ටියුශන්
පන්ති ගැන කියන්නත් ගොඩක් විස්තර තියෙනව. මුලින්ම ටියුශන් පන්තියකයට ගියෙ මන් හිතන්නෙ
දහය වසරෙ වගේ ඉගෙන ගන්න කොට.ඕලෙවල් විභාගෙට තමයි ඒ පන්ති තිබුනෙ.පන්ති වලට යන මුල්
දවස් වල හරිම ආසාවෙන් ගියාට ඇඩ්වාන්ස් ලෙවෙල් විභාගෙ කාලෙ වෙනකොට පන්ති යන එක ඇතිම
වෙලයි තිබුනෙ. ඒලෙවෙල් වලට තිබුනෙ සබ්ජෙක්ට්ස් හතරක් උනාට විභාගෙ කිට්ටු වෙනකොට මුලු
සතියෙම වගේ පන්ති තිබුනා.
ඒ
මොන දේ උනත් අනිවාර්යෙන්ම කියන්න ඕනෙ මට අමාරු හැම විශයක්ම පාස් වෙන්න පුලුවන් උනේ
ඒ ගිය පන්ති වලින් හින්ද කියල. ස්කෝලෙ අධ්‍යාපනය දවසේ පැය කීපයකට සීමා වෙලා තිබුන හින්ද
මූලික දැනුම විතරක් එතනින් ලැබුන කිව්වොත් හරි. ඊට පස්සෙ අපිට තිබුන ගැටළු ඔක්කොම විසද
ගන්න ලැබුනෙ ඒ පන්ති වලදි තමයි.
ඉතින්
මුලින්ම මේ පන්තිවලට යද්දි මට තිබුන ලොකුම ප්‍රශ්නෙ උනේ ඇදුම. මොකද අපේ ගෙදරින් නීතියක්
දාල තිබුන ටියුශන් පන්තියටත් ස්කොලේ අදින සුදු ගවුමම අදින්න ඕනෙ කියල ස්කොලේ ටයි එක
නැතුව. අනික් හැම ළමයෙක්ම එක එක විදිහෙ පාට ඇදුම් අදිද්දි මන් කාලයක් යනකන්ම ගියෙ සුදු
යුනිෆෝම් එක ඇදගෙන.එහෙම සෑහෙන කාලයක් ගියාට පස්සෙ මන් චුරු චුරු ගාලම තමයි ඒ අදහස වෙනස්
කරගන්න පුලුවන් උනේ. තාත්ත කියල තිබුනෙ එතන තියෙන්නෙ ඇදුම් ප්‍රදර්ශනයක් නෙවෙයි හින්ද
ස්කොලෙ යුනිෆෝම් එක තමයි සුදුසුම ඇදුම කියල.
ඉතින්
ඔය පන්තිවලට ළමයි සීයක් දෙසීයක් විතර ආව. ලොකු හෝල් එකක තමයි ඒ පන්ති තිබුනෙ. ඉදගන්න
ඉඩක් අල්ලගන්න එක තමයි ඒ දවස්වල මගෙ යාළුවන්ට තිබුන ලොකුම චැලේන්ජ් එක. මොකද ගොඩක්ම
පස්සට ගියාම බොර්ඩ් එක පේන්නෙ නෑ.ඉතින් මේ වැඩේ ලේසි එකක් උනේ නෑ මොක්ද හැමෝම ට්‍රයි
කලේ ඉස්සරහ හරි මැද තියෙන හරි පේළි වල වාඩි වෙන්නයි. ඒක හින්ද හැමෝම පොර කාගෙන ගිහින්
තමයි ඉඩ අල්ල ගත්තෙ. මාළු ගොඩක් ඉන්න තැනකට ගිහින් කෑම ටිකක් දැම්මම ඇතිවෙන තත්වෙට
සමානයි මෙතන තත්වෙත්. ඒ කොහොම උනත් මන් ඔය වැඩේට නම් හවුල් උනේ නෑ මොකද මට සෙනග ගොඩක්
අස්සෙ තෙරපෙද්දි හුස්ම ගන්න අමාරු වෙනව වගේ දැනෙන හින්ද.ඒක උනේ දවසක් පොඩි කාලෙදි බස්
එකෙදි උන වැඩෙන් තමයි.ඒ ගැන වැඩි විස්තර තියෙනව බස් පෝස්ට් එකේ.ඉතින් පන්තියේ ඉඩ අල්ලන
වැඩේ එකම කෙනාට කරන්න අමාරු හින්ද අපේ යාළුවො කට්ටිය තීරණය කලේ මාරුවෙන් මාරුවට ඉඩ
අල්ලන්න යන්න. ඒකෙන් උනේ මන් ඉඩ අල්ලගන්න ගිය දවසට පිටිපස්සෙන්ම තියෙන පේලි වල වාඩි
වෙන්න උන එකයි. මන් දවස් කීපයක්ම ට්‍රයි කලත් හුස්ම ගන්න අමාරුයි වගේ දැනෙනකොට නිකන්ම
පස්සට ඇදිල ගියා. අන්තිමට මන් ඇරෙන්න අනික අය තමයි මට බැන බැන ඉඩ අල්ලගන්න පොරකන්න
ගියෙ. උන් වාඩි උනාම මන් නිවී සැනසිල්ලෙ ගිහින් අල්ලපු ඉඩේ ඉදගත්ත.
ඒත්
එක්කම මමයි තව ගෙවල් ලග ඉන්න යාළුවො කීප දෙනෙකුයි ගියා ඉන්ග්‍රීසි පන්තියකට. ගෙවල්
ලග ඉන්න අපේ තව යාළුවෙක්ගෙ ගෙදර තමයි පන්තිය තිබුනෙ. හවස පහේ ඉදන් රෑ අට වෙනකන් මේ
තිබ්බ පන්තිය අපි ඔක්කොම හය දෙනෙක් විතර හිටිය. රෑ ආපහු ගෙදර ආවෙ මමයි උගන්නපු ටීචර්යි
තව යාළුවො දෙන්නෙකුයි. මේ ගමන තමයි මමයි මගෙ යාළුවටයි අලුත්ම අත්දැකීමක් එකතු කලේ.
මොකද ඊට කලින් අපි රෑ පන්තියකට ගිහිනම් නෑ.අපි හතර දෙනාම පයින් ආවෙ. අපිත් එක්ක ආව
පිරිමි ළමය තමයි මුලින්ම ගෙදරට යන්නෙ.කට්ටියම පොඩි වයසෙ හිටියෙ හින්ද කට්ටියම ආවෙ ටිකක්
විතර බයෙන්. ඒත් අපි හරිම කැමතියි එහෙම එන්න. ඉතින් අර බෝයි ගේ ලගට යද්දි සමහර වෙලාවට
එයාගෙ ගෙදර දොර වහල. එහෙම වෙලාවට මේක දොර ලග ඉදගෙන 'අම්මේ' කියල බෙරිහන් දෙනව. අපි
තුන් දෙනාට ඉන්න කියනව ගෙදර දොර අරිනකන්.ඊට පස්සෙ ගෙදර ගියෙ මන්. ඉතින් ඉතුරු දුර මමයි
මගෙ යාළුවයි ආවෙ බදාගෙන වගේ. ටීචර් කියන්ව මෙයාගෙ නන්ගිවත් මෙච්චර බය නැතුව ඇති කියල.
ස්කොලෙ ඇරිල ගෙදර ආව ගමන් යන්න සිද්ද උන පන්තියක් හින්ද සමහර දවස්වලට මට යන්න කම්මැලි
හිතෙනව. ඉතින් මන් දවසක් කලෙ ස්කොලේ ඉදල ගෙදර එන්න පරක්කු උන එක. මන් හිතුව පරක්කු
උන හින්ද අම්ම පන්ති නොයව ඉදියි කියල. ඒත් උනේ අනික් පැත්ත. ඒකෙන් උනේ මගෙ යාළුවත්
නැතුවම තනියම පන්තියට යන්න උන එකයි. එදා වෙනදටත් වඩා මහන්සියි. දවසක් මනුස්සයෙක් පාරෙ
අයිනෙ ඉදන් මුත්‍රා කරද්දි අපි බයවෙලා ටෝච් එක ඇල්ලුව මොකකද ඒ පාරෙ අයිනෙන් ආව සද්දෙ
බලන්න.අන්තිමට ඒ කෙනා කරපු වැඩෙත් නවත්තල දුවන්න වගේ ලෑස්ති උනා. අන්තිමේදි ටීචර් ගෙදර
යනකොට එයාගෙ ලේ පයින්ට් දෙකක් තුනක් පිච්චිලා ඉවරයි.
පස්සෙ
කාලෙක අපේ ගෙදරට වයසක සර් කෙනෙක් ආව නන්ගිටයි මටයි ටියුශන් දෙන්න. ඒ ආවෙ ඉන්ග්‍රීසි
වලට.ඒ පන්තිය තමයි අපිට තිබුන ආසම නැති පන්තිය. හරිම කම්මැලි බෝරින් පන්තියක් කිව්වොත්
හරි. ඒත් ඉතින් ගෙදර අයගෙ බල කිරීමට අපි දෙන්න හිටිය. සමහර දවස්වල නන්ගි මොකක් හරි
ලෙඩක් කියල මාරු වෙනව. ඉතින් ඔය එන ගොඩක් දවස් වලට ඒ සර් ලොකු උරේකින් ඔතපු බෝතලේකුත්
අරන් ආව. එහෙම ගෙනත් අපිට උගන්නපු මේසෙ යටින් ඒක තියල කිව්වෙ එයාගෙ බෙහෙත් බෝතලේ කියල.
අපි දෙන්නට සැක හින්ද දවසක් සර් බාත් රූම් යනකන් ඉදල අපි දෙන්න උරේ ඇරල බැලුවම තිබුනෙ
අරක්කු බෝතලයක්. ඒ පන්තියත් හවස හත හමාර විතර වෙනකන් තිබුන. නන්ගිනම් ගොඩක් වෙලාවට
නිදාගෙන හිටියෙ. ඉතින් සර්ව බස් හොල්ට් එක ලගට ගිහින් ඇරලවන්න තාත්ත පුරුදු වෙලා හිටියෙ
ඒ හරියෙ කලුවරේ යන්න ඒ සර්ට අමාරු හින්ද. තාත්ත ගෙදර නැති දවසට ටිකක දුරට වගේ යනකන්
ටෝච් එකත් අරන් මන් ගියා. ඉතින් සර් අනික් දවසෙ උගන්නන්න ආවම කියන්ව එයා කැමති ස්ටුඩන්ට්ස්ලගෙන්
කෙනෙක් මන් කියල. ටෝච් එකත් අරන් මන් යන හින්ද නන්ගි ඒ දවස්වල මට කිව්වෙ පන්දමා කියල.
ඉතින්
ඔය ඇඩ්වාන්ස් ලෙවෙල් කාලෙදි මමයි තව මගෙ යාළුවො කීප දෙනෙකුයි ගියා පොඩි කණ්ඩායම් පන්තියකට.
එතෙන්දි කලේ පරන ප්‍රශ්ණ පත්තර වල තිබුන ගණන් හදපු එකයි. අපි අවුරුදු දෙකකට කලින් වගේ
විභාගෙ ලියල දිස්ත්‍රික්කෙන්ම පළවෙනිය උන අයිය කෙනෙක් තමයි ඉගැන්නුවෙ. හරිම ලැජ්ජාශීලි
කෙනෙක්. ඉතින් අපි ගෑණු ළමයි කට්ටියක් විතරක්ම හිටපු හින්ද ඒ අයිය තව ලැජ්ජාවෙන් වගේ
තමයි හිටියෙ. අපි වෙන මොනවහරි දේකට පොඩ්ඩක් හිනා උනත් ඒ මනුස්සයට අප්සෙට් යනව. ඉතින්
අපි ඒ පන්තියේදි පුලුවන් උපරිම මට්ටමෙන් විනය තියාගෙන හිටිය. ඒ අයිය කොහොම හොදට විභාගෙ
පාස් වෙලා තිබුනත් අපිට ඕනෙ උනා එයාගෙ දැනුම පරීක්ශා කරල බලන්න. ඒ දවස්වල අපිට තිබුන
ගොඩක් ගනන් හදාගන්න බැරි සෝබනේට පොත් මේසෙ උඩින්ම තියාගත්ත පොතක් පියෝ මැත්ස් වලට.
'ග්‍රීන්' කියල ප්‍රොෆෙසර් කෙනෙක් තමයි ඒ පොත ලියල තිබුනෙ.ඉතින් අපි හිතුව ඒ පොතෙන්
ගානක් ඒ අයියට දීල බලන්න. මන් ඒ ගාන පොතේ ලියාගෙන ගිහින් කිව්ව ඒක හදන විදිහ කියල දෙන්න
කියල. දැන් ඉතින් ගාණ අතට අරන් ටිකක වෙලා කල්පනා කලා. හරිගියෙ නැති හින්ද පුටුවෙනුත්
වාඩි උනා. අපි හිතුව හරි තමයි පොරට බෑ කියල. දැන් අනික් ඒව ඔක්කොම පැත්තක දාල මනුස්සය
ඒ ගාන ගැන හිතනව. නියපොතුත් කකා හිතනව. දාඩියත් දාල. පස්සෙ ටිකකින් මගෙන් ඇහුව ඒ ගාන
හොයාගත්තෙ කොහෙන්ද කියල.ඊට පස්සෙ තමයි මටත් දාඩිය දැම්මෙ. මන් කිව්ව පන්තියකින් දුන්න
ටියුට් එකකින් කියල. කොහොමහරි බෝඩ් එකෙත් ලිය ලිය මක මක පැයක් විතර අරන් ගාණ හැදුව.
පස්සෙ මන් ග්‍රීන්ගෙ පොතේ උත්තරේ බැලුවම හරි.
කොහොමහරි
ඇඩ්වාන්ස් ලෙවෙල් විභාගෙ කිට්ටු වෙද්දි මුලු ජීවිතේම වැහිල තිබුනෙ පන්ති වලින්. මගෙ
එක යාළුවෙක් නිතරම කිව්වෙ දවසක මැරෙන්නෙ ඔය පන්තියකදි කියලයි. ඒ තරමටම පන්ති හින්ද
ජීවිතෙ දුක්ඛිත වෙලයි තිබුනෙ. ඉතින් ඔය පන්ති තිබුනෙ අපේ ගෙවල් වලට ටිකක් දුරින්. ඒක
හින්ද ඒ පන්තිවලට ගිය මුල්ම කාලෙ අම්ම ආව මාත් එක්ක. කිසිම ළමයෙක්ගෙ අම්ම තාත්ත එහෙම
ඇවිත් තිබුනෙ නෑ. අම්ම එහෙම ඇවිත් පන්තියෙ සර් එක්ක කතා කරල මාව නිකන් ස්කෝලෙට භාර
දෙනව වගේ දෙයක් කරල තමයි ගියෙ. ඉතින් ඔය වැඩේට මගෙ ගොඩක් යාළුවො මාව නෝන්ඩි කලා. මාව
එක්ක යන්න එන්න ඕනෙ නෑ කියල මන් කොච්චර කියල් තිබුනත් වැඩක් උනේ නෑ ගිය හැම පන්තියකම
මුල් දවසෙ අම්ම ආව.

No comments:
Post a Comment