මේ
සිදුවීම් පෙලත් මට අවුරුදු තුනත්
හයත් අතර කාලෙදි වගේ
උන පොඩි සිද්දීන් කීපයක්
මගේ මතකයේ තියෙන. පොඩි සිදුවීමක් උනත්
මන් හිතුව තාමත් මතක නිසා සටහන්
කරන්න.
ඉතින්
ඒ දවස උදා උනේ
අපේ තාත්තාට වෙන පලාතකට ලැබුන
මාරුවීමත් එක්ක. අපි හිටපු ගෙදරින්
අයින් වෙලා යන්න සිද්ද
උනා. ඒ දවස්වල මගේ මතකයන්
ගොඩක් තිබුනෙ නාපු ගගේ, තාරාවො
එක්ක හා සොල්දරේ. ඒ
ඔක්කොම අතෑරල යද්දි මට තිබුන හැගීම
නම් මතක නෑ. නමුත්
මන් ආසවෙන් ලෑස්ති උනා අලුත් පදින්චියට
යන්න. එදා ගෙදර තිබුන
ඔක්කොම බඩු ටික ලොකු
ලොරියක් පටවල තිබුන. කීපදෙනෙක්
ඇවිත් හිටිය ඒ වැඩවල උදව්වට.
මගේ යාළුව එදා කොහෙ හිටියද
මගෙන් කොහොම සමු ගත්තද කියන්න
මට හරියට මතක නෑ.
මාවයි
නන්ගිවයි බලාගන්න හිටපු කෙනත් එදා අපිත් එක්ක
යන්න හිටිය නිසා එයාගෙ අම්මත්
ඇවිත් හිටිය. වැඩිහිටි අයට වැදලා තමා
අපේ සිරිත් වලට අනුව ආචාර
කිරීම් හා සමු ගැනීම්
කරන්නෙ. ඉතින් ඒ දවසෙ ගොඩාක්
අයට වදින්න සිද්ද උනා. හැමෝම කිව්වෙ
'පුතේ දග වැඩ නොකර
ඉන්න ඕනෙ' කියල තමයි.
යන එක හොදයි කියල
හිතපු අයත් ඉන්න ඇති
කියල දැන් මේක ලියද්දි
මට හිතෙන්නෙ ඒ අයට මන්
නිසා ලැබුන පොඩි පොඩි කරදර
හින්දා. ඉතින් මේ කියන්න යන
අවස්තාව තමයි මට මතක
විශේශම නමස්කාරය. එදා ඇවිත් හිටපු
වැඩිහිටියො අතරෙ අපිව බලාගන්න
හිටපු රේණුකාගෙ අම්මවත් මන් මේ වෙලාවෙ
තෝරගත්ත ඒ නමස්කාරයට. මන්
හිතන්නෙ පොඩි ලමයෙක් විදිහට
මට හිතුනෙ ගෙදර වැඩට හිටපු
කෙනාගෙ අම්ම කියන සිතුවිල්ල
නෙවෙයි වෙන්නැති. කරුණාවේ මූර්තියක් වගේ හිටපු ඒ රේණුකාගේ
අම්මනෙ කියන හැගීම වෙන්න
ඇති.
අපිව
පොඩි කාලෙ බලාගන්න හිටපු
අයගෙන් හොදම කෙනා රේණුකා
කියල කියන්න පුලුවන් කාරනා ගොඩක් තියෙනව. අපේ නන්ගිගෙ පොඩි
එකා දගලද්දි මගේ ඉවසීම ඉක්මනින්ම
පනින්න එනව ඌව පැයක්
වරුවක් බලාගනිද්දි. ඒත් අවුරුදු කීපයක්ම
අපේ වැඩ ඉවසල ආදරේ
කරපු කෙනෙක් තමයි රේණුකා කියන්නෙ.
අම්මට අමතරව එයා හදපු කිරි
එක විතරයි මන් බිව්වෙ. අම්මට
තිබ්බ බය නිසා දුන්න
කෑමක් බීමක් ඒ විදිහටම බාර
අරගත්තට රේණුකාට නම් වෙනස්කම් කීපයක්
කරන්න උනා. කිරි එකක් හැදුවොත් පලවෙනි පාර උණු වැඩියි. දෙවෙනි සැරේ සීනි මදි. ඊලග පාර
පෙණ නෑ කියන්ව. මේ වගෙ තුන් හතර පාරක් කුස්සියට ගිහින් අපි කැමතිම විදිහට හදල අරන් ඇවිත් පොවන්නෙත් මොකුත්ම කියන්නෙ නැතුව. බැන්න
සැර කලා කියල නම් මගේ මතකයෙ කොහෙවත් නෑ. ඉතින් එහෙම කෙනෙක්ගෙ
අම්ම දැක්කම මට එහෙම වදින්න
හිතපු එක ස්වාභාවිකයි. ඒත්
ඉතින් ඔය තත්වයන් අනික්
උන්දැලට හිතෙන්නෙ නෑනෙ. වැන්ද විතරයි පස්සෙ නඩු ගොඩයි. කට්ටියගෙ
මූනෙන් ඒ වෙලාවෙ මොකුත්
මට තේරුනෙ නැතිවට අලුත් භූමියට ගිය සැනින් රිසල්ට්
එක හම්බුනා. අනේ ඒත් ඉතින්
මට නම් අදටත් හිතෙන්නෙ
ඒ මනුස්සය හරිම අවන්ක සිතින්
එදා මට ආශිර්වාද කලා
කියලයි. මට ගොඩක් දේවල්
කිය කිය අන්තිමට බදා
ගනිද්දි උන්දැගෙ මූනෙ කදුලු. මට
හරිම සතුටු අවස්තාවක් උනා.
තවත්
මේ වගේ මෙමරබල් වන්දනාවක්
සිද්ද වෙන්නෙ එක වසරෙදි ටීචර්ට
වදිද්දි. මොකක්දෝ තිබ්බ හදිස්සියකට මන් මේස කීපයක්
උඩින් දුවල ගිහින් ලමයි
හිටපු පෝලිම පහු කරන් ගිහින්
ටීචර්ට වැන්දෙ දණ ගහන් නැතුව
බාගෙට. පෝලිම් පැනීම, මේස පුටු පෑගීම
හා බාගෙට වැදීම යන කරුනු මුල්
කරගෙන ටීචර් බැන්නෙ 'ඔය ලමයට අම්මල
තාත්තල වදින හැටි කියල
දීල නැද්ද' කියල. මන්නෙ දෙයියනේ දන්නෙ බැනුම් අහගෙන මන් මිනිස්සුන්ට වැදල
තියෙන හැටි. පස්සෙ මන් ගෙදර ගිහින්
ඔය විස්තරේ නොකිව්වට දවස් දෙකකින් විතර
අම්ම දැනගත්තෙ පන්තියේ හිටපු අනික් ලමයින්ගෙ අම්මලගෙන්. කොහොම නමුත් ඊට පස්සෙ මන්
හොදට කොන්ද නවල දන බිම
ගහල වදින්න පුරුදු උනා. කාට නැතත්
උගන්නපු ටීචර් කෙනෙකුට වදිද්දි නම් ඔලුවට ටොක්කක් ඇන්න වගේ මේක
මතකෙට එනව.
සමුගැනීමේ
ක්රමයක් විදිහට ඒ දවස්වල මන්
කලේ මූන ඉබින එක.
ඉතින් ඉස්කෝලෙ ඇරිල එද්දි එක
වසරෙ හිටපු මගෙ ගෑණු පිරිමි
යාළුවො ඔක්කොගෙම මූන ඉබල තමයි
එන්නෙ. ගොඩක් වෙලාවට මේක දැක්කෙ අම්ම
හරි අපිව බලාගන්න හිටපු
කෙනා හරි තමයි. ඒත්
දවසක් තාත්ත මාව එක්ක යන්න
ආපු දවසක තමයි මේ
පුරුද්ද්ට සහමුලින්ම තිත තිබ්බෙ. ඉතින්
එදත් සුපුරුදු පරිදි කට්ටියවම ඉබල මන් පිටත්වුනේ
ගෙදර යන්න. එදා අවුලක් නෑ.
පස්සෙ දවසෙත් තාත්ත ආවම තමයි එයා
දැන ගත්තෙ මේක මගේ දිනපතා
කාර්යක් කියල.
මන්
දන්නෙ නෑ ඔයාල මේක
කොහොම හිතයිද කියල නම්. ඒත්
උන සිද්දිනෙ මන් ලියන්නෙ. ඔයාල
දන්නවනෙ සින්හල සිරිත් විරිත් වලට අනුව හරක්
මස් කියන්නෙ ආහරයට ගත යුතු කෑමක්
නෙවෙයි කියල. හරක් නෙවෙයි මන්
නම් කියන්නෙ ඕනෙම සත්වයෙක් ගැන
එහෙම හිතන්න ඕනෙ කියල. ඉතින්
පොඩි කාලෙ ඉදන්ම අපි දන්නව හරක්
මස් කියන්නෙ පිලිකෙව් කෑමක් කියල. ඉතින් මේ සිද්දියෙදි තාත්තා
කිව්වෙ 'ඔය ලමයි හරක්
මස් කාල ඉස්කෝලෙ එන්නෙ.
ඒ හින්ද ඉබින්න යන්න එපා' කියල.
අනේ ඉතින් මට හිතුන හැගීම
මෙහෙමයි කියල කියන්න තේරෙන්නෙ
නෑ. මට මන් ගැනම
හරිම අවුල් සිතුවිලි ගොඩක්, පිලිකුලක් ඇතිඋනා කිව්වොත් හරි. බඩ ඇතුලෙ හරකෙක් දගලනව වගෙ දැනුනා. ගේ පිටිපස්සෙ දිගා වෙලා ඉන්න දුබුරු පාට හරකව කොයි වෙලෙත් මතක් උනා. ඇඩුනා. හැබැයි තාත්තගෙ ක්රමේ නම් තිතටම වැඩ කලා.
පිලිකුලක්, දුකක් කියන්නෙත්
අකුසලයක් කියල මන් ලගදි
දැන ගත්තෙ 'තිත්තගල්ලෙ ආනන්ද සිරි හාමුදුරුවන්ගෙ' බණකදි.

No comments:
Post a Comment