පොඩි
කාලෙ ඉඩන්ම පටන් ගන්නයි මන්
හිතුවේ. අවුරුදු තුනක් විතර යනකන් වෙච්ච
දේවල් මතක නෑනෙ. මට
හොදට මතකයි අලුත් සාමජිකයෙක් විදිහට නoගිගේ පැමිනීම
එක්ක මගේ කතා ටික.
ඔන්න
ඉතින් එයා ගෙදර එක්කන්
එන දවස. මට එදානම්
ලොකු සතුටු දවසක්. මොකද මන් ලොකු
අක්ක කෙනෙක් වෙන්න යන්ව කියන එක
මාස ගානකට කලින් ඉදන්ම හැමෝම කියල තිබුන නිසා.
ඉතින් දැන් ලොකු රෙස්පොන්සිබිලිටියක්නෙව.
සන්තොසයි...පස්සෙ
ඉතින් මොකද්ද ඇත්තටම වෙන්නෙ කියලා ඔයාලත් දන්න්වනෙ.
ඔන්න දැන් අම්මයි
තාත්තයි අත්තම්මයි එක්ක එක්කන් එනවා.
මට වඩා ගොඩක් සුදු
යි නෙ යකෝ. ඔලුවෙ
ඉදන් මුලු ඇගම එස්කිමොවෙක්ගෙ
වගේ වහල. මූන හෙන
සුදුවට පේනව. කට්ටියටම හෙන සතුටුයි. ඔන්න
මන් එදාම මගේ කොටස
කරන්න ඔනේ කියල හිතුව.
අත්තම්මගෙන් මන් ඉල්ලුවා මගේ
ඔඩොක්කුවට දෙන්න කියලා. මුලින් එයා අදි මදි
කලත් පස්සෙ මන් ඉල්ලාම සිටිය
නිසා අම්ම කිව්ව පොඩ්ඩකට
දෙන්න කියලා. දැන් පොර මගේ
ඔඩොක්කුවේ සුව නින්දෙ. ඒක
තමා මට එයා ගැන
තියෙන මුල්ම මතකේ. ඉතින් එයා ගෙදර ගෙනාවට
පස්සෙ හැමොටම වැඩ ගොඩයි. ගොඩක්
අය එයාව බලන්න එද්දි
මටත් මොනවහරි ගෙනාපු එකට මට හරිම
හැපී.
එයාව
බලන්න ආව සමහර අයට
තිබ්බෙ මන් එයාට ආදරේද
නැත්නම් ඉරිසියයිද කියල දැනගන්න. ඉතින්
හැමොම ඇහුවා ඒ ගැන. ඒත්
මට හරියටම මොකක්ද හැගීම කියල දැන්නම් මතක
නෑ. තවත් අයට ප්රශ්නෙ උනේ අපි දෙන්නා
පාට දෙකක් වීම ගැන. මන්
කොහෙද වැටිල ඉන්නකොට අහුල ගත්තෙ කියල
ආපු ඇන්ටි කෙනෙක් කිව්ව. තවත් අය යන්න
හදනකොට නන්ගිව අපි ගෙනියන්ව කිව්වා. ඒ
හැම වෙලේම මන් එපා කියල
පොලවෙ පස් කෑවත් දැන්
පොරත් එක්ක ප්රශ්න
ගොඩක් එහෙ මෙහෙ යනව
මගෙ ලඉෆ් ස්ට්යිල් එක
වෙනස් වෙන.
දැන්
පොර ටිකක් ලොකුයි. බෝතලෙන් කිරි බොන්නෙ. අම්මට
ඌව බලල හෙම්බත්ම උන
දවසක මට දුන්න බෝතලේ
කිරි දෙන්න. ඒ දවස් වල
අපි දෙන්න පිටි ජාති දෙකක්
බිව්වෙ. ඉතින් දැන් මට ඕනෙ
උනා වැඩියෙන්ම රස මොකක්ද බලන්න.
කවුද දන්නෙ මට වඩා සැලකිලිද
කියල. බිව්වා....... අම්මොහ් අන්තිම අජූතයි. සීනි පොඩ්ඩක් වත්
නෑ. මේකි ඌරෙක් වගේ
කොහොමද මෙහෙම බොන්නෙ. නමුත් මගෙ හිතට හොදයි.
මොකද මන් බොන කිරි
එක මීට වඩා දස
දසවරක් රසයි. එදා හොද දවසක්.
මෙලෝ රසක් නැති එකෙක්
වගේ ඔක්කොම බිව්ව. අම්මගෙනුත් මට ලකුනු.
දැන්
ඉතින් තාත්තට මගෙ වෙනස කම්
ටිකක් පෙනිල. නන්ගිගෙ හැම වෙඩකටම මගෙත්
සහයොගය ගන්න බලන්නෙ. ඒ
දවස්වල මොබයිල් පෝන් නැහැනෙ ඔනෙ
එකයි එපා එකයි රෙකෝඩ්
කරන්න. තාත්තා හෙන මෙහෙයුමක හඩ
පටිගත කිරීමක් කරන්න. නන්ගි පොඩ්ඩක් අඩ අඩ ඉන්නව.
මන් සින්දු කියනව. තාත්තා අහනව මන් නන්ගිට
ආදරෙද කියල. මන් ඔව් කිව්වම
තාත්ත අහනව කොච්චරක්ද කියල. මගේ හඩ පටිය විනාඩියක් විතර ඇදෙනව ගොඩ්ඩාආආආක්....... කියල. පස්සෙ කාලෙක ඕක අහද්දි හිනා. මගේ එෆට් එක දැකල ගෑනිට
හරි සතුටුයි දැන්.
මේ
ලගදි මන් එයාගෙ පොඩි
එකාගෙ අකුරු කියවීම වීඩියො කරද්දි මට ඕක මතක්
උනා. දැන් පොඩි එවුන්
ලොකු උනහම උන්ට උන්ගෙ
පොඩි කාලෙ දේවල් බලාගන්න
හරි ලේසියි. හැබැයි උන්ට ඒවයෙ අගයක්
තිබුනොත් තමයි සතුටක් හිතෙන්නෙ.
තව ඉතින් මෙයා නිසා මගේ
කතා ගොඩයි. එක පෙලටම එයා
ගැන මෙහෙම කියන්නෙ නැතුව මන් පොඩි පොඩි
කතා විදිහට කියන්නම්.

No comments:
Post a Comment