන්න
හරි තිබුන නේද මූට කියල
මට හිතුනෙ.
ඉතින්
එදා හවස තාත්ත ගෙදර
ආව ගමන් කිව්වෙ මේ
විස්තරේ. අහපු ගමන් තාත්ත
ඔලුවෙ අත ගහගත්තම මට
හිතා ගන්න බැරි උනා
එයාට හොද දේ කොහොමද
ඒ පූසට නරක් උනේ
කියල.ඊට පස්සෙ තාත්ත
කිව්වෙ "පුතේ උන්ගෙ වැඩවලට
උන්ට ඕනෙම දෙයක් තමයි
උන්ගෙ රැවුල" කියල. දැන් ඉතින් මොනව
කරන්නද ඌට වෙන්න තියෙන
භයානකම දේ වෙලා ඉවරයි.
දැන් ඌ මොනව කරනව
ඇත්ද කියල මන් දවස්
ගානක්ම කල්පනා කර කර හිටියෙ
ආයෙ කවදාවත් අපේ ගෙදර ආවෙ
නැති නිසා.
ඊට
පස්සෙ නම් මගෙන් කරදරයක්
වුනේ නෑ. ඒත් පූසො
කියන්නෙ පොඩි කාලෙ ඉදලම
අපේ ගෙදර සාමජිකයෙක් වගේ
හිටපු සත්ව කොට්ඨාශයක්. ඉතින්
පාරක් අයිනෙ එහෙම පූස් පැටවු
ටිකක් ඉන්නව දැක්කොත් ඒ දවස්වල ඇතිඋනේ
දරා ගන්න බැරි දුකක්.
ගෙදර ගේන්නත් බැරි නිසා එහෙම
දැකපු දවස්වල හිතට හරිම අමාරුයි.
ඉතින් මේක පොඩි කතාවක්
උනත් මට ලියන්න හිතුනෙ
ලමයෙකුගෙ හිතේ තියෙන පරාර්ථකාමි
අදහස් පෙන්නන්න. මට හොදටම තේරෙනව
ඒ කාලෙ තරම් උන්
ගැන ආදරයක් අනුකම්පාවක් දැන් ඇතිවෙන්න නෑ
කියල. පාරක් අයිනෙ ඉන්න පූස් පැටියෙක්
දැක්කම දැන් හිතෙන්නෙ වාහනයකට
අහු වෙයිද කියල බයක් උනාට
උන්ව ගෙදර ගේන්න තරම්
හිතක් ඇති වෙන්නෙ නෑ.
බොහෝ
දුරට හැම ලමයෙකුගෙම පොඩි
කාලෙ මානසික මට්ටම එකයි කියල මට
හිතුනෙ මේ ලගදි අපේ
නන්ගිගෙ පොඩි එකා ගෙදර
වත්තට ආපු පූසෙක් දැකල
කියපු දෙයින්. හරිම අනුකම්පාවෙන් ඌ
කිව්වෙ "අනේ පවු අර
පූස තනි වෙලා. ඌට
අම්මවත් තාත්තවත් නෑ" කියල.
මේ
සමාජයත් එක්ක ගැටෙන්න කලින්
පොඩි හිත් කොච්චර ලස්සනයිද?

No comments:
Post a Comment