රොබින්හුඩ්
කියන්නෙ පොඩි කාලෙ අපි
ගොඩක් ආදරය කරපු වීර
චරිතයක්. එදා වගේම අදත්
අපි ඒ බලපු කතාවට
හරිම කැමතියි ආදරෙයි. දැනටත් ඒ කතාවෙ තේමා
ගීතය යද්දි ලොකු හැගීමක් එනවා.
පොඩි කාලෙ මතක් වෙනවා.
මන් වගේම ගොඩක් මගෙ
යාළුවො, නන්ගි, පවුලෙ අනික් සහොදර සහොදරියො මේ කතාවට ගොඩක්
කැමතියි. ඒක නිසාම මේ
සම්බන්දයෙන් මතකයන් ගොඩකුත් තියෙනව. රොබින්හුඩ් චරිතෙ වටා අපේම කතා
හදල සෙල්ලම් කරපු හැටි, ඒවට
රන්ඩු වෙලා ගුටි කාපු
හැටි අද හිතල බලද්දි
සුන්දර මතක සටහන් පෙලක්.
මුලින්ම
ශර්වුඩයේ රොබින්හුඩ් කියද්දි මතක් වෙන්නෙ මෙන්න
මේ සිද්දිය තමයි. ඉතින් ඒ දවස්වල මන්
අකුරු ලියන්න පුරුදු වෙනවා. සින්හල අකුරු හෝඩියේ ගොඩක් අකුරු ලියල තිබ්බට මට
ලියන්න බැරිම උන අකුර තමයි
මුර්තජ ලයන්න 'ළ'. ගෙදර අය
මේක උගන්නන්න සෑහෙන මහන්සියක් ගත්තා. මගෙත් ලොකු උවමනාවක් තිබ්බෙ
නැති නිසා ඕක ලියන්න
බැරි අකුරක් ගානට තමයි වැටිල
තිබ්බෙ. ඉතින් එදා දවසෙත් මන්
ප්රැක්ටිස් කර කර හිටියෙ
ලියන විදිහ. අපේ නෑදෑවෙන මාම
කෙනෙකුත් ගෙදර ඇවිත් හිටිය.
පුටු පුටු මාම කියල
මන් එයාට කිව්වෙ, ඒ
දවස්වල එයාගෙ තිබුන බයික් එක යද්දි ආව
පුටු පුටු සද්දෙ හින්ද.
ඒ මාමත් ඒ නමට කැමැත්තෙන්
හිටියෙ. ඉතින් අවුරුදු දහයක් දොලහක් වගේ වෙනකන් එයාට
කිව්වෙ ඒ නම තමයි.
ඉතින් ඔහොම අකුරු ලියන්
යද්දි දැන් 'රොබින්හුඩ්' බලන වෙලාව ගොඩක්
ලන් උනා. දැන් ඉතින්
සියලු වැඩ අත් හැර
ටීවි එක දාන්න කියල
ගියෙ කතාව බලන්න. ලිය
ලිය හිටපු 'ළ' යන්න තියෙන්න
තාම බොහොම ප්රාතමික ගොඩ
ගන්න බැරි තත්වෙක. ඉතින්
එහෙම තියෙද්දි මාම දැක්ක මුල්
තැන ලැබුනෙ මොන වැඩේටද කියල.
"රොබින්හුඩ් බලන්න ඕනේ නම් මේ
අකුර හරියට ලියල ඉවර කරන්න
ඕනෙ"
හපෝයි...
දැන් ඉතින් කාට කියන්නද. මොකෝ
ඉතින් ගෙදර හිටපු කෙනෙක්
එපා කියාවියැ. කාලයක් තිස්සෙ ඇද ඇද තිබ්බ
වැඩේනෙ. මොනව කරන්නද ඉතින්
ආපහු පොත පැත්තට හැරුනෙ
ටීවි එක දාන්න වත්
ඉඩක් ලැබුනෙ නැතුවම. දැන් ඉතින් ලියපන්කො
මුර්තජ ලයන්න 'ළ'. ලයන්න කියල
අකුරක් තියෙද්දි තව මොන මගුලකට
මෙහෙම අකුරකුත් ආවද කියල හිතින්
සිය දහස් වාරයක් බැන
බැන හිටියෙ. ඔන්න දැන් තමයි
ඉතින් ඔය අකුර ලියනවාමයි
කියන දැඩි අධිශ්ටානය ඇතිවුනේ.
පැයක විතර කාලයක් යන
රොබින්හුඩ් කතාවෙ තත්පරයක් මිස් උනත් ලොකු
පාඩුවක්. කොහොම කොහොම හරි ලොකු එෆර්ට්
එකක් දාල හරියටම ලියල
මාමට ගිහින් පෙන්නුවා. වැඩේ හරි මදි.
"මේ අකුරෙ මෙන්න මේ ටික එන්න
ඕනෙ පොතේ රූලෙන් උඩ,
අනික් ටික යට. එහෙම
නැතුව හරියන්නෙ නෑනෙ" කියල මාම කියද්දි
කතාවෙන් විනාඩි පහලොවක් විතර ගිහින්.
ඉතින්
මේක එසේ මෙසේ දුකක්
නෙවෙයි පින්වතුනි, පපුව පැලෙන්න වගේ
යන දුකක්. මේක කියවන්නෙ රොබින්හුඩ්
කතාවෙ ෆෑන් කෙනෙක් නම්
ඒ අවස්තාව හරියටම තේරෙයි. දන් ඉතින් මාම
මේ ඉලව් අකුර අතාරින්නෙ
නෑ මටත් කතාව නොබල
අතාරින්නත් බෑ. ඔහොම ඔහොම
ඉතින් ෆුල් ට්රයි
එකක් දීල ලියපු අකුරට
අනුමැතිය එනකොට පැය භාගයක් වගේ
ඉවරයි. මොකද දැන් වගේ
පියෝ ටීවි හරි ඉන්ටර්නෙට්
හරි තිබුනයෑ මිස් උන ටික
ආයෙමත් බලන්න. ඉතින්
එදා ඒ මාමට ගොඩක්
සතුටුයි අකුර ලියල ගොඩ
දාපු එක ගැන. අන්තිමට
මුර්තජ ලයන්න 'ළ' ලිව්වෙ රොබින්හුඩ්ට
පින් සිද්ද වෙන්න තමයි.
ඉතින්
ඒ සිද්දිය එහෙම වෙද්දි, මට
තිබුන තව ලෙඩක් තමයි
මන් ආස ටීවි ප්රෝග්රෑම්ස් තව
කීප දෙනෙක් එක්ක එකතු වෙලා
බලන්න. නන්ගි හිටියට එයාව හරි ගියෙ
නැත්තෙ හැම මොහොතෙම එයත්
එක්ක තිබ්බෙ යුදමය තත්වයක් නිසා. වාඩිවෙන පුටුවෙ ඉදලම තිබුනෙ වලි.
ඉතින් මන් හිතුව ගෙවල්
ලග හිටපු යාළුවෙකුත් එක්ක 'රොබින්හුඩ්' කතාව බලන්න ඕනෙ
කියල. ඉරිදා දවසක දහම් පාසල්
ගිහින් ඉවර වෙලා යන
ගමන් එයා ආව අපේ
ගෙදර. මන් අම්මට කිව්වෙ
මේ නිකන් අපේ ගෙදර ඇවිත්
වගේ කතාවක්. එදා දවස හරි.
පස්සෙ ඊලග සතියෙත් ආවම
තමයි අම්මට වැඩේ තේරුනේ. අම්මත්
මන් වගේම ඉදල කරල
තිබ්බෙ අනික් දවසෙදි ටීවි එකේ වයර්
කීපයක් ගලවල දාල තිබ්බෙ
ඔන් නොවෙන්න.
රොබින්හුඩ්ගෙ
කන්ඩායමේ තව කට්ටිය හිටියට
සෙල්ලම් කරද්දි හැමෝටම ඕනෙ උනේ රොබින්හුඩ්
වෙන්න. ඉතින් කොහොමවත් කවුරුත් කැමති උනේ නෑ 'ගිස්බන්'
හරි 'ශෙරීෆ්' හරි වෙන්නනම්. ඉතින්
මේක පවුලේ ලොකු කෙනෙක් ලගට
ගිහින් හැම වෙලේම විසද
ගන්න වෙච්ච ප්රශ්නයක් උනේ
වලියකින් දෙකකින් පස්සෙ. පස්සෙ අපි කලේ තුන්ඩු
ඇදල තීරනය කරන්න රොබින්හුඩ් කවුද කියල. ඒත්
රොබින්හුඩ් කියල ලියපු තුන්ඩු
දෙකක් තිබ්බ දවසෙ ඒ වැඩෙත්
වලියකින් ඉවර උනා. පස්සෙ කට්ටිය
කලේ එක් කෙනෙකුට පැය
භාගයක් විතර වෙලාවක් රොබින්හුඩ්
වෙන්න දුන්න එක.
මේ
කතාවට අමතරව අපි කලේ 'කුමාරි'
කියල සෙල්ලමක්. දැන් මතක් වෙද්දි
කට්ටිය හුස්ම අල්ලන් හිනා වෙන්නෙ. ඒ
දවස්වල පවුලෙ කසින්ස් ලගෙන් පොඩිම අපේ ලොකු තාත්තගෙ
දුව. ඉතින් එයා තමයි 'කුමාරි'.
මමයි තව නන්ගි කෙනෙකුයි
වැඩකාරියො දෙන්න. ඒ අපේ නැන්දගෙ
දුව. මට වඩා මාස
පහකින් බාලයි. දැන් නම් ලන්කාවෙත්
නෑ. ඒත් අපි දෙන්න
හෙනම ෆිට්. තරහ වෙලා ඉදල
තියෙන්නෙත් දෙපාරක් තුන් පාරක් වගේ.
අවුරුදු කාලෙට එහෙම ඉන්නෙ එක
විදිහෙ ඇදුම් ඇදල. ඒ පුරුද්ද
ගොඩක් කල් යනකන් තිබ්බා.
අපේ නන්ගියි තව මල්ලි කෙනෙකුයි
තමයි යක්කු දෙන්නට හිටියෙ. එහෙම සෙල්ලම් කරපු
දවසක අපි කුමාරිව බෙඩ්
ශීට් එකක තියල කොන්
දෙකකින් උස්සන් ගියා. අමාරුවෙන් උස්සන් යද්දි මාත් එක්ක ගිය
අනික් නන්ගිට චූ ගියා. පස්සෙ
කුමාරිව බිමට අතෑරුනේ චු
යන හැටි දැකල හිනා
වෙන්න ගිහින්. කොහොමහරි කුමාරිට උනේ චූ නාගෙන
නැගිටින්න.
රොබින්හුඩ්
ගැන විශේශ මතක සටහන් තියෙන්නෙ
මේවා තමයි. අද හිතල බලද්දි
පොඩි කාලෙ සුන්දරත්වය උපරිමයෙන්ම
ලැබුනයි කියල හිතෙන්නෙ. අද
පොඩි එවුන් මොබයිල් ෆෝන් එක්ක දවස
ගත කරන්නෙ මේ වගේ සෙල්ලම්
කරන්න අවස්ථාව නැති නිසා කියලයි
මට හිතෙන්නෙ. කියවන ඔයාලටත් අනිවාර්යෙන්ම මේ කතාව ගැන
විශේශ මතකයන් ඇති. එහෙම තිබ්බොත්
කියන්න අමතක කරන්න එපා.
ලන්කාවේ වීරයො මෙච්චර ඉන්දෙද්දි රොබින්හුඩ් ගැනද ලියන්න තියෙන්නෙ
කියල බණින්න හිතන අයත් හිටියොත්
කියලයි මේ සටහන තියන්න
හිතුවෙ. එහෙම හිතුවත් ඒකත්
හරිම කාලීන විමසුමක් විදිහට මන් භාර ගන්න
කැමතියි. මන් මේ කතාව
බැලුවෙ ජාතික රූපවාහිනියෙන්. එතකොට මට මතක විදිහට
තිබුනෙ චැනල් දෙකයි.ඒ දවස්වල ගොඩක්
හොද ළමා කතා ප්රචාරය උනා. ටයිටස් තොටවන්තයින්ගෙ
හඩ කැවූ වැඩසටහන් ඒවයෙන්
කීපයක්. ඒත් මට මතක්
තිබුන විදිහට ඒ කාලයෙත් අපේ
රටේ ජාතික වීරයන්, රජවරුන් ගැන වැඩසටහනක් මේ
විදිහට ළමා මනස ආක්රමණය කරන්න තිබුනෙ
නෑ.
මද්දුම
බණ්ඩාර වගේ ළමා විරුවන්
ගැන් ලන්කාවෙ ලමයින්ට වැඩසටහනක් තිබුනනම් ඒක ගොඩක් වටිනව
කියල මන් පිලිගන්නව. මට
ඒ ගැන් ලොකු හැගීමක්
ඇතිවුනේ තාත්ත ගෙනත් දුන්න පොතකින්. ඒකෙ එක කවියක
කොටසක් තියෙනව මෙන්න මෙහෙම " මද්දුම බණ්ඩාරගෙ නම දවස ගානෙ
සිහිකර කර, අපිත් නියම
වීර ළමයි වගේ ඉන්න
ඕනෑ" කියල. ඒව පොඩි කවි
උනාට ජීවිතයේ ඉදිරි කාලයට රට, ජාතිය, ආගම
ගැන හොද හැගීමක් ඇති
වෙන්නෙ මේවයෙන් කියලයි මට හිතෙන්නෙ. අදටත්
මේක කාලීන අවශ්යතාවයක්. අද වැඩසටහන් කීපයක්
අරන් බැලුවත් මන් හිතන්නෙ නෑ
වෙන රටක දෙයක් ඇරෙන්න
අපේම දෙයක් ළමයින් අතරට යනව කියල.
ඉතින්
අර වගේ දෙයක් හිතිල
බනින්න හිතුනොත් මට කියන්න තියෙන්න
මෙන්න මේ නිසයි මේ
වැඩසටහනට මන් ගොඩක් කැමති
උනේ කියල.

No comments:
Post a Comment