මේ
බ්ලොග් එකේ මුල් කොටස්
ටික ගත්තොත් කියවද්දි හිතෙයි ළමා කතා ටිකක්
නේද කියල. ඒක එහෙම වෙලා
තියෙන්නෙ මන් තවම ලියන්නෙ
මගේ ළමා කාලෙදි වෙච්ච
සිදුවීම් නිසයි. නැත්නම් මේක ළමා කතා
බ්ලොග් එකක් නෙවෙයි. ඉතින්
ළමා කතා පෙලක්ම ලිව්ව
හින්ද මට හිතුනා මේ
දැන් තත්වෙ පොඩ්ඩක් ලියන්න මෙහෙම.
මන්
මේ ලියන වෙලාවේ හොදටම
වැස්ස.ජනේලෙන් එලිය බැලුවම ලස්සනට
පේනව වහින හැටි. නිදිය
ගන්නත් හොද වෙලාව කියල
හිතුනත් ඊට වඩා තවත්
එක කතාවක් ලියන එක ඊට
වඩා හොදයි කියල හිතුන. කරන්ට්
එක නැති එක තමා
වැඩේ පටන් ගන්න කොටම
හරහට හිටියෙ. ඉතින් නන්ගි විසින් බිල ගෙවන එයාගෙ
ඩොන්ගල් එක තමයි පාවච්චි
කරන්න සිද්දවුනේ. ගිය මාසෙ බිල
සෑහෙන්න වැඩියි කියල කිව්ව මතකයි.
මන් කියන්නෙ එයාට මේක ඩිස්කනෙක්ට්
කරන්න කියල. ඒත් තාම පොර
එහෙම කරල නැති නිසා
අදත් පාවිච්චි කරන්න හිතුව.
ඉතින්
මේක ලියල නිදියන වෙලාව
වෙනකන්ම වැස්සොත් හොදයි කියල ප්රාර්තනා
කරන්න හිතුව. මේ වහින විදිහටනම්
එහෙම වෙයි වගේ. ඒත්
එකම සිදුවීම එක්කෙනෙකුට හොද වෙද්දි තව
කෙනෙකුට නරක වෙන්නත් පුලුවන්.
පාර දිහා දැන් බැලුවොත්
පේනව කුඩයක් යටින් ගියත් හොදටම තෙමිල ස්කෝලෙ ඇරිල ගෙදර යන
ළමයෙක්. ඒ වගේම මේ
සීතල කාලගුනය හින්ද මන් ගුලිවෙලා නිදා
ගනිද්දි, තව අය ඉන්නව
ඇදුම හැදිල විදවන අය. ඒක නම්
මතක් කරන්න වත් හොද නැති
ලෙඩක්. එක දවසක් මට
හැදිල නොමරී බේරුනේ. අපේ අම්මයි තාත්තයි
එදා හොද පිස්සුවක් නැටුව
බය වෙලා. ඒ සිද්දියත් ලියන්නම
ඕනෙ කතාවක්. ඒත් ඒක වෙන්නෙ
මන් ජොබ් එකකුත් කරන
කාලෙ නිසා ඒ කොටස
ලියද්දි තව ටිකක් කල්
යයි.
ඉතින්
මේ කතාව 'පහ වසරෙ ශිෂ්යත්වෙ' වෙන්නෙ මන් ස්කොලේ පහේ
පන්තියේ ඉන්නකොට. ඒක ඉතින් වෙනම
කියන්නත් දෙයක්ද නේද?? ඔයාලට මතකද දන්නෙ නෑ
මන් කිව්ව මන් අවුරුද්දක් කලින්
ස්කොලෙ ගිය කෙනෙක් කියල,
ඉතින් පහේ හිටියට හරිනම්
මන් ඉන්න ඕනෙ හතර
වසරෙ. කොහොමහරි පන්තියේ ටීචර් ගෙදරට කියල තිබුන ශිෂ්යත්වෙ ව්භාගෙට ඉන්න ඕනෙනම් තව
අවුරුද්දක් පහ වසරෙ ඉන්න
ඕනෙ කියල. අපේ ගෙදර කට්ටිය තව
අවුරුද්දක් පහේ පන්තියේ තියන්න
කැමති වෙලා නෑ. විභාගෙට
ඉන්න වෙන්නෙ නෑ කියල දැනගෙනත්
මාව විභාගෙට සූදානම් කලා. ස්කෝලෙ තිබ්බ
හවස පන්ති වලට මාව යැව්ව.
අම්මත් පාඩම් කියල දුන්න. ගෙදරටත්
'අශෝක' කියල අක්ක කෙනෙක්
ආව පාඩම් කියල දෙන්න. මන්
ඔය කලින් කිව්ව විස්තරෙ දන්නෙ නැති හින්දා මාත්
අනික් ළමයි වගේ විභාගෙට
ලෑස්ති උනා.
කොහොමහරි
විභාගෙට කිට්ටු වෙලා තමයි වැඩේ
දැන ගත්තෙ. ඒත් මට දුකක්
නම් හිතුනෙ නෑ. මන් මහන්සි
උන එක අපරදෙ නේද
කියලවත් මට ගානක් උනේ
නෑ. සමහර හිටිය මගෙ
යාළුවො කිව්වෙ ඒ වගේ භයානක
මොහොතකට මූන දෙන්න නොලැබීම
මගෙ වාසනව කියල. සමහර ළමයින්ගෙ අම්මල
කිව්වෙ අපරාදෙ කියල. අම්මයි තාත්තයි කිව්වෙ ස්කොලෙ ඊලග අවුරුදු වලදි
හොදට මහන්සි වෙලා වැඩ කරන්න
කියල. ඉතින් මේ වගේ විව්ධ
විවිධ අදහස් ඇහෙද්දි මට මොකුත් දුකක්
හෝ සතුටක් දැනෙන්න නැතුව ඇති.
ඔය
එක්කම තමයි අපේ තාත්තට
වෙන පළාතකට මාරු වීමක් ලැබුනෙ.
ඉතින් විභාගෙ ඉවර වෙලා මාසයක්
වගේ යද්දි මට ඒ ස්කොලෙන්
අයින් වෙන්න උනා. ස්කොලෙන් අස්වෙන
අන්තිම දවසෙ පන්තියෙ හිටපු
අයගෙන් දහ දෙනෙක් විතර
අපේ ගෙදර ආව. ස්කොලෙ
ඇරිල ආව ගමන්ම තාත්තා
මාව කොන්ඩෙ කපන්න එක්කන් ගියා. ඒ සැලොන් එක
තිබුනෙ අපි හිටපු ගෙට
ඉස්සරහ නිසා යාළුවො ටික
ඔක්කොම ඒ සැලොන් එකට
ඇවිත් කොන්ඩෙ කපල ඉවර වෙනකන්
හිටපු එකත් ගොඩක් සතුටු
හිතෙන සිදුවීමක් උනා. ස්කොලෙට පයින්
යන දුරක තිබුන නිසා
එදා ගොඩක් අයට එන්න පුලුවන්
උනා. අම්ම හැමෝටම කෑම
බීම ජාති දුන්න.
එක
එක දේවල් වලට අවුරුදු පහක්
තිස්සෙ රන්ඩු වෙවී යාළු වෙවී
හිටපු කට්ටිය. මන් 'මාරි පෙරේතය'
කියල කියපු පිරිමි ළමයයි, ඇගේ හොරි තියෙනව
කියල මන් පල් කරපු
ගෑනු ලමයයි, මගෙ ගවුමෙන් අල්ලල
කලන්තෙ හැදෙනකන් රවුම් කරකවපු පිරිමි ළමයයි ඔක්කොමත් එදා ඇවිත් හිටියෙ
මට සමුදෙන්න. තව අපේ අම්මට
මගෙ වැරදි කියල මට ගහන්න
කියපු ගෑනු ලමයිනුයි, පන්තියෙ
මන් ඩෙස්ක් එක පෑගුව කියල
ලොකු පන්තියක හිටපු අයිය ගෙනල්ල බැනපු
පිරිමි ලමයයි, මගේ පුටුව ගත්ත කියල මන් පුටුවෙන්
ගහපු පිරිමි ළමයයි, ඉන්ටවල් එකෙදි චොකොලට් බිස්කට්, බූන්දි, අච්චාරු, බොම්බයි මොටයි
කාපු යාළුවො කට්ටියයි ඒ
අතර හිටපු තව විශේශ යාළුවො කට්ටියක්. ඉතින් එදා තමයි මගෙ
ජීවිතේ පලවෙනි ෆෙයාවෙල් එක පැවැතුනේ. ෆොටෝස්
ගන්න පුලුවන් උනා නම් දැන්
කොච්චර වටිනවද කියල හිතෙනව. ඉතින්
ඒ කාලෙ හැටියට අපි
කලේ එකිනෙකාගෙ ඔටෝග්රාෆ්ස් සයින් කරපු එක. එක්කෙනෙක්
ලිව්ව 'පෙරලන කොටම මේ පිටුවම
හමුවූවා, මොනව ලියන්නද ඔයාට
ජයවේව" කියල.
ස්කොලෙන්
අස් වෙලා දවස් කීපෙකින්
අපි අලුත් ගෙදරකට පදින්චි වෙන්න ආවෙ තාත්තට ලැබුන
මාරුවීම හින්ද.ඒ අපේ තාත්තගේ
ගම් පළාත. ඉතින් ඊට පස්සෙ වැඩේ
උනේ අපිව අලුත් ස්කෝලවට
දාන එක. නන්ගි හිටියෙ
දෙකේ පන්තියෙ හින්ද එයාට වෙන ස්කොලයක්
හොයා ගන්න අමාරු උනේ
නෑ. ඒත් මන් හිටියෙ
පහේ පන්තියේ මැද වාරෙ වගේ
හින්ද, ගොඩක් ස්කෝලවලින් කිව්වෙ ආයෙමත් අලුත් ලමයි ගන්නෙ ශිෂ්යත්වෙ විභාගෙ ප්රථිපල ආවට
පස්සෙ කියල. ඒ කියන්නෙ හය
වසරට කියල. ඉතින් මට සිද්ද උනේ
වාර දෙකක් විතර ස්කෝලයක් නැතුව
ගෙදර ඉන්න. ඉතින් මේක ලොකු ප්රශ්නයක් උනේ ගෙවල් අහල
පහල හිටපු අයට.
ස්කෝලයක් හම්බෙනකන්
මන් ගියෙ ඉන්ග්රීසි
පන්තියි, දහම් පාසලුයි. ඒ
අතරම ගෙවල් ලග අක්ක කෙනෙක්
ඇවිත් පහ වසර ගණිතය,
විද්යාව ඉගැන්නුව. තාතතගේ
මාරුවීමත් එක්ක ඒ තැන
එයාට හරි ගියෙ නැති
හින්දා තාත්ත එතනින් අයින් උනා. තාත්තගෙ ජොබ්
එකේ ඒ උන නරක
වෙනස්වීම් අපිටත් ටික කාලයක් යනකන්
බලපෑව. ඒත් ඒව එයාල
අපිට දැනෙන්න ඉඩ තිබ්බෙ නැතිඋනත්
කලින් අපේ ගෙදර ආව
ගිය නෑදෑයින්ගෙ වෙනස්වීම නම් හොදටම දැනුනා.
ඉතින්
මේ ස්කොල සිද්දියෙදි, ඒ දවස්වල ශිෂ්යත්වෙන් පස්සෙ ඒක ෆේල් වෙන
ළමයින්ට තිබ්බ තව විභාගයක් තිබුන
'ඇතුලත්වීමෙ විභාගෙ' කියල. කොහොමහරි මේ විභාගෙන් පාස්
වෙලා තමයි මන් ආයෙමත්
ස්කොලේ ගියෙ.තවම මට
මතකයි ඒ විභාගෙ දවස.
මට එහා පැත්තෙ විභාගෙ
ලියපු ලමයව. එයාව එච්චරම මතක
හිටින්නෙ මන් ඒ ලමයට
මන් උත්තර ලියපු කොලේ පෙන්නපු හින්දයි.
මට එවෙලෙ හිතුනෙ මේක ෆේල් උනොත්
ඒ ලමයටත් මට වගේ ස්කෝලයක්
නැතුව ඉන්න වෙයි කියල.කොහොමහරි අපි දෙන්නටම විභාගෙ
ගොඩ යන්න පුලුවන් උනා.
එක
වසරට ගිය පලවෙනි දවසෙ
වගේ, හය වසරට ගිය
පලවෙනි දවසෙත් මන් දන්න කියන
කවුරුවත්ම හිටියෙ නෑ. වෙනම පලාතක
අලුත් මූනු ගොඩක්. ස්කොලෙ
කාලෙ හොදම කාල පරිච්ඡේදයක්
පටන් ගත්තෙ මෙතෙන්දි කිව්වොත් හරි.

No comments:
Post a Comment