Wednesday, 10 April 2019

23. ටියුශන් පන්ති - 01




















ටියුශන් පන්ති ගැන කියන්නත් ගොඩක් විස්තර තියෙනව. මුලින්ම ටියුශන් පන්තියකයට ගියෙ මන් හිතන්නෙ දහය වසරෙ වගේ ඉගෙන ගන්න කොට.ඕලෙවල් විභාගෙට තමයි ඒ පන්ති තිබුනෙ.පන්ති වලට යන මුල් දවස් වල හරිම ආසාවෙන් ගියාට ඇඩ්වාන්ස් ලෙවෙල් විභාගෙ කාලෙ වෙනකොට පන්ති යන එක ඇතිම වෙලයි තිබුනෙ. ඒලෙවෙල් වලට තිබුනෙ සබ්ජෙක්ට්ස් හතරක් උනාට විභාගෙ කිට්ටු වෙනකොට මුලු සතියෙම වගේ පන්ති තිබුනා.

ඒ මොන දේ උනත් අනිවාර්යෙන්ම කියන්න ඕනෙ මට අමාරු හැම විශයක්ම පාස් වෙන්න පුලුවන් උනේ ඒ ගිය පන්ති වලින් හින්ද කියල. ස්කෝලෙ අධ්‍යාපනය දවසේ පැය කීපයකට සීමා වෙලා තිබුන හින්ද මූලික දැනුම විතරක් එතනින් ලැබුන කිව්වොත් හරි. ඊට පස්සෙ අපිට තිබුන ගැටළු ඔක්කොම විසද ගන්න ලැබුනෙ ඒ පන්ති වලදි තමයි.
ඉතින් මුලින්ම මේ පන්තිවලට යද්දි මට තිබුන ලොකුම ප්‍රශ්නෙ උනේ ඇදුම. මොකද අපේ ගෙදරින් නීතියක් දාල තිබුන ටියුශන් පන්තියටත් ස්කොලේ අදින සුදු ගවුමම අදින්න ඕනෙ කියල ස්කොලේ ටයි එක නැතුව. අනික් හැම ළමයෙක්ම එක එක විදිහෙ පාට ඇදුම් අදිද්දි මන් කාලයක් යනකන්ම ගියෙ සුදු යුනිෆෝම් එක ඇදගෙන.එහෙම සෑහෙන කාලයක් ගියාට පස්සෙ මන් චුරු චුරු ගාලම තමයි ඒ අදහස වෙනස් කරගන්න පුලුවන් උනේ. තාත්ත කියල තිබුනෙ එතන තියෙන්නෙ ඇදුම් ප්‍රදර්ශනයක් නෙවෙයි හින්ද ස්කොලෙ යුනිෆෝම් එක තමයි සුදුසුම ඇදුම කියල.

ඉතින් ඔය පන්තිවලට ළමයි සීයක් දෙසීයක් විතර ආව. ලොකු හෝල් එකක තමයි ඒ පන්ති තිබුනෙ. ඉදගන්න ඉඩක් අල්ලගන්න එක තමයි ඒ දවස්වල මගෙ යාළුවන්ට තිබුන ලොකුම චැලේන්ජ් එක. මොකද ගොඩක්ම පස්සට ගියාම බොර්ඩ් එක පේන්නෙ නෑ.ඉතින් මේ වැඩේ ලේසි එකක් උනේ නෑ මොක්ද හැමෝම ට්‍රයි කලේ ඉස්සරහ හරි මැද තියෙන හරි පේළි වල වාඩි වෙන්නයි. ඒක හින්ද හැමෝම පොර කාගෙන ගිහින් තමයි ඉඩ අල්ල ගත්තෙ. මාළු ගොඩක් ඉන්න තැනකට ගිහින් කෑම ටිකක් දැම්මම ඇතිවෙන තත්වෙට සමානයි මෙතන තත්වෙත්. ඒ කොහොම උනත් මන් ඔය වැඩේට නම් හවුල් උනේ නෑ මොකද මට සෙනග ගොඩක් අස්සෙ තෙරපෙද්දි හුස්ම ගන්න අමාරු වෙනව වගේ දැනෙන හින්ද.ඒක උනේ දවසක් පොඩි කාලෙදි බස් එකෙදි උන වැඩෙන් තමයි.ඒ ගැන වැඩි විස්තර තියෙනව බස් පෝස්ට් එකේ.ඉතින් පන්තියේ ඉඩ අල්ලන වැඩේ එකම කෙනාට කරන්න අමාරු හින්ද අපේ යාළුවො කට්ටිය තීරණය කලේ මාරුවෙන් මාරුවට ඉඩ අල්ලන්න යන්න. ඒකෙන් උනේ මන් ඉඩ අල්ලගන්න ගිය දවසට පිටිපස්සෙන්ම තියෙන පේලි වල වාඩි වෙන්න උන එකයි. මන් දවස් කීපයක්ම ට්‍රයි කලත් හුස්ම ගන්න අමාරුයි වගේ දැනෙනකොට නිකන්ම පස්සට ඇදිල ගියා. අන්තිමට මන් ඇරෙන්න අනික අය තමයි මට බැන බැන ඉඩ අල්ලගන්න පොරකන්න ගියෙ. උන් වාඩි උනාම මන් නිවී සැනසිල්ලෙ ගිහින් අල්ලපු ඉඩේ ඉදගත්ත.

ඒත් එක්කම මමයි තව ගෙවල් ලග ඉන්න යාළුවො කීප දෙනෙකුයි ගියා ඉන්ග්‍රීසි පන්තියකට. ගෙවල් ලග ඉන්න අපේ තව යාළුවෙක්ගෙ ගෙදර තමයි පන්තිය තිබුනෙ. හවස පහේ ඉදන් රෑ අට වෙනකන් මේ තිබ්බ පන්තිය අපි ඔක්කොම හය දෙනෙක් විතර හිටිය. රෑ ආපහු ගෙදර ආවෙ මමයි උගන්නපු ටීචර්යි තව යාළුවො දෙන්නෙකුයි. මේ ගමන තමයි මමයි මගෙ යාළුවටයි අලුත්ම අත්දැකීමක් එකතු කලේ. මොකද ඊට කලින් අපි රෑ පන්තියකට ගිහිනම් නෑ.අපි හතර දෙනාම පයින් ආවෙ. අපිත් එක්ක ආව පිරිමි ළමය තමයි මුලින්ම ගෙදරට යන්නෙ.කට්ටියම පොඩි වයසෙ හිටියෙ හින්ද කට්ටියම ආවෙ ටිකක් විතර බයෙන්. ඒත් අපි හරිම කැමතියි එහෙම එන්න. ඉතින් අර බෝයි ගේ ලගට යද්දි සමහර වෙලාවට එයාගෙ ගෙදර දොර වහල. එහෙම වෙලාවට මේක දොර ලග ඉදගෙන 'අම්මේ' කියල බෙරිහන් දෙනව. අපි තුන් දෙනාට ඉන්න කියනව ගෙදර දොර අරිනකන්.ඊට පස්සෙ ගෙදර ගියෙ මන්. ඉතින් ඉතුරු දුර මමයි මගෙ යාළුවයි ආවෙ බදාගෙන වගේ. ටීචර් කියන්ව මෙයාගෙ නන්ගිවත් මෙච්චර බය නැතුව ඇති කියල. ස්කොලෙ ඇරිල ගෙදර ආව ගමන් යන්න සිද්ද උන පන්තියක් හින්ද සමහර දවස්වලට මට යන්න කම්මැලි හිතෙනව. ඉතින් මන් දවසක් කලෙ ස්කොලේ ඉදල ගෙදර එන්න පරක්කු උන එක. මන් හිතුව පරක්කු උන හින්ද අම්ම පන්ති නොයව ඉදියි කියල. ඒත් උනේ අනික් පැත්ත. ඒකෙන් උනේ මගෙ යාළුවත් නැතුවම තනියම පන්තියට යන්න උන එකයි. එදා වෙනදටත් වඩා මහන්සියි. දවසක් මනුස්සයෙක් පාරෙ අයිනෙ ඉදන් මුත්‍රා කරද්දි අපි බයවෙලා ටෝච් එක ඇල්ලුව මොකකද ඒ පාරෙ අයිනෙන් ආව සද්දෙ බලන්න.අන්තිමට ඒ කෙනා කරපු වැඩෙත් නවත්තල දුවන්න වගේ ලෑස්ති උනා. අන්තිමේදි ටීචර් ගෙදර යනකොට එයාගෙ ලේ පයින්ට් දෙකක් තුනක් පිච්චිලා ඉවරයි.

පස්සෙ කාලෙක අපේ ගෙදරට වයසක සර් කෙනෙක් ආව නන්ගිටයි මටයි ටියුශන් දෙන්න. ඒ ආවෙ ඉන්ග්‍රීසි වලට.ඒ පන්තිය තමයි අපිට තිබුන ආසම නැති පන්තිය. හරිම කම්මැලි බෝරින් පන්තියක් කිව්වොත් හරි. ඒත් ඉතින් ගෙදර අයගෙ බල කිරීමට අපි දෙන්න හිටිය. සමහර දවස්වල නන්ගි මොකක් හරි ලෙඩක් කියල මාරු වෙනව. ඉතින් ඔය එන ගොඩක් දවස් වලට ඒ සර් ලොකු උරේකින් ඔතපු බෝතලේකුත් අරන් ආව. එහෙම ගෙනත් අපිට උගන්නපු මේසෙ යටින් ඒක තියල කිව්වෙ එයාගෙ බෙහෙත් බෝතලේ කියල. අපි දෙන්නට සැක හින්ද දවසක් සර් බාත් රූම් යනකන් ඉදල අපි දෙන්න උරේ ඇරල බැලුවම තිබුනෙ අරක්කු බෝතලයක්. ඒ පන්තියත් හවස හත හමාර විතර වෙනකන් තිබුන. නන්ගිනම් ගොඩක් වෙලාවට නිදාගෙන හිටියෙ. ඉතින් සර්ව බස් හොල්ට් එක ලගට ගිහින් ඇරලවන්න තාත්ත පුරුදු වෙලා හිටියෙ ඒ හරියෙ කලුවරේ යන්න ඒ සර්ට අමාරු හින්ද. තාත්ත ගෙදර නැති දවසට ටිකක දුරට වගේ යනකන් ටෝච් එකත් අරන් මන් ගියා. ඉතින් සර් අනික් දවසෙ උගන්නන්න ආවම කියන්ව එයා කැමති ස්ටුඩන්ට්ස්ලගෙන් කෙනෙක් මන් කියල. ටෝච් එකත් අරන් මන් යන හින්ද නන්ගි ඒ දවස්වල මට කිව්වෙ පන්දමා කියල.

ඉතින් ඔය ඇඩ්වාන්ස් ලෙවෙල් කාලෙදි මමයි තව මගෙ යාළුවො කීප දෙනෙකුයි ගියා පොඩි කණ්ඩායම් පන්තියකට. එතෙන්දි කලේ පරන ප්‍රශ්ණ පත්තර වල තිබුන ගණන් හදපු එකයි. අපි අවුරුදු දෙකකට කලින් වගේ විභාගෙ ලියල දිස්ත්‍රික්කෙන්ම පළවෙනිය උන අයිය කෙනෙක් තමයි ඉගැන්නුවෙ. හරිම ලැජ්ජාශීලි කෙනෙක්. ඉතින් අපි ගෑණු ළමයි කට්ටියක් විතරක්ම හිටපු හින්ද ඒ අයිය තව ලැජ්ජාවෙන් වගේ තමයි හිටියෙ. අපි වෙන මොනවහරි දේකට පොඩ්ඩක් හිනා උනත් ඒ මනුස්සයට අප්සෙට් යනව. ඉතින් අපි ඒ පන්තියේදි පුලුවන් උපරිම මට්ටමෙන් විනය තියාගෙන හිටිය. ඒ අයිය කොහොම හොදට විභාගෙ පාස් වෙලා තිබුනත් අපිට ඕනෙ උනා එයාගෙ දැනුම පරීක්ශා කරල බලන්න. ඒ දවස්වල අපිට තිබුන ගොඩක් ගනන් හදාගන්න බැරි සෝබනේට පොත් මේසෙ උඩින්ම තියාගත්ත පොතක් පියෝ මැත්ස් වලට. 'ග්‍රීන්' කියල ප්‍රොෆෙසර් කෙනෙක් තමයි ඒ පොත ලියල තිබුනෙ.ඉතින් අපි හිතුව ඒ පොතෙන් ගානක් ඒ අයියට දීල බලන්න. මන් ඒ ගාන පොතේ ලියාගෙන ගිහින් කිව්ව ඒක හදන විදිහ කියල දෙන්න කියල. දැන් ඉතින් ගාණ අතට අරන් ටිකක වෙලා කල්පනා කලා. හරිගියෙ නැති හින්ද පුටුවෙනුත් වාඩි උනා. අපි හිතුව හරි තමයි පොරට බෑ කියල. දැන් අනික් ඒව ඔක්කොම පැත්තක දාල මනුස්සය ඒ ගාන ගැන හිතනව. නියපොතුත් කකා හිතනව. දාඩියත් දාල. පස්සෙ ටිකකින් මගෙන් ඇහුව ඒ ගාන හොයාගත්තෙ කොහෙන්ද කියල.ඊට පස්සෙ තමයි මටත් දාඩිය දැම්මෙ. මන් කිව්ව පන්තියකින් දුන්න ටියුට් එකකින් කියල. කොහොමහරි බෝඩ් එකෙත් ලිය ලිය මක මක පැයක් විතර අරන් ගාණ හැදුව. පස්සෙ මන් ග්‍රීන්ගෙ පොතේ උත්තරේ බැලුවම හරි.

කොහොමහරි ඇඩ්වාන්ස් ලෙවෙල් විභාගෙ කිට්ටු වෙද්දි මුලු ජීවිතේම වැහිල තිබුනෙ පන්ති වලින්. මගෙ එක යාළුවෙක් නිතරම කිව්වෙ දවසක මැරෙන්නෙ ඔය පන්තියකදි කියලයි. ඒ තරමටම පන්ති හින්ද ජීවිතෙ දුක්ඛිත වෙලයි තිබුනෙ. ඉතින් ඔය පන්ති තිබුනෙ අපේ ගෙවල් වලට ටිකක් දුරින්. ඒක හින්ද ඒ පන්තිවලට ගිය මුල්ම කාලෙ අම්ම ආව මාත් එක්ක. කිසිම ළමයෙක්ගෙ අම්ම තාත්ත එහෙම ඇවිත් තිබුනෙ නෑ. අම්ම එහෙම ඇවිත් පන්තියෙ සර් එක්ක කතා කරල මාව නිකන් ස්කෝලෙට භාර දෙනව වගේ දෙයක් කරල තමයි ගියෙ. ඉතින් ඔය වැඩේට මගෙ ගොඩක් යාළුවො මාව නෝන්ඩි කලා. මාව එක්ක යන්න එන්න ඕනෙ නෑ කියල මන් කොච්චර කියල් තිබුනත් වැඩක් උනේ නෑ ගිය හැම පන්තියකම මුල් දවසෙ අම්ම ආව.

Wednesday, 3 April 2019

22. සාප්පු සවාරි - 02





















ඒ නන්ගි එක්ක ශොපින් ගිහින් වෙච්ච අනික් සිද්දියෙදි නම් ගුටි කන්නත් ඉඩ තිබ්බ. කොහොම උනත් පෙර පිනකට එහෙම දෙයක් උනේ නෑ. ඒක උනේ අපි දෙන්න ඇදුම වගයක් ගන්න ගියාමයි. අපි ඇදුම් ටිකක් අරන් ෆිටෝන් රූම්ස් තියෙන තැනට ගියා. එතන ඉදගෙන ඉන්නත් පුටු කීපයක් තියල තිබුනෙ. එතන තව පිරිමි කෙනෙක් හිටිය වාඩි වෙලා. එයාගෙ ගර්ල් ෆිටොන් රූම් එකක් ඇතුලෙ හිටියෙ. මෙයා හිටියෙ එයා එනකන්. ටික වෙලාවකින් ඒ ගර්ල් එලියට ආව හොදටම තදට ඇදපු බ්ලවුස් එකක් එක්ක. ඇවිත් ඒ පිරිමි කෙනාගෙන් ඇහුව හොදයිද කියල. එහෙම අහද්දිම මට හිතුනෙ 'අම්මොහ් හොදටම තද වැඩියි' කියල උනත් ඒ මනුස්සය කිව්ව 'ලස්සනයි' කියල. පස්සෙ ඒ ගර්ල් ඇහුව ටිකක් තද වැඩියි වගේ නේද කියල.ඒත් ඒ බෝයි කිව්ව 'නෑ. ඔහොම තමයි තියෙන්නෙ ඕනේ කියල'. එහෙම කියද්දි අපි දෙන්නට මැරෙන්න හිනා ගියා. අර ගර්ල් ආපහු ෆිටෝන් රූම් එක ඇතුලට ගියා. අර කොල්ල දැන් අප් දෙන්නට හොදටම රවනව. අපිට හිනාව නවත්තගන්නත් බැරි හින්ද අපි එතනින් ආව ඇදුම් ෆිටෝන් කරන්නෙත් නැතුව. පස්සෙ අපි ඒ ශොපින් කම්ප්ලෙක්ස් එකේම තිබුන වෙන ශොප් එකකට ගියා. ටිකකින් අපිට ආයෙමත් අර කපල් එක හම්බුනා. එතෙන්දිත් අපිට හිනා ගියාම ඒ කොල්ල අපි දිහා මරන් කන්න වගේ බැලුව. පස්සෙ එතෙන්දිත් උන් දෙන්නව මගෑරල ගියෙ ඇත්තටම අර මනුස්සය රවපු විදිහට බය හිතුන හින්ද. අවාසනාවකට වගේ පස්සෙ අපි තව ගිය ශොප්ස් දෙක තුනකදියි කෑම කන්න ගිය තැනකදියි උන් දෙන්නව හම්බුනාම කලින් උන දේම තමයි උනේ. පස්සෙ අපි එතනින් එලියට ඇවිත් ටැක්සියක් එනකන් ඉන්නකොටත් උන් දෙන්න ආව.කොහොමහරි හම්බෙන හැමසැරේම අපි හිනා වෙන්නත් ඒ කොල්ල රවන්නත් අමතක කලේ නෑ. මොනව උනත් ඒ ගර්ල් හිටියෙ මොකුත් නොවුන ගානට. එයා හිනා උනේවත් රැව්වෙවත් නෑ. එයාගෙ කොල්ලයි අපියි ඔක්කොම පිස්සො කියල තේරෙන්න ඇති. අපි හිනා උන එක කොහොම උනත් වැරදියි තමයි.ඒ මිනිස්සුන්ට හොදනම් අපිට මොකද. එහෙම තේරුනත් ඒ වෙලාවට හිනා යන එක නතර කරගන්න බැරි ලෙඩක් ඒ කාලෙ තිබුනෙ.

ඔය සිද්දියට සමාන තව සිද්දියක් වෙන්නෙ මමයි තව යාළුවෙකුයි ශොපින් ගිය වෙලාවක. අපි දෙන්න ක්ලාස් එකක් ඉවර වෙලා කම්පියුටර් එකට ඕනෙ පොඩි දෙයක් ගන්න ගියෙ. ඒක අරන් ඉවර වෙලා අපි ඊට පස්සෙ කලේ වින්ඩෝ ශොපින් එකක්. ඉතින් පහල ඇවිදින ගමන්ම උඩ තිබුන ශොප්ස් දිහත් බල බල තමයි ඇවිදන් ගියෙ. එහෙම යද්දි එකපාරටම එතනින් ගිය ගර්ල් කෙනෙක්ගෙ ඇගේ හැප්පිල එයා කකා ගිය අයිස් ක්‍රීම් එක බිම වැටුන. හරිම අවුල්. එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් හිටිය. පස්සෙ මන් හරිම බැගෑපත්ව සොරි කිව්වත් ඒ ගර්ල් හොදටම තරහෙන් මන් දිහා බලන් හිටිය. පස්සෙ මන් තව පාරක් සොරි කිව්වත් එහෙමම බලන් හිටිය. පස්සෙ ඒ බෝයි එයාට යන් කිව්වත් හරි ගියෙ නෑ. මට රවාගෙන ඉන්නව. ඉතින් මන් ආයෙත් සොරි කිව්වත් වැඩක් උනේ නෑ. එතකොට මගෙ යාළුව කිව්ව 'ඇති දැන් තුන් පාරක් සොරි කිව්වනෙ. යන්'. කියල.ටිකක් දුර ගිහින් මන් ආපහු හැරිල බලද්දිත් ඒ ගර්ල් ශොක් වෙලා වගේ තරහෙන් එතෙන්ටම වෙලා හිටිය. පස්සෙ මගෙ යාළුව කිව්වෙ එතන දේවල් ගනන් හින්ද ලොකු ගානක් දීල ගත්ත අයිස් ක්‍රීම් එකක්ද දන්නෙ නෑ කියල.

ඉස්සර කොළඹ ඉදල ගෙදර එනකොටත් කඩවල් දෙක තුනකටම වගේ ගිහිල්ලයි එන්නෙ. ඒ එක්කම ලොකු ශොපින් කම්ප්ලෙක්ස් එකකට ගියාම මට ගන්න ගිය දේවල් අමතක වෙලා එවෙලෙට දකින් දේ තමයි ගැනෙන්නෙ.තව දවසක් මන් තනියෙම ශොපින් ගියා. ඒක ප්ලෑන් කරල ගිය ගමනක් නෙවෙයි. මට ඒ ශොප් එක දැක්කම ගන්න ඕනෙ බඩු වගයක් මතක් වෙලයි ගියෙ. මන් හිතන්නෙ ඒක නැතිකරගන්න ඕනෙ දෙයක් කියලයි. ඉතින් ඔය කියන දවසෙදි මන් ඇතුලට ගියෙ ඇදුම් වගයක් බලන්න උනත් අන්තිමේදි නතර උනේ බෑග්ස් සෙක්ශන් එකේ. එතන ලොකු කලෙක්ශන් එකක් තිබුන. මට ගන්න මොකක්ද කියල හිතාගන්න බැරි තරමට ලස්සන ඒව ගොඩක් එතන තිබුන. එවෙලෙ වැඩිය සෙනග හිටියෙ නෑ. මන් දැක්ක වෙන රටක් කපල් එකකුත් බෑග්ස් තෝරනව. මැදිවියේ වගේ හිටපු ලස්සන දෙන්නෙක්. ඉතින් ඔය අතරතුර මට එක පාරට ඇහුන 'කටස්' ගාල සද්දයක්. නිකන් මොකක් හරි කැඩුන කියල තමයි මට තේරුනෙ මන් මොකක්ද උනේ කියල බලන්න ගියෙ නැතිඋනාට. ඉතින් ඔහොම මාත් බෑග්ස් තෝර තෝර ඉන්නකොට ටික වෙලාවකින් අර ෆොරින් ලේඩි පොඩි හෑන්ඩ් බෑග් එකක් මගෙ ලගට අරන් ඇව්ත් ඇහුව ඒක එයාට ඇරල දෙන්න පුලුවන්ද කියල. එයා ඒක අල්ලගෙන හිටපු විදිහටයි අර ඇහුන සද්දෙටයි මට තේරුනා ලොක් එක කැඩීමේ වැරැද්ද මට දෙන්නයි යන්නෙ කියල. ඉතින් මන් ටිකක එහායින් හිටපු සේල්ස් ගර්ල් කෙනෙක් පෙන්නල කිව්ව එයාට පොඩ්ඩක් කියල බලන්න කියල. ඒත් මෙය නෙවෙයි එයාට කිව්වෙ. එතකොට මෙය කරන්න ගිය දේ මට හරියටම තහවුරු උනා. මන් ආයෙමත් කිව්ව එයාට කියන්න කියල. පස්සෙ ඒ බෑග් එක එහෙමම ශේප් එකේ එතන තියල දෙන්න මාරු උනා.ශොපින් ගිය දවසක කරපු මොලේ ඇති වැඩක් තමයි ඒ සිද්දිය.


ඇදුමක් දිහා බලන විදිහෙනුත් අකුසල් රැස්වෙන විදිය දැනගත්තෙ 'තිත්තගල්ලෙ ආනන්දසිරි' හාමුදුරුවන්ගෙ බණකදි. Dhamma
ඇදුමක් නෙවෙයි මොනම දෙයක් ගැන උනත් ඇහෙන් බලල සිතුවිලි දිගටම හිතද්දි සකස් වෙන්නෙ අපේ ඊලග භවය. ඒක නිසා ඒ ඒ දේවල් ගැන යම්කිසි සන්යමයක් හිතේ තියාගෙන වැඩ කරන්න දැන් තමයි උත්සාහ කරන්නෙ. මේ කියන දේ ගැන සමහරවිට ඔයාල එකග නොවෙන්නත් පුලුවන්.

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...