Sunday, 14 October 2018

3.0 සොල්දරේ




සොල්දරයක් කියල ටොපික් එක තියෙද්දි මොකක් ගැනද මේ කියන්න යන්නෙ කියල හිතයි. 90 දශකයෙ වගෙ ඉපදුන කෙනෙක් කියෙව්වොත් සමහරවිට දන්නෙ නැති වෙන්නත් ඉඩ තියෙනව.

මගේ පොඩි කාලේ ලොකු ඉඩක් දුන්න තැනක් තමයි මේ සොල්දරේ කියන්නෙ. ඉස්සර පරණ ගෙවල් වල පොඩි උඩ තට්ටුවකට තමයි මේ නම භාවිතා කරන්නේ. මෙතන ඉතින් ගිහින් රිලැක්ස් එකේ ඉන්න බෑ. මන් ගිය තැන නම් අඩි 5ක් විතර උස කෙනෙකුට හිටගෙන ඉන්නත් බෑ. කළුවරයිත් එක්ක. ඉතින් මෙතන ඉදන් තමයි දවස් වල මගේ යාළුවයි මමයි හොර වැඩ ටික නිස්කාන්සුවේ කරගන්නෙ. එක්කම අම්මගෙන් ගුටි කෑවමත් මෙතනට වෙලා තමයි ටිකක් ඉන්නෙ.

අම්මගෙයි තාත්තාගෙයි ජොබ්ස් නිසා අපි පලාතෙ කුලියට හිටියෙ. මන් කියපු මගෙ යාළුවගෙ ගෙදර තමයි ඔය පොට් එක තිබුනෙ.  මට අදටත් හිතා ගන්න අමරුයි දූවිලි පිරිච්ච මකුළුවො කැරපොත්තො ඉන්න තැනක පැය ගානක් කොහොම හිටියද කියල. අපේ නන්ගිගෙ පොඩි එකා ගෙ අතේ දූවිලි ටිකක් හරි ගෑවුනොත් ලග ඉන්න කෙනාගෙ කොහෙහරි පිහින්න බලන්නෙ. අතින් අපි  කාලෙ සත්තු වගේ ඉදල තියෙන්නෙ. මන් හිතන්නෙ හැමදාටම වටිනාම දේ නිදහස කියල මට දවස් වලත් හිතිල තියෙන්න ඇති.

ඉතින් මටයි මගේ යාළුවටයි තිබුන ප්රධාන  රාජකාරි වලින් එකක් තමයි දවසකට සැරයක් දෙකක් මෙතනට ගිහින් අපේ සෙල්ලම් ලොකේ තනා ගැනීම. අතරින් කන්න එපා කියපු කෑම කන එකත් පරිහරනයෙන් තහනම් කරපු බඩු මුට්ටු සගවා තැබීමත් තවත් අන්ගයන් උනා.
ඊට අමතරව එතන අපිට තිබුන තවත් වටිනා දෙයක්. එක තැනක තිබ්බ පහල පේන පොඩි ග්රිල් එකක්. සමහර දවස්වල කට්ටිය අපිට බැන බැන හොයන හැටි බලන් ඉන්නෙත් මෙතන ඉදන්. ඒත් අපි බීරෝ වගේ ඔහේ හිටියා. ඉතින් මෙතන වටිනාකම වැඩි උනේ මෙන්න මේ නිසයි. දැන් නම් හිතෙන්නෙ ඒක මහම මහ කැත වැඩක් කියල. ඒත් අපිට දවස්වල හිතුනෙ නෑනෙ. කවුරු හරි පහලින් යද්දි වතුර ඔලුවට දැමීම සහ කෙල ගැසීම යන විනොදාන්ශ ටිකට ඉඩක් ලැබුනෙ මෙන්න මෙතෙන්දි තමයි.

ඉතින් විනොදාන්ශෙට පහලින් ගියෙ කවුද කියන එක අදාල උනේම නෑ. අපි ඉන්න තැනට පහලින් කවුරු හරි යනකන් පැය ගනන් නොකා නොබී බලන් හිටියා. මුලින්ම අපි මගේ යාළුවගෙ මාමට තමයි මේක කලේ. මනුස්සයගෙ හොද හිත නිසාම අපිට විතරක් අවවාද කරල අතෑරියා. ඊට පස්සෙ මගේ යාළුවගෙ අත්තම්මට වැඩේ වෙච්ච දවසෙ සොල්දරේ අපි දෙන්නට තහනම් කලාපයක් උනා.

මාත් එක්කම අපේ ගෙදර ආව ප්රෙන්ඩාගෙ අත්තම්මා අම්මට කේළම කියද්දි අම්මගේ මූන බලන්න බැරි තරම් වියරු උනා. "මන් මෙයාට කොච්චර නම් කියල තියෙනවද දගලන්න යන්න එපා කියල" අම්ම එහෙම කියද්දි එහෙම කියන්න එපා, "පුතේ ඔයා එහෙ ආයෙ ඇවිත් දග වැඩ නොකර ඉන්න " කියන ආරධනාවත් එක්ක අත්තම්ම යන්න ගියා. ඊට පස්සෙ දවසකට වරක් අනිවාර්යෙන් ලැබෙන ගුටි පූජාව ඇරබුනේ ප්රෙන්ඩාගෙ අත්තම්ම දොරකඩින් අඩි දෙකක් පාස් කරද්දි.

පස්සෙ මන් වැරැද්ද කිරීමට යොදා ගත් අත් පා සහ කට සදහා අම්මා වෙන් වෙන් වශයෙන් දඩුවම් නියම කලේ මිරිස් කවා වේවැල් ප්රහාර කීපයක් එල්ල කිරීමෙනි දවස් වල අම්මාට වේවැල් සැපයීමට මගේ සතුරු පිරිස් සිටිය හෙයින් ප්‍රහාරයෙන් අනතුරුව එය කැඩුනාද නැද්ද යන්න අදාලම වුනේ නැත
එක් සපයන්නෙක් එක වරක් අම්මාට වේවැලක් සාදා තිබුනේ එය ඇල්ලීමට පහසු වන ආකරයෙන් අඩුවක්ද සවිකරමිනි. එම වේවැල බොහෝ කලක් ඇය ඉතා සුරක්ශිතව තබා ගත් අතර එය සැපයුව 'පීරිස් හාමි' මහතා නිවසට පැම්ණි සෑම අවස්තාවදිම එය තිබේද නැද්ද යන්න විමසීමටඅමතක නොකලේය

පසු කලෙක මාත් නන්ගිත් ඒකමතික තීරනයකින් පසුව එය ලිපට දැමුවෙමු.

No comments:

Post a Comment

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...