Thursday, 29 November 2018

12. ප්‍රගති වාර්ථා




ස්කෝලෙදි මුලින්ම ලැබුනු ප්රගති වාර්ථාව ගැන තියෙන්නෙ හිනා යන මතකයක්.ඉතින් මුලින්ම මට මේක ලැබුනෙ එක වසරෙ අන්තිම වගේ. ස්කෝලෙ යන මුල් කාලෙ මගේ හැසිරීම හොද උනේ නැහැ. ගොඩක් වෙලාවට එලියෙම ඉන්න තමයි ට්රයි කලේ. මන් හිතන්නෙ එහෙම උනේ දවස්වල හිටපු ගෙදර සෙල්ලම් කරන්න හරියට මිදුලක් තිබ්බෙ නැති හින්දයි කියල.

ගිය ස්කෝලෙ පිට්ටනිය පැත්තෙ තිබ්බ රබර් වත්තක්. මන් හැම වෙලේම හිතුවෙ එතන මොකක් හරි අභිරහසක් තිබුන කියල තමයි. ඒක නිසා පුලුවන් හැම වෙලේම කලේ යාළුවො කීප දෙනෙක් එක්ක ඔය වත්තට යන එක. දවසක් එහෙම ගියාම එතන වැඩ කරපු ගෑණු කෙනෙක් අපිව එලෙව්ව.ඒත් අපි වැඩේ අතාරින්නෙ නැතුව දිගටම එහෙ ගියා.

අනික් වැඩේ උනේ ස්කොලෙ ඇරුනම සෙල්ලම් කරන්න ස්කොලෙ නතර උන එක. ඉතින් ගෙදරින් එක්ක යන්න ආව කෙනාට මාව ස්කොලේ වටේම හොයන්න සිද්ද උනා. හොයාගන්න බැරි උනොත් පන්තියෙ ටීචර්ව තමයි හොයන් යන්නෙ. ඉතින් මට කොච්චර කිව්වත් දවස්වල ඇහුවෙ නැති නිසා, ඔය වැඩේ පන්තියේ ටීචර්ටත් වදයක් වෙලයි තිබුනෙ. දවසක් ස්කෝලෙ ඉදල ගෙදර එන පාරෙ තිබ්බ වීදි නාට්යක්. පාරෙ දෙපැත්තෙ ඉදන් මිනිස්සු බලන් හිටිය. ගෙදර එන්න විදියක් තිබ්බෙ නෑ කියන්න ඒක හොද හේතුවක් වෙයි කියලයි මන් හිතුවෙ. ඉතින් එහෙම හිතල මන් එදා වැඩිපුර වෙලාවක් ස්කොලේ නැවතුනා. ඉතින් එදා මාව එක්කන් යන්න ආව කෙනාට මන් කොයි ලෝකෙද කියලවත් හිතා ගන්න බැරි වෙලා ආපහු ගෙදර ගිහින් තිබ්බ. අන්තිමට අම්ම ඇවිත් තමයි හොයල ගෙදර එක්කන් ගියෙ. නන්ගිත් අම්මත් එක්ක බටු ඇටයක් වගේ ආව මට මතකයි. ඉතින් එදා හොදට ගුටි කන්නත් ලැබුන.

ඉන්ටවල් එකේදි අපිම ඒ වෙලාවට හදපු පොඩි කතා නාට්‍ය විදිහට කලා. ඉතින් ඔය වැඩේට මන් ගත්තෙ මන් කැමති ලමයි ටික විතරයි. පන්තියෙ තව කීප දෙනෙක්ම වැඩේට ආස උනත් මන් ඒ දවස්වල බොහොම දරුණු විදිහට ඒ ළමයින්ව අයින් කලා. ඊට අමතරව මතක හිටින වෙන දග වැඩක් නොකලත් පන්තිය ඇතුලෙ මගෙ විනය නොහොත් හැසිරීම හොද එකක් උනේ නෑ. ළමයින්ගෙ ඩෙස් බන්කු පාග ගෙන උඩින් යන එක තමයි මගෙ විනෝදාන්ශෙ වෙලා තිබුනෙ. ඒත් එක්කම පන්තියේ ළමයින්ට එක එක නම් වලින් කතා කරන එකත් මන් කරපු තව නරක වැඩක් උනා. ඉතින් ඔය වගේ දේවල් හින්ද ගොඩක් ළමයි මන් ගැන ටීචර්ට පැමිනිලි කරල තිබුන. ළමයින්ගෙ අම්මලත් මට කතා කරල අවවාද කලා. අපේ අම්ම ස්කෝලෙට ආවමත් අම්මට ළමයින්ගෙ පැමිනිලි අහන්න සිද්ද උනා. පන්තියේ හිටපු තව කට්ටියක් අම්මට කියල තිබුන මට හොදට ගහන්න කියලත්.

ඉතින් ඔන්න ඔය වගේ හේතු හින්ද මගෙ හැසිරීම හොද උනේ නැහැ. දැන් ඉතින් ඔය රිපෝට් එකත් අරන් මන් ගෙදර ගියා. ‘A’, ‘B’, ‘C’ කියල තමයි ග්රේඩ් කරල තිබුනෙ.ඔය අකුරු වල තේරුම මන් දන්නෙ නැති හින්ද මේකත් අරන් කෙලින්ම ගියෙ තාත්ත ලගට. ඉතින් තාත්ත කිව්ව මන් ගොඩක් හොදට ස්කෝලෙ වැඩ කරල තියෙනව කියල. මට මාර සතුටුයි. ඒ එක්කම තාත්ත කිව්වෙ පන්තියේ ඉන්නකොට දගලන්නෙ නැතුව ඉන්න කියලයි තව හොදට ඊලග අවුරුද්දෙ වැඩ කරන්න කියලයි. එච්චරම තමයි ඒ ගැන කිව්වෙ. මටත් ඉතින් හරිම සතුටුයි. ඒක තමයි ස්කෝලෙ ප්‍රගති වාර්තාවක් ලැබුන පලවෙනි අවස්තාව. පස්සෙ තේරෙන කාලෙක බලද්දි තමයි තේරුනේ ඒ රිපෝට් එක කොච්චර අවුල්ද කියල. විනයට දීල තිබුනෙ 'c'. ඒ කිව්වෙ තිබුන නරකම රේට් එක. මට එතකොට ඒ ගැන හිතුනෙ මන් ගැන ලැජ්ජාවක්.

ඒත් මන් හිතුවෙ තාත්ත කොච්චර දුර දිග බලලද ඒ වෙලාවෙ මට ඒ විදිහට උත්තර දුන්නෙ කියල. ඇත්තටම එද ඒ ප්‍රථිචාරය මගේ ඉදිරි වැඩ වලට උදව්වක් උනා. අපෝ අන්තිම සවුත්තුයිනෙ කියල කියන්නෙ නැතුව එදා තාත්ත මාව දිරිමත් කලේ. මන් හිතන්නෙ ඒක තමයි වෙන්න ඕනෙ කියලත්. අද පොඩි ලමයි පහ වසර ශිශ්‍යත්වෙ ෆේල් උනහම සමහර දෙමව්පියො කොච්චර නරක විදිහට ප්‍රතිචාර දක්වනවද. ඒ නිසාම ඒ ළමයි මානසිකව පහලට වැටෙන්නෙ ආයෙ ගොඩ ගන්න අමාරු තරමටම. ලන්කාවෙ ඒ තියෙන විභාගෙ මොන පදනමකින් තියෙන මගුලක්ද කියල තේරෙන්නෙ නැත්තෙ එක විශයකට ලකුනු අසූවක් ගන්න ලමයත් ෆේල් වෙනකොටයි. ඒ එක්කම මට හිතෙන්නෙ ශිශ්‍යත්වෙ ලොකු මහන්සියක් දරල ගොඩ දාන ලමයගෙ හිතේ ආත්මාර්තකාමි අදහස් වැඩියි කියල. තව කෙනෙකුට උදව් කරන පුරුදු ඇතිවෙන්නෙම නෑ. තව කෙනෙක් පාග ගෙන නැගිටින්න පුරුදු වෙන්න මෙන්න මේ විදිහට අධ්‍යාපනයක් ලැබුන ළමයි කියල මට හිතෙනව.

ඒකට හොදම උදාහරනයක් මන් දැක්කෙ මන් කලින් වැඩ කරපු ඔෆිස් එකට ආපු පොඩි ළමයි දැක්කම. ට්රේනිස්ල විදිහට ආපු ළමයින්ගෙ මුල ඉදලම තිබුනෙ කොහොමහරි තමන් ගොඩ යන තත්වයක්. තව කෙනෙකුට දෙයක් කියල දෙන්න කිව්වොත් උන්ට ඒක මරන්න වගේ. කරන්න කැමතිම නෑ. මේ එකට කන බොන එවුන්. පොඩ්ඩක් තමන්ගෙ යාළුවට උදව්වක් කරන්න කිව්වට කැමති නෑ. හින්දමද කොහෙද ආයතනයෙන් සහතිකයක් දුන්න වැඩියෙන්ම අනික් අයට උදව් කරන අයට.  තව කෙනෙකුගේ දුකක් පීඩාවක් තේරෙන්නෙ නැති රොබෝ සමාජයක් ලන්කාවෙ තව අවුරුදු කීපයකින් හැදෙනව කියන එක නම් ස්ථිරයි.

ඉතින් මගෙ කථාවට ආයෙමත් ගියොත් මගෙ හොදම ප්රගතිය ලැබෙන්නෙ තුන වසරෙදි. වෙනකොට මන් වැඩ කරපු විශයන් ඔක්කොටම හොදම ග්රේඩ් එක අරන් තිබුන. වෙද්දි මන් ඒක කියවන්නත් දන්න හින්ද මන්ම ගිහින් තමයි රිසල්ට්ස් කිව්වෙ ගෙදර ගිහින්. එදා අම්මටයි තාත්තටයි ගොඩක් සතුටුයි. වෙනුවට මට එයාලගෙන් ලැබුනෙ වැඩ කරන මේසෙයි, පුටුවයි, ටේබල් ලෑම්ප් එකකුයි. මන් දැනුත් වැඩ කරන්නෙ මේසෙ ඉදල. පුටුව නම් වෙනස්.

ඔහොම ගිහින් ගිහින් ඊලග මතක හිටින රිපෝට් එක ලැබෙන්නෙ අට වසරෙදි විතර. මන් කාලෙ වෙද්දි පන්තියෙ මුල් හතර දෙනා අතර හිටිය. ඉතින් එහෙම ඉදල එක පාරක් හතලිස් පහක් ඉන්න පන්තියෙ මන් විසිදෙක. නිකන් කරකවල අතෑරිය වගෙයි. ගෙදර ගිහින් කියන්නත් වස ලැජ්ජයි. වෙන දේ මට සප්රයිස් එකක් නොවුනත් ගෙදර අයට හොදටම අවුල්. පන්තියේ යාළුවොත් ඇහුවෙ මොකද උනේ කියල. වෙනද තිස් හතලිස් වෙනිය උන ළමයි වෙන්දට වඩා ෆිට්. මොකද මාත් දැන් බෝට්ටුවෙ හින්ද.
ඉතින් ඔහොම දවසක තාත්ත මට එන්න කිව්ව ගෙදරදි. මොනව ගැන කතා කරන්නද කියල දන්න හින්ද පූසෙක් වගේ ගියා. තාත්ත ගෙදර සාලෙ හිටියෙ. තාත්ත කිව්ව කැලෙන්ඩරේ ලගට යන්නකො කියල.මට හිතා ගන්න බෑ මොක්ද කැලෙන්ඩරේ ලගට යන්න කිව්වෙ කියල. තාත්ත ඇහුව මීට කලින් අවුරුද්දෙ මන් කීවෙනියද කියල. මන් කිව්ව හතර කියල. පස්සෙ තාත්ත කිව්ව කැලෙන්ඩරේ ගනින්න කියල හතරෙ ඉදන් විසිදෙකට.

හරිම ලැජ්ජයි. හොදටම අවුල්. මන්ම හිතා ගත්ත ආයෙනම් මේ වගේ ගොන් වැඩ වෙන්න ඉඩ අරින්නෙ නෑ කියල. මන්ම දැනගෙන හිටිය දවස්වල මන් ලයිබ්රරි ගිහිල්ලත් නව කථා පොත් කියවපු හැටි. එතන්දි එකක් දෙකක් කියවල තව පොතක් ගෙදරත් ඇවිත් බලපු කාලයක් තිබුන. කොච්චර ඇබ්බැහි උනාද කිව්වොත් ස්කොලේ උගන්නන අතරෙදිත් හොරෙන් නව කතා බැලුව. මට වගේම පිස්සුව තිබ්බ ලමයෙක් අහු උනේ මියුසික් කාමරේ සින්දුවක් පුරුදු වෙන්න ගිහින්. සින්දුව පැත්තක තියල අපි දෙන්න කලේ පොත් බලපු එක. හිටියෙ මට ඉස්සරහ පේලියක. සර් ඇවිත් ඩෝන් ගාල කොන්දට දෙකක් දෙනකන් දැක්කෙ නෑ. ඊට පස්සෙ තමයි මාත් පොත පැත්තකින් තිබ්බෙ. පොඩි රැවුලක් තිබ්බ සර්ට අපි කිව්වෙ එළු සර් කියල. අදටත් සමා වෙන්න ඕනෙ එහෙම නම් පාවිච්චි කලාට.

ඉතින් ඊට පස්සෙ ස්කොලෙ ප්රගතිය නරක් උනේ නෑ. සැලකියයුතු විදිහට කරගෙන ගියා.

Tuesday, 20 November 2018

11. පොඩි කාලෙ අපිව බලා කියා ගත්තෝ



අපි පොඩි කාලෙ නන්ගිවයි මාවයි බලා ගන්න මට අවුරුදු අටක් විතර වෙනකන් කවුරුහරි ගෙදර හිටිය. ඔය අය අතර එක එක වයස් කාණ්ඩවල කට්ටිය හිටිය. ආච්චිල, නැන්දල, අක්කල වගේ කට්ටිය හිටිය. මන් කලින් ලිපියක කියපු 'රේණුකා' එහෙම බලන්න හිටපු කෙනෙක්. ඉතින් ඔය අතරෙ අපි කැමති වගේම අකැමැති අයත් හිටිය. අපිට අකැමති අයත් හිටිය. වැඩියම ඉන්න ඇත්තෙ අපිට අකැමති අය.

මේ කියන කෙනා හින්ද අපේ ගෙදර ලොකු වෙනස්කම් පවා සිද්ද උනා කිව්වොත් හරි. අපිත් පොඩි කාලෙ යක් පැටවු වගේ හිටිය හින්ද ලොකු වැරැද්දක් උනත් කියන්න බෑ. ඉතින් මේ කියන කෙනාගෙ ප්රධානම රාජකාරිය උනේ අම්මයි තාත්තයි ගෙදර නැතිඋනහම මගෙන් ගෙදර වැඩ ගත්ත එක. මමත් ගැන අම්මලට නොකිය කාලයක් තිස්සෙ කලේ මොකද කියන්න නම් දන්නෙ නෑ. මනුස්සයගෙ වැඩ ගැනීමේ හොදකම වෙන්නත් පුලුවන්.

වහින වෙලාවට එලියෙ තියෙන රෙදි ගන්න එකයි පෑව්වම ආයෙමත් ගිහින් අව්වට දාන එකයි කාලෙ මට එයා දුන්න ලොකුම ඩියුටි එක. ආයෙ නන්ගි සෙල්ලම් කරල ඉවර උනාම ඒව අස්කරල දාන එකත් තව වැඩක්. ඉතින් ඔය වගේ එයාගෙ පොඩි පොඩි වැඩ කරන අස්සෙ එයාගෙ මගුල් තුලාවකටත් මගෙන් තමයි උදව් ගත්තෙ. ඒක උනේ මෙහෙම. අපේ ගෙදර තිබ්බෙ පාර අයිනෙමනෙ. ඉතින් පාරෙ වැඩට ආව අය අතරෙ හිටිය කොල්ලෙකුත්. මට ලාවට මතකයි. සුදු, කෙට්ටු කොන්ඩෙ කැරලි ගැහුනු නිතරම වගේ හිනා වෙලා ඉන්න ප්රියමනාප පිරිමි ලමයෙක්. ඉතින් මට මතක විදිහට මුලින්ම මෙයාව දැක්කෙ අපි ජනේලෙ ලග ඉදල සරුන්ගල් යවද්දි. පොඩි සරුන්ගලයක් ඔහොම එහාට මෙහාට යවද්දි ඒක පහලට වැටුන. ඉතින් ඕක අරන් දෙන්න ඉදිරිපත් උනේ මේ කියන කෙනා තමයි. ඔය වගේම තවත් දවසක අපි ජනේලෙ ලග ඉද්දි තමයි ආයෙමත් මෙයාව දැක්කෙ. දැන් අපි එක්ක හොදට හිනා වෙනව. ඒත් කතා කරන්නෙ නෑ. ඔහොම දවසක අපේ ගෙදර යාලුවගෙන් මට තව ඩියුටි එකක් ලැබුන. තමයි එයාගෙ නම අහන එක. මමත් කිසිම පැකිලීමක් නැතුව කියපු ගමන් වැඩේ කලා. කියපු නම මොකක්ද කියල නම් දැන් මතක නෑ. කොහොම හරි ඒක තමයි ආදරයට මුල උනේ. ඒක නිසා ගොඩක් දවස් වල අපිව බලා ගත්ත කෙනා හිටියෙ ජනේලෙ කිට්ටුව. අපිත් අම්මට කිව්ව නැති හින්ද වැඩේ කිසිම බාධාවකින් තොරව කෙරුන. කොහොමහරි වැඩේ අම්මගෙ අතට අහු උනේ ගෙදර බාත් රූම් එකේ ජනේලෙ තිබබ ලියුමක් අහු වෙලා. ඒකෙන් පස්සෙ මොකද උනේ කියන්නනම් මතක නෑ. හැබැයි ඔය සිදුවීම මට හොදට මතක තියෙන සිද්දීන් අතරින් එකක්.

කෙනත් එක්ක උන අනික් ලොකුම සිද්දිය තමයි ගොඩක් දුර දිග ගියෙ. අපියි පූසොයි අතරෙ ලොකු සම්බන්දයක් පොඩි කාලෙ තිබුන නිසා දවස්වල ගෙදර හිටපු පූස සෙල්ලම් කරද්දි අපිත් එක්කම තමයි හිටියෙ. ඔය පූස් තඩියන්ට මේ කියන කෙනාගෙ කැමැත්තක් තිබුනෙම නෑ. ඉතින් හැම මොහොතෙම එයා බැලුවෙ එලවල දාන්න. ඔහොම ඉන්න දවසක අපිට කන්න දුන්න බිස්කට් පූසට දුන්න කියල තමයි වලිය පටන් ගත්තෙ. අතරම කොයි වෙලෙත් අපි කරන වැඩ හින්ද ගෙවල් අස් කරන්න වෙනව කියන එකත් තව අවුලක්. ඉතින් ඔය ඔක්කොම එක්ක පූස දැවටි දැවටි හිටපු එකත් හෙනම කරදරයක් වෙලා ඌට දුන්නෙ හොද පාරක් උඩින් යන්න. ඒක දැක්කම තමයි මාව වයින් වෙලා අපිව බලා ගන්න හිටපු කෙනාට මන් දෙකක් තුනක් ගැහුවෙ.ඔන්න දැන් දෙගොල්ලන්ටම තදටම කේන්ති ගිහින් හිටියෙ. ඔය අස්සෙ මේ මනුස්සය කලේ පූසව අරන් මගෙ ඇගට විසි කරපු එකයි. උන්ගෙ ස්ව්භාවයේ හැටියට කලේ මගෙ ඇගේ එල්ලෙන්න ට්රයි කරපු එකයි. අන්තිමට ඒකෙන් උනේ පූස් නියපොතු පාරවල් කීපයක් එක්ක මට හීරීම් තුවාල කීපයක් සිද්ද උන එක.

ඔය වැඩේ බලන් හිටපු නන්ගි කලේ එයාගෙ අතේ හිටපු බෝනික්කගෙන් පාරවල් කීපයක් අපිව බලන්න හිටපු කෙනාට දීපු එකයි. ඉතින් මේ විදිහට මහා දරුණු වලියක් සිද්ද වෙලා අම්මයි තාත්තයි ගෙදර එද්දි එක විලාපයයි. ගෙදරට එන්න කලින්ම අල්ලපු ක්වාටස් එකේ කට්ටිය විස්තරේ කිව්ව කියල දැන ගත්තෙ ටික දවසකට පස්සෙ. මගෙන් වැඩ ගන්න සීන් ඔක්කොමත් අය කියල. ඉතින් ඕකෙන් මේකෙන් උනේ අපිව බලා ගන්න හිටපු කෙනාට පහුවදාම ගෙදර යන්න උන එකයි.අම්මට ගෙදර නැවතිලා අපිව බලා ගන්න උන එකයි. ගෙදර ඇතිඋන සිද්දිය ගැන අම්මයි තාත්තයි ගොඩක් කලබල උනා. කොහොමත් අන්තිමට අම්මට තමයි ගොඩක් පාඩු උනේ. එයා ගොඩක් කල් යනකන් ජොබ් එක ගැන දුක් උනා.

තව හිටපු එක්කෙනෙක් කලේ අපිට ගෙනාපු කෑම එයා කාපු එක. වැඩේ එය කොච්චර හොදට කලාද කිව්වොත් අපිත් එක්ක ඉන්නකොටම තමයි කෑම අපිට හොද නෑ කිය කිය කෑවෙ. අපි හිතන් හිටියෙත් අපිට දෙන්න හොද නැති නිසා තමයි එය කන්නෙ කියල. කොහොමහරි මට මතක තියෙන්නෙ විදිහට දවස් කීපයක් ගස්ලබු කාපු සිද්දියක්. තව හිටිය ආච්චි කෙනෙක්. අපිව ස්කෝලෙ ඇරිල ගෙදර එක්කන් ආවෙ මෙයා තමයි.ඉතින් දවස්වල මට පුරුද්දක් තිබුන මගෙ යාළුවන්ව ගෙවල් ලගට ගිහින් ඇරලවල එන්න. අයව මගට දාල තමයි මන් ගෙදර එන්න පුරුදු වෙලා හිටියෙ. ඉතින් මේ හිටපු ආච්චි මගෙ මේ වැඩේට හෙනම බාධාවක් වෙලයි හිටියෙ. විසදුමක් විදිහට මන් අම්මලට කිව්වෙ ආච්චි ස්කෝලෙ ඇවිත් ඉන්න විදිහට මට ලැජ්ජයි කියල. ඒක නිසා එයාව එවන්න එපා කියල. ඔය කාලෙ වෙද්දි මන් හිටියෙ හතර වසරෙ විතර හින්ද අම්මත් කිව්ව එහෙනම් යාලුවො කට්ටිය එක්ක එන්න කියල. ඒත් අන්තිමට මන් ගෙදර එන්න පරක්කු වෙන හින්ද ආයෙමත් ආච්චි එක්ක ස්කෝලෙ ඇරිල ගෙදර එන්න උනා.

ඔය හැමෝම අතරින් මන් කැමතිම කෙනා උනේ 'රේණුකා' තමයි. දැන් කොහෙ ඉන්නවද කියලවත් දන්නෙ නෑ. අපිව අවන්ක කාරුණික හිතින් බලපු එක්කෙනෙක් තමයි එයා. එක්කම අපේ නෑයො වෙන අක්ක කෙනෙකුත් හිටිය අපිව හොදට බල ගත්ත. ඊට අමතරව නම් මට ඔය කලින් කිව්ව වැරදි ටිකට අමතරව වෙච්ච වැරැද්දකුත් විශේශ හොදකුත් නෑ බලන්න හිටපු අයගෙන්.

කොහොමත් ලමයෙක් ගැන හිතේ ආදරයක් නැත්නම් ලමයි බලා ගන්න වැඩේ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියන එකයි මගෙ පෞද්ගලික අදහස නම්. මොකද ලමයි කරන දග වැඩ ඉවසල හෙමින් සීරුවේ හදා ගන්නනම් ලමය ගැන ආදරනීය හැගීමක් තියෙන්නම ඕනෙ.ඒක හොදටම දැන් පේන්න තියෙන්නෙ අපේ නන්ගිගෙ පොඩි එවුනුයි උන්ව බලන්න ඉන්න අයයි දැක්කම. කොහොම නමුත් අම්ම, තාත්ත, සීයා, ආච්චි නැත්නම් ලගම නෑයෙක් ඇරුනම ඔය කියන හැගීම පිට කෙනෙකුට ඇතිවෙන එකනම් බොහෝ දුරට අඩුයි කියල තමයි මට ඒකෙන් හිතුනෙ.


25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...