මුලින්ම
ස්තුතිවන්ත වෙන්න ඕනෙ ඔයාල මගේ
බ්ලොග් කථා ටික කියවන්න
කාලය වැයකිරීම ගැන. අවුරුදු ගානක්
IT ජොබ් එකක් කරල වැඩිපුරම
කලේ කීබෝර්ඩ් එකට කොට කොට
හිටපු එක. ඒකෙ හොද
නරක දායදයන් ගොඩක් මේ වෙද්දි ලැබිල
තියනවා. තමන් ගැන හිතන්න
ඉඩකඩක් නැතුවම කාලය අනිත් හැමදේටම
ගෙවිලා ගියා. ඉතින් මන් හිතුවා මෙතෙක්
ආපුගමනේ විස්තර ටිකක් අනිත් අය එක්ක බෙදා
හදා ගන්න ඕනෙ කියල.
මුලින්ම
මන් හිතුවෙ මට වෙච්ච හිනා
යන සිද්දි මගේ බ්ලොග් කියවන්නට
දෙන්න ඕනෙ කියලා. ඒත්
පස්සෙ මන් හිතුව ඒක
රියලිස්ටික් නෑ නේද කියලත්.
ආයෙ හිතුව ප්රශ්ණ ගොඩ්ක්
එක්ක මිනිස්සු ජීවත් වෙද්දි දුක හිතෙන කතා
මොකටද කියල. අනේ මන්ද. තාම
හරියටම දෙයක් හිතා ගන්න බැරුව
ඉන්නෙ. ඒත් කතාව ලියන්න
ඕන්නෙ.
මේ ලියන මනුස්ස සත්වයා
ගැනත් හැදින්වීමක් දෙන්නම් මට හිතෙන විදිහට.
ඒත් මන් දන්නෙ නෑ
හරිද කියල මොකද ඒක
එකිනෙකාට සාපේක්ශ නිසා. පොඩි කාලෙ නම්
මන් හරිම දග යක්
පැටියෙක්. මාව බලාගන්නවත් හිටපු
අය කැමති උනේ නෑ. ඊට
පස්සෙ කාලයක් යද්දි අහින්සකයි. ඒ කාලෙ කාගෙවත්
හිත රිදවන්න කැමති උනේ නෑ. ඉතින්
ගොඩක් අයගෙ කතා සද්ද
නැතුව අහන් ඉන්න උනා
මගේ හිත් රිදුනත්. ඊට
සමගාමි පරිනාමයත් එක්ක දුක් ගන්නා
රාළ කෙනෙක් උනා. අනුන්ගේ ඕනෙම
දුකකට පිහිට උන පුරුද්දකුත් එක්ක.
පස්සෙ මට ඖලක් උනහම
ගොඩක් අය මිස් ප්ලේස්
උනහම ඔන්න ඉතින් මාත්
ටිකක් වෙනස් වෙලා ගියා. අත්
දහයක් විතර ඈතින් මාත්
හිටිය. වෙන්න ඕනෙ ඒක නෙවේ
තමා. ඒත් එහෙම උනා.
මෙහෙම උනේ ජොබටත් ගිහින්
සෑහෙන කාලෙකින්. ඔන්න ඉතින් හෙන
කට්ටක් කාල ජොබක් කරන්න
ගියා කොලොම්පුරෙට.
අම්මෝ
ඉතින් සමාජයේ ගොඩක් පාඩම් ඉගන ගත්තෙ එතනින්.
විවිධාකාර මනු සත්වයින් හම්බුනේ
එතකොටනෙ අනේ ප්රැක්ටිකලි
තේරෙන්න. දැන් තත්වය නම්
පෙරට වඩා ගොඩාක් වෙනස්.මේක මන් හිතන්නෙ
ගොඩක් ඔයාලට තේරේයි කතා ටික කියවද්දිත්.
ඒ නිසා මන් හිතුව
දැන් මන් මොනවගේ කෙනෙක්ද
කියන එක ඔයාල කැමති
විදිහට හිතන්න ඉඩ දෙන්න.මේ
කතා කොහොමද අඩු පාඩු මොනවද
කියන එකත් මන් ඔයාලගෙන්
දැනගන්න කැමතියි. ඒකටත් පොඩි සපෝට් එකක්
දෙන්න කියල ඉල්ලන ගමන්
ඉතුරු කොටස්වලින් කතා ටික ලියන්න
හිතන් ඉන්නව.
සුබ
දවසක් ඔයාල හැමොටම...
No comments:
Post a Comment