මන්
මගේ කතා ටික සිද්ද
උන පිලිවෙලට ලියන්න හිතුවත් තව කතා තුනක්
විතර අමතක උනා පහ
වසර ශිෂ්ය්යත්වෙ කියන ලිපියට කලින්
ලියන්න.ඉතින් මේ කියන සිදුවීමත්
ජීවිත කාලෙටම අමතක නොවෙන සිදුවීමක්
වගේම පාඩමක් කිව්වත් හරි. අදටත් හොද
පුරුද්දක් විදිහට ගෙදර හදන බල්ලව
විතරයි හුරතලේට ගන්නෙ. කොච්චර ලස්සන බල්ලො දැක්කත් අත තියන්නවත් හිතෙන්නෙ
නෑ.
අපි
ඒ දවස්වල් හිටියෙ තාත්තට ආණ්ඩුවෙන් දුන්න ක්වාටස් වල. පාර අයිනෙම
තමයි ගෙදර තිබුනෙ. මිදුල
තහනම් කලාපයක් වෙලා තිබුනෙ ඔය
හේතුව හින්ද. ඉතින් ඔහොම ඉන්න දවසක
මන් කොහොමහරි පොඩ්ඩක් දොර ඇරල එලියට
ගියා. නන්ගිත් ඉතින් පස්සෙන්ම එනවනෙ මන් මොනවද කරන්නෙ
කියල බලන්න. එලවන්නත් බෑ. එලෙව්වොත් මන්
දොර ඇරගෙන එලියට යනව කියල අම්මට
කියනවනෙ. ඉතින් අපි දෙන්නම දැන්
මිදුලෙ.
ඉතින්
පොඩ්ඩක් එලියෙ එහෙ මෙහෙ යද්දි
දැක්කෙ හොදට ගුලි වෙලා
නිදා ගෙන ඉන්න කළු
දුඹුරු පාට බල්ලෙක්. අත
පය තියන් නිකන් ඉන්න බැරි අමාරුවක්
තිබ්බ හින්ද පොඩ්ඩක් කකුලෙන් උගෙ ඔලුව අත
ගෑව.හිතුවෙ තව හොදට පොර
නිදියයි කියල උනත්, ඇත්තටම
උනේ ඒකෙ අනික් පැත්ත.
ලාවට පොඩ්ඩක් ඔලුව උස්සල මන්
දිහා බලල ගොරවද්දිම මන්
ටක් ගාල ගෙයි දොර
පැත්තට දුවන් ගියෙ ඌ බලපු
බැල්ම හරිම දරුණු හින්ද.
ඒත්
මට වඩා බලුව ඉස්සර
උනා. ඌට පුලුවන් උනා
මන් ගෙයි ඇතුලට යන්න
කලින් කකුලෙන් අල්ලන්න. හොද වෙලාවට මන්
දැක්කෙ නෑ ඌ මාව
හපා කාපු විදිහ මන්
පිටිපස්ස හැරිල හිටපු හින්ද. කකුලෙ දනිස්සටත් උඩින් තමයි පොර ඇල්ලුවෙ.
කෑගහපු සද්දෙට පාරෙ ගිය මිනිස්සු
දහයක් විතර මිදුලෙ ඉන්නව
දැක්කෙ ඊට පස්සෙ. නන්ගි
දොර ලග තිබුන ජනේලෙකට
නැගල එල්ලිලා ඉන්නව පූසෙක් වගෙ. මොකුත් සද්දයක්
නෑ. ඉතින් මන් ගල් ගිල්ල
වගේ ඉන්නකොට එතනට ආපු කෙනෙක්
කිව්ව අම්මට කතා කරන්න කියල.
හපොයි..
ඉතින් ඊට පසෙ තමයි
මන් පියවි සිහියට ආවෙ. බලුව කෑවත්
කමක් නෑ. දැන් කොහොමද
මේක අම්මට කියන්නෙ. වැරදි කීයකට ගුටි කන්නද? කොහොමත්
නන්ගි කේලමිත් දැකපු හින්ද මොකුත් බොරුවක් කරන්න කොහොමත්ම බෑ. වෙන දෙයක්
උනාවෙ කියල අසිහියෙන් වගේ
ගෙට ගියෙ. කකුලෙන් දැන් ටිකක් ලේත්
එනව. හෙමින් හෙමින් ගිහින් බැලුව අම්ම කොහෙද කියල.
කුස්සියේ වැඩක්. වැඩේ සීරියස් වැඩි
කමට මට මොකුත් දැනෙන්නෙත්
නෑ. ඇඩෙන්නෙත් නෑ.
වොලුයුම්
බොහෝම අඩු කරල කිව්ව
"අම්මෙ මාව බල්ලෙක් කෑව"
කියල. හරි ඉතින්. හිතපු
විදිහටම පාරක් දෙකක් එවෙලෙම දුන්නෙ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ.ඔන්න ඊට පස්සෙ
තමයි මට ඇඩුනෙ. දැන්
පයිප්පෙ ඇරිය වගේ හෝ
ගාල අඩනව. බැක් ග්රවුන්ඩ්
එකෙන් ඇහෙනව අම්ම බනිනව. එතකොටම
නන්ගි දුවගෙන ඇවිත් කිව්ව "අම්මෙ ඉස්සරහ මිදුලෙ ගොඩක් කට්ටිය ඉන්නව. අම්මට කතා කරනව" කියල.
අම්ම අපි දෙන්නවත් ඇදගෙන
ඉස්සරහට ගියා. ඔය අස්සෙ නන්ගි
කියනව "අද තමුසෙට ගුටි
තාත්තගෙනුත් හම්බවෙයි" කියල.ඉතින් ඔතෙන්ට
ඇවිත් හිටපු අය එක එක
දොස්තරලගෙ විස්තර කිව්ව එක්කන් යන්න කියල. එතන
හිටපු එක ගෑණු කෙනෙක්
විශ්වාසෙන්ම කිව්වෙ මාව කෑවෙ පිස්සු
බල්ලෙක් කියල. දැන් ඔය ඔක්කොම
අහල අම්ම ඉන්නව මොකද
කරන්නෙ කියල හිතා ගන්න
බැරුව.
ඔය
අතරෙ අල්ලපු ක්වාටස් එකෙ හිටපු ඇන්ටි
ඇවිත් කිව්වෙ ඒ ලගක ඉන්න
වෙද මහත්තයෙක් ලගට එක්කන් යමු
කියල. එයා ඒ සම්බන්දයෙන්ම
ඉන්න කෙනෙක් කියල. අම්ම අවුරුදු කීපයක්
ඔය පලාතෙ හිටියත් වැඩිය එහාට මෙහාට ගිහින්
තිබුනෙ නෑ. ඉතින් එයා
දන්න කෙනෙක්ගෙන් ඒ ලැබුන උත්තරේ
තමයි ඒ වෙලාවෙ හැටියට
හරි කියල පිලි ගත්තෙ.
ඔන්න ඉතින් ලෑස්ති වෙන්න කියල ගේ ඇතුලට
ගිහින් හෝ ගාල කියවන්නෙ
තාත්තත් ගෙදර නැති වෙලේ
මන් කරගත්ත අපරාදෙ ගැන. නන්ගිත් පැත්තකින්
ඉදගෙන අම්මට පෝර දානව. මටත්
කියන්න කියල මෙලෝම දෙයක්
නැති හින්ද මොකෙක්ද වගේ අඩ අඩ
අහන් ඉන්නව.
කොහොමහරි
ඉතින් එතෙන්ට ගිහින් බෙහෙත් අරන් ගෙදර ආව.පස්සෙ තාත්ත ගෙදර ආවම ආයෙමත්
වෙන දොස්තර කෙනෙක් ලගට එක්කන් ගියා.
මතක විදිහට එවෙලෙ ඉන්ජක්ශන් එකක් දුන්නද කොහෙද.
ඉන්ජක්ශන් කෝස් එකක්ම දෙන්න
වෙනව කියල කිව්ව. මන්
එදා හිටපු තත්වෙ දැකලද කොහෙද බල්ල හපපු විස්තරේ
ඇරෙන්න තාත්ත වෙන මොකුත්ම කිව්වෙ
නෑ. මන් හිතුවෙ නම්
හැබැයි බනියි කියල තමයි. නන්ගි
පොරක් වගේ කියව කියව
හිටියෙ එයා ජනේලෙට නැගල
බේරුන විදිහ.
ඉතින්
ඔය සිද්දියෙන් පස්සෙ මමයි බලුවොයි ගොඩක්
ඈත් උනා. කොච්චර හුරුබුහුටි
සුරතල් බලු පැටියෙක් උනත්
ඇල්ලුවෙ හිතේ දෙගිඩියාවකින්. පාරෙ
යද්දි බලුවෙක් හම්බුනත් ඌට අඩි ගානක්
ඈතින් තමයි මන් ගියෙ.
කෑමක් බීමක් උනත් දුන්නෙ වෙන
කාට හරි කියල මිසක්
උගෙ ලගට ගිහින් දෙන
පුරුද්දක් තිබුනේ නෑ. දවසක් යාළුවෙක්ගෙ
ගෙදර ගියා. එහෙ බල්ලො ගොඩයි.
ඔක්කොමල ඉන්නෙ ගේ ඇතුලෙ. මේ
යකා මට කලින් කියල
තිබ්බෙත් නැති හින්ද මට
උන්ව දැකල කලන්තෙයි වගෙ.
මගෙ යාළුවත් මගෙ මේ ස්ටෝරි
එක දන්නෙ නෑ. එයයි එයාගෙ
අම්මයි කොච්චර කිව්වත් උන් හපන්නෙ නෑ
කියල මන් පරාන බයකින්
හිටියෙ. කොහොමහරි මන් උන්ගෙන් ගොඩක්
ඈත් වෙනකොට ඒ ආන්ටි ඇහුවෙ
"වෙජිටේරියන් වෙලත් සත්තුන්ට ආස නැද්ද?" කියල.
ඉතින් එහෙම අහපු හින්ද
මගෙ මේ කතාව එයලටත්
කියන්න උනා. ඊට පස්සෙ
එතන හිටපු තඩියො කීප දෙනෙක් මගෙ
යාළුව ගෙයි ඇතුලට යැව්වෙ
මන් හිටපු අසරණ තත්ත්වෙ දැකල.
ඔය
කතා ඔහොම තිබුනත් මන්
හරිම කැමැත්තෙන් හිටියෙ ඩියුලක්ස් පේන්ට් ඇඩ් එකේ වගේ
ඇස් වැහෙන්න මවිල් පිරුන බලුවෙක් හදන්න. ගෙදර බලූල කීප
දෙනෙක් හිටියත් ඒ වගේ කෙනෙක්
ලැබුනෙ නෑ. ඉතින් දවසක්
මන් එහෙම එකෙක්ව දැක්කෙ
මන් ලොකු තාත්තලගෙ ගෙදර
ඉන්නකොට. ඒ වගේ ලස්සන
බලු තඩියෙක් එහාට මෙහාට ඇවිද
ඇවිද ඉන්නව ගෙදර අයත් එක්ක.
ඉතින් ආසම බැරිම තැන
මන් එතෙන්ට කිට්ටු වෙද්දි ඒ ගෙදර අය
කිව්වෙ ඒ බලුවට කිචි
තියෙන නිසා පිට අයට
ඌව අල්ලන්න බෑ කියල.
බලූල ගැන මේ වගේ මතකයන් ටිකක් තමයි තියෙන්නෙ.

No comments:
Post a Comment