Wednesday, 3 April 2019

22. සාප්පු සවාරි - 02





















ඒ නන්ගි එක්ක ශොපින් ගිහින් වෙච්ච අනික් සිද්දියෙදි නම් ගුටි කන්නත් ඉඩ තිබ්බ. කොහොම උනත් පෙර පිනකට එහෙම දෙයක් උනේ නෑ. ඒක උනේ අපි දෙන්න ඇදුම වගයක් ගන්න ගියාමයි. අපි ඇදුම් ටිකක් අරන් ෆිටෝන් රූම්ස් තියෙන තැනට ගියා. එතන ඉදගෙන ඉන්නත් පුටු කීපයක් තියල තිබුනෙ. එතන තව පිරිමි කෙනෙක් හිටිය වාඩි වෙලා. එයාගෙ ගර්ල් ෆිටොන් රූම් එකක් ඇතුලෙ හිටියෙ. මෙයා හිටියෙ එයා එනකන්. ටික වෙලාවකින් ඒ ගර්ල් එලියට ආව හොදටම තදට ඇදපු බ්ලවුස් එකක් එක්ක. ඇවිත් ඒ පිරිමි කෙනාගෙන් ඇහුව හොදයිද කියල. එහෙම අහද්දිම මට හිතුනෙ 'අම්මොහ් හොදටම තද වැඩියි' කියල උනත් ඒ මනුස්සය කිව්ව 'ලස්සනයි' කියල. පස්සෙ ඒ ගර්ල් ඇහුව ටිකක් තද වැඩියි වගේ නේද කියල.ඒත් ඒ බෝයි කිව්ව 'නෑ. ඔහොම තමයි තියෙන්නෙ ඕනේ කියල'. එහෙම කියද්දි අපි දෙන්නට මැරෙන්න හිනා ගියා. අර ගර්ල් ආපහු ෆිටෝන් රූම් එක ඇතුලට ගියා. අර කොල්ල දැන් අප් දෙන්නට හොදටම රවනව. අපිට හිනාව නවත්තගන්නත් බැරි හින්ද අපි එතනින් ආව ඇදුම් ෆිටෝන් කරන්නෙත් නැතුව. පස්සෙ අපි ඒ ශොපින් කම්ප්ලෙක්ස් එකේම තිබුන වෙන ශොප් එකකට ගියා. ටිකකින් අපිට ආයෙමත් අර කපල් එක හම්බුනා. එතෙන්දිත් අපිට හිනා ගියාම ඒ කොල්ල අපි දිහා මරන් කන්න වගේ බැලුව. පස්සෙ එතෙන්දිත් උන් දෙන්නව මගෑරල ගියෙ ඇත්තටම අර මනුස්සය රවපු විදිහට බය හිතුන හින්ද. අවාසනාවකට වගේ පස්සෙ අපි තව ගිය ශොප්ස් දෙක තුනකදියි කෑම කන්න ගිය තැනකදියි උන් දෙන්නව හම්බුනාම කලින් උන දේම තමයි උනේ. පස්සෙ අපි එතනින් එලියට ඇවිත් ටැක්සියක් එනකන් ඉන්නකොටත් උන් දෙන්න ආව.කොහොමහරි හම්බෙන හැමසැරේම අපි හිනා වෙන්නත් ඒ කොල්ල රවන්නත් අමතක කලේ නෑ. මොනව උනත් ඒ ගර්ල් හිටියෙ මොකුත් නොවුන ගානට. එයා හිනා උනේවත් රැව්වෙවත් නෑ. එයාගෙ කොල්ලයි අපියි ඔක්කොම පිස්සො කියල තේරෙන්න ඇති. අපි හිනා උන එක කොහොම උනත් වැරදියි තමයි.ඒ මිනිස්සුන්ට හොදනම් අපිට මොකද. එහෙම තේරුනත් ඒ වෙලාවට හිනා යන එක නතර කරගන්න බැරි ලෙඩක් ඒ කාලෙ තිබුනෙ.

ඔය සිද්දියට සමාන තව සිද්දියක් වෙන්නෙ මමයි තව යාළුවෙකුයි ශොපින් ගිය වෙලාවක. අපි දෙන්න ක්ලාස් එකක් ඉවර වෙලා කම්පියුටර් එකට ඕනෙ පොඩි දෙයක් ගන්න ගියෙ. ඒක අරන් ඉවර වෙලා අපි ඊට පස්සෙ කලේ වින්ඩෝ ශොපින් එකක්. ඉතින් පහල ඇවිදින ගමන්ම උඩ තිබුන ශොප්ස් දිහත් බල බල තමයි ඇවිදන් ගියෙ. එහෙම යද්දි එකපාරටම එතනින් ගිය ගර්ල් කෙනෙක්ගෙ ඇගේ හැප්පිල එයා කකා ගිය අයිස් ක්‍රීම් එක බිම වැටුන. හරිම අවුල්. එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් හිටිය. පස්සෙ මන් හරිම බැගෑපත්ව සොරි කිව්වත් ඒ ගර්ල් හොදටම තරහෙන් මන් දිහා බලන් හිටිය. පස්සෙ මන් තව පාරක් සොරි කිව්වත් එහෙමම බලන් හිටිය. පස්සෙ ඒ බෝයි එයාට යන් කිව්වත් හරි ගියෙ නෑ. මට රවාගෙන ඉන්නව. ඉතින් මන් ආයෙත් සොරි කිව්වත් වැඩක් උනේ නෑ. එතකොට මගෙ යාළුව කිව්ව 'ඇති දැන් තුන් පාරක් සොරි කිව්වනෙ. යන්'. කියල.ටිකක් දුර ගිහින් මන් ආපහු හැරිල බලද්දිත් ඒ ගර්ල් ශොක් වෙලා වගේ තරහෙන් එතෙන්ටම වෙලා හිටිය. පස්සෙ මගෙ යාළුව කිව්වෙ එතන දේවල් ගනන් හින්ද ලොකු ගානක් දීල ගත්ත අයිස් ක්‍රීම් එකක්ද දන්නෙ නෑ කියල.

ඉස්සර කොළඹ ඉදල ගෙදර එනකොටත් කඩවල් දෙක තුනකටම වගේ ගිහිල්ලයි එන්නෙ. ඒ එක්කම ලොකු ශොපින් කම්ප්ලෙක්ස් එකකට ගියාම මට ගන්න ගිය දේවල් අමතක වෙලා එවෙලෙට දකින් දේ තමයි ගැනෙන්නෙ.තව දවසක් මන් තනියෙම ශොපින් ගියා. ඒක ප්ලෑන් කරල ගිය ගමනක් නෙවෙයි. මට ඒ ශොප් එක දැක්කම ගන්න ඕනෙ බඩු වගයක් මතක් වෙලයි ගියෙ. මන් හිතන්නෙ ඒක නැතිකරගන්න ඕනෙ දෙයක් කියලයි. ඉතින් ඔය කියන දවසෙදි මන් ඇතුලට ගියෙ ඇදුම් වගයක් බලන්න උනත් අන්තිමේදි නතර උනේ බෑග්ස් සෙක්ශන් එකේ. එතන ලොකු කලෙක්ශන් එකක් තිබුන. මට ගන්න මොකක්ද කියල හිතාගන්න බැරි තරමට ලස්සන ඒව ගොඩක් එතන තිබුන. එවෙලෙ වැඩිය සෙනග හිටියෙ නෑ. මන් දැක්ක වෙන රටක් කපල් එකකුත් බෑග්ස් තෝරනව. මැදිවියේ වගේ හිටපු ලස්සන දෙන්නෙක්. ඉතින් ඔය අතරතුර මට එක පාරට ඇහුන 'කටස්' ගාල සද්දයක්. නිකන් මොකක් හරි කැඩුන කියල තමයි මට තේරුනෙ මන් මොකක්ද උනේ කියල බලන්න ගියෙ නැතිඋනාට. ඉතින් ඔහොම මාත් බෑග්ස් තෝර තෝර ඉන්නකොට ටික වෙලාවකින් අර ෆොරින් ලේඩි පොඩි හෑන්ඩ් බෑග් එකක් මගෙ ලගට අරන් ඇව්ත් ඇහුව ඒක එයාට ඇරල දෙන්න පුලුවන්ද කියල. එයා ඒක අල්ලගෙන හිටපු විදිහටයි අර ඇහුන සද්දෙටයි මට තේරුනා ලොක් එක කැඩීමේ වැරැද්ද මට දෙන්නයි යන්නෙ කියල. ඉතින් මන් ටිකක එහායින් හිටපු සේල්ස් ගර්ල් කෙනෙක් පෙන්නල කිව්ව එයාට පොඩ්ඩක් කියල බලන්න කියල. ඒත් මෙය නෙවෙයි එයාට කිව්වෙ. එතකොට මෙය කරන්න ගිය දේ මට හරියටම තහවුරු උනා. මන් ආයෙමත් කිව්ව එයාට කියන්න කියල. පස්සෙ ඒ බෑග් එක එහෙමම ශේප් එකේ එතන තියල දෙන්න මාරු උනා.ශොපින් ගිය දවසක කරපු මොලේ ඇති වැඩක් තමයි ඒ සිද්දිය.


ඇදුමක් දිහා බලන විදිහෙනුත් අකුසල් රැස්වෙන විදිය දැනගත්තෙ 'තිත්තගල්ලෙ ආනන්දසිරි' හාමුදුරුවන්ගෙ බණකදි. Dhamma
ඇදුමක් නෙවෙයි මොනම දෙයක් ගැන උනත් ඇහෙන් බලල සිතුවිලි දිගටම හිතද්දි සකස් වෙන්නෙ අපේ ඊලග භවය. ඒක නිසා ඒ ඒ දේවල් ගැන යම්කිසි සන්යමයක් හිතේ තියාගෙන වැඩ කරන්න දැන් තමයි උත්සාහ කරන්නෙ. මේ කියන දේ ගැන සමහරවිට ඔයාල එකග නොවෙන්නත් පුලුවන්.

No comments:

Post a Comment

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...