බස්
කථා ගොඩක් තියෙන හින්ද මේ ලියන්න ඒකෙ දෙවැනි කොටස. ඒ වගේම අලුත් අවුරුද්දෙ ඒ කියන්නෙ
2019 ජනවාරි පළවෙනිදා ලියන මුල්ම කථාව. මේ කථා කොටස අලුත් අවුරුද්දට හොද ආරම්භයක් වෙයි
කියලත් හිතනව. අද දවස ගොඩක් අයට නිවාඩු. මන් කලින් වැඩ කරපු ඔෆිස් එකෙත් අද නිවාඩු
දවසක්. ඒත් දැන් ජොබ් එකේ වෙච්ච වෙනස්කම් නිසා මන් අද වරුවක් වගේ වැඩ. අවුරුද්දෙ පළවෙනි
දවසෙ වැඩ කලොත් හොදයි කියල හිතුනා.
ලියන
කතාවට භාහිරව මන් යමක් එකතු කරන්න හිතුවෙ අපි යවන සහ අපිට ලැබෙන සුභ පැතුම් පනිවිඩ
ගැන.
සෝශල්
මීඩියා නිසා දැන් සුභ පතන්න ලේසියි. ඒක හින්ද දැන් ගොඩක් අය කෝල් කරන්නෙ නෑ. ඉමේජ්
එකක්, වීඩියෝ එකක් එහෙමත් නැත්නම් ස්ටිකර් එකක ලියපු මැසේජ් එකක් විදිහට තමයි සුභ පැතුම
එන්නෙ. මට හිතුන දෙයක් මන් මේ ලියන්නෙ. මට ගොඩක් වෙලාවට මට ඔය කලින් කියපු ක්‍රම වලට
ආව පැතුමක් මන් තව කෙනෙකුට යවද්දි මට හැගීමක් ඇතිවුනේ නෑ ඒ සුභ පැතුම ගැන. ඒක තවත්
එක මැසේජ් එකක් යැවීමක් පමනයි කියලයි මට හිතෙන්නෙ.
මන්
දන්නෙ නෑ ඔයාලටත් එහෙමද කියල. ඒත් මට හිතෙන්නෙ අපි කථා කරල දෙයක් කියද්දි හිතට යම්
හැගීමක් එනව කියලයි. කෝල් කරනවටත් වඩා කාඩ් එකක් තැපෑලෙන් යවද්දි ඊට වඩා සතුටක් යවන
සහ ලබන කෙනාට ලැබෙනව කියලයි මට හිතෙන්නෙ. ඒත් එහෙම කියල අපිට මේ තාක්ෂණය පාවිච්චි නොකර
ඉන්නත් බෑ. මේ අලුත් ක්‍රම වලට කැමති අය තමයි තරුණ පරපුරේ ඉන්නෙ. ඒක නිසා අපි කෙනා
අනුව මේ දේවල් පාවච්චි කලොත් හොදයි කියල මට හිතෙනව. අපිට පුලුවන් නම් හොදයි අපේ ආච්චි
හෝ සීය කෙනෙකුට දුරකතන ඇමතුමක් දෙන්න, අපේ ලගම යාළුවෙකුට ලස්සන කාඩ් එකක් යවන්න නිකන්ම
මැසේජ් එකක් යවනවට වඩා.
ඉතින්
හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල මන් ඉත සිතින් ප්‍රාර්ථනා කරනව. මේ අවුරුද්ද
ඔයාගේ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවෙන අවුරුද්දක් වේවා.
නව
වසරත් එක්ක විනෝද වෙනවත් එක්කම, කාලය ගෙවෙනවා කියන්නෙ මොකක්ද කියලත් හිතන්න. කාලය කියන්නෙ
මිල කරන්න බැරි දෙයක්. ගෙවුන කාලය අපිට ආයෙමත් ගන්න බෑ. ඒක නිසා කලින් අවුරුද්දෙ අපි
මේ කාලය කියන දේ හරියට පාවිච්චි කලාද කියන එක හිතන්න ඕනෙ. එහෙම නොවුනනම් මේ අවුරුද්දෙ
කොහොමද මන් කාලය උපරිම ප්‍රයෝජනයට අරන් වැඩ කරන්නෙ කියන දේ ගැන පොඩි සැලැස්මක් හදා
ගන්න කියලත් මන් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.
ඒ
වගේම ඔයාට තව ජීවත් වෙන්න තියෙන කාලය තව ටිකකින් අඩු උනා කියලත් ඇත්ත හිතන්න පුරුදු
වෙන්න කියල මන් පොඩි ඉල්ලීමක් කරනව. ඇත්තටම මන් එහෙම කියන්න හිතුවේ ඒ ක්‍රමේ ගොඩක්
උදව් වෙනව අපේ වැරදි ගතිගුන අඩු කරගන්න. මොකද ඊට පස්සෙ අපිට උවමනා වෙනව ඉතුරු ටික කාලේ
කාටවත් වරදක් නොකර සතුටින් ජීවත් වෙන්න. එහෙම නැත්නම් හැමදාම ජීවත් වෙනව කියල තමයි
මිනිස්සු හිතන්නෙ. ඒ අනුව තමයි ක්‍රියා කරන්නෙ. මන් හිතනව ගොඩක් අය ඒ ඉල්ලීමට කැමති
වෙයි කියල. ඒ විදිහට එක පාරක් හරියට හිතුවොත් ඔයාට තේරෙයි ඔයා දැන් මනුස්සයෙක් විදිහට
කොතනද ඉන්නෙ සහ ඔයාට මේ අවට වටපිටාව, සමාජය වෙනුවෙන් තව කොච්චර යුතුකම් කොටසක් කරන්න
ඉතුරු වෙලා තියෙද කියල. අලුත් අවුරුද්දෙ ලියන නිසා තමයි මට හිතුනේ ඔය වගේ දෙයක් ලියන්න.
දැන් තියෙන්නෙ ඉතින් මගෙ බස් කතා ටික ලියන්නයි.
බස්
වලදි එක එක වර්ගයේ මිනිස්සු දැක ගන්න ලැබුනා. සමහර අය වාඩි උන ගමන් නිදි කිරන්නො. සමහර
අය ඇගට හේත්තු දාන්න එන ජැක්සන්ල. තවත් අය උදව් කරන්නො සහ තවත් අය හොරු. ඔය අතරින්
වැඩියෙන්ම හිටියෙ නිදි කිරන්නොයි ජැක්සන්ලයි තමයි. මන් දන්නේ නෑ මේ තත්වය හැම රටකම
වගේ තියෙද කියල නම්. ඒත් මන් දන්න තරමින් ආසියාතික රටවල පොදු ප්‍රවාහනවල යද්දි මෙහෙම
අය ඉන්නව.
එහෙම
නිදා ගෙන ආව කෙනෙකුට මන් දවසක් කිව්වෙ පොඩ්ඩක් එහාට වෙන්න කියල. මන් දැනගෙන හිටියෙ
නෑ ඒ මනුස්සය වෙන ජාතිකයෙක් කියල. කොහොමහරි මන් කියපු එක තේරෙන්නෙ නැතුවෙ පොර එක පාරට
නැගිට්ට.මට මොකක්ද කිව්ව. ඒක මට තේරුනේ නෑ. පස්සෙ ටිකකින් ආයෙ ඉද ගත්ත. හැබැයි බහිනකන්ම
ඇහැරිල හිටියෙ.ඔය වගේ තව අය හිටියෙ කතා කරන්න එන අයයි. සමහර අයව වචනෙකින් දෙකකින් කන්ට්‍රෝල්
කරන්න බෑ. ඉතින් වාක්‍ය කීපයක් කියන්න වෙනව. ඔය වෙලාවට කලේ අහන අහන හැම දේටම බොරු කියපු
එකයි. බොරු කියන්නෙ කියල තේරෙන්නම කිව්ව. තවත් අයට කලේ අපි හොදටම නිදි බව අගවපු එකයි.
ඒත් ඉතින් නිදිමත නැත්නම දිගටම එහෙම කරන්න බැරි හින්ද සැරෙන් සැරේ ඇහැරල බැලුව. එහෙම
දවසක මට එහා පැත්තෙ හිටපු කෙනා කිව්වෙ 'ඔයාට කැඩි කැඩි නේද නින්ද යන්නෙ කියල?'. මට
බකස් ගාල හිනා යන්න ආවත් පොඩි හිනාවක් දාල ආයෙ නිදා ගත්ත.
ඉතින්
ජැක්සන්ලට ටිකක් සැරෙන් කතා කරල අපෙන් ඈත් කරන එක තමයි අපි කලේ. හැබැයි එහෙම කලේ යාළුවො
ඉන්න වෙලාවට විතරයි. එහෙම නැති එක දවසක මන් කලේ මට වමනෙ යන්න එනව වගේ අගවපු එකයි. ඒ
ක්‍රමේ හරි ගියා. ඒ මනුස්සයට මන් ගැන හෙන අප්පිරිය හිතුන. ගොඩක් වෙලාවට හයියෙන් කතා
කරල බනින්න අපි අකැමැති උනේ එහෙම කරන කෙනාව අනික් අය විහිලුවට ගන්න නිසයි. වැරැද්ද
කරන කෙනාට වඩා මානසික රෝගියෙක් වගේ පෙනුනෙ ඒ වැරැද්දට විරුද්ධව කතා කරපු කෙනයි. ඉතින්
ඒක මන් මේ බස් සමාජයේ දැකපු නරකම තත්වයක් තමයි.
සමහර
අය කලේ අපි යාළුවොත් එක්ක කතා කරන දේවල් අහගෙන හිටපු එකයි. ඒක වලක්වන්න අපිත් එක එක
ක්‍රම යෙදුව. දවසක් අපි ජනේලෙන් එලිය බලල ටිකක් හෙමින් කිව්ව ලස්සන සරුන්ගලයක් කියල.
එහෙම කිව්ව විතරයි එතන හිටපු කෙනා එකපාරට සරුන්ගලේ හොයන්න පටන් ගත්ත. පස්සෙ අපිට හිනා
යද්දි පොරට වැඩේ තේරිලා අපි ඉන්න තැනින් ශේප් එකේ අයින් උනා.
තව
දවසක් මන් ෆේස්බුක් එකේ පෝස්ට්ස් බල බල වාඩි වෙලා යද්දි එක පාරටම මට එහා පැත්තෙ හිටපු
අන්කල් කිව්ව 'උඩට යන්න' කියල.මට හිතාගන්න බැරි උනා මොකක්ද මේ කියන්නෙ කියල.ෆේස්බුක්
වෝල් එකේ තිබුන පෝස්ට් එකක් එයාට බලන්න තමයි එහෙම කියල තියෙන්නෙ. ඒ කියපු විදිහට මමත්
ටක් ගාලා වෝල් එකේ උඩට ගියා. පස්සෙ එයාගෙ අදහස් කීපෙකුත් ඒ ගැන් කිව්ව. තව දවසක මට
ඉස්සරහින් ඉද ගෙන හිටපු අන්කල් කෙනෙක් මට එයාගෙ ෆෝන් එකයි සිම් එකකුයි දීල කිව්ව ඒක
දාල දෙන්න කියල. ඒ කෙනාගෙ පෙනුමෙන් මට හිතුනෙ හොදටම බීලයි ඉන්නෙ කියල. ඉතින් මන් කිව්ව
මට තේරෙන්නෙ නෑ කියල.පස්සෙ ඒ මනුස්සයට හොදටම තරහ ගිහින් මට මොනවද කියල බැන්න. “ඉන්නෙ
නම් කනේ වයර් ගහගෙන. ඒත් ෆෝන් එකකට සිම් එකක් දාගන්න බෑ” කිය කිය තව මොනවදෝ කිව්ව.
මේ
සිද්දිය උනේ මන් පන්තියකට ගිහින් එනකොට. එදා මන් ලග මාරු සල්ලි නැතුව රුපියල් පන්සීයක
වගේ ගානක් කොන්දොස්තරට දුන්නෙ. එතකොට එය මට තව ඊට ආසන්න ගානක් ආපහු ඉතුරු විදිහට දෙන්න
ඕනෙ. ඉතින් කොන්දොස්තර කිව්ව මන් බහින්න කිට්ටු උනාම ඉතුරු දෙන්නම් කියල. ඉතින් ඔහොම
ටිකක් දුර ගියාම මට එහා පැත්තෙ හිටපු අන්කල් කියනව 'මල්ලි, මේ ළමයගෙ ඉතුරු සල්ලි දෙන්න'
කියල. කොන්දොස්තර කිව්ව 'හරි මහත්තය' කියල.ආයෙ ටිකකින් අර අන්කල් ආයෙමත් සල්ලි ඉල්ලුවම
කොන්දොස්තරට තද උනා. දැන් පොර බනින්නේ මට "මන් සල්ලි අරන් බහින්නෙ නෑ. දෙන්නම්'
කිව්ව. අර අන්කල් තමා ඒවට උත්තර දෙන්නෙ. පස්සෙ මන් කිව්ව 'අන්කල් දැන්ම ඉතුරු ඉල්ලන්න
එපා. මන් බහිද්දි ගන්නම්' කියල. එහෙම කියල මන් මගෙ හොර නින්ද දැම්ම.
මන්
වැඩට ගිහින් ආපහු එනකොට සමහර දවස් වල ටිකක් රෑ වෙනව. ඉතින් ගෙදරින් තිබ්බ ලොකුම ඉල්ලීම
තමයි රෑ ගමන් බිමන් නවත්තන්න කියන එක. ඒ කොහොම කිව්වත් ඉතින් සමහර වෙලාවල් තිබුන මොන
හේතුවක් නිසා හරි පරක්කු වෙලා රෑ එන්න සිද්ද වෙන. ඉතින් එහෙම ආව දවසට හොදට අහගන්න සිද්ද
උනා. මේ වැඩෙත් උනේ ඒ වගේ දවසක. එදා සිකුරාද දවසක මන් ගෙදර එන්න ආව කොළඹ ඉදල. එදා බස්
දෙකක එන්න උනා. පලවෙනි බස් එකෙන් බැහැල ඊලග එක එනකන් බස් ස්ටෑන්ඩ් එකට ගියාම එතන හිටියෙ
පිරිමි කීප දෙනෙක් විතරයි.
වෙනද
එන වෙලාවටත් වඩා රෑ උන හින්ද අපේ පාරෙ යන බස් ගොඩක් ගිහින් ඉවරයි. පැය භාගයක් විතර
හිටියත් යන්න එකක් නෑ. ඉතින් මන් තාත්තට කතා කරල එතෙන්ට එන්න කිව්ව. ඒත් මට තාත්ත එනකන්
ඉන්න බය හිතුන ඒ මිනිස්සු ගොඩේ. තාත්තට එන්න තව විනඩි තිස් පහක් විතර යන හින්ද මන්
කලේ ඒ ලග තිබුන ඇදුම් කඩේකට ඇදුම් ගන්න විදිහට ගිය එකයි. ඒත් ඒ වෙලාවෙ ඒ අය කඩේ වහන්න
හදන්ව. ඉතින් මන් විස්තරේ කියල ඇහුව තව ටිකක් වෙලා මට එතන ඉන්න පුලුවන්ද කියල. අනේ
ඒ අය කිසිම අවුලක් නැතුව තාත්ත එනකන් හිටිය. තාත්ත බය වෙලා ඉක්මනට එන හින්ද මන් කිව්ව
මෙහෙම කඩේක ඉන්නෙ හෙමින් එන්න කියල. මන් හිතන්නෙ එහෙම කිව්වම තවත් තද උනා. ඉතින් කොහොමහරි
ඒ අයට ගොඩක් ස්තුති කරල මන් ගෙදර ආව. එද්දි අම්ම අඩනව. නන්ගිත් බනිනව. තාත්ත තරහ වැඩි
කමට සයිලන්ට්. හම්මෝ...
දවසක්
ඔහොම එනකොට ගේ ලගින් බහින්න කිලෝමීටර් පහක හයක දුරක් තියෙද්දි බස් එකේ ඉතුරු උනේ මමයි
තව පිරිමි අය කීප දෙනෙකුයි විතරයි. ඉතින් මේ වෙලාවෙ මට ගොඩක් බය හිතුනෙ ඒ දවස්වල එක
රටක ගෑණු ළමයෙක්ව බස් එකක් ඇතුලෙ සමූහ දූශණයකට ලක් වෙලා තිබුනෙ එයාගෙ බෝයි ප්‍රෙන්ඩ්
ඉන්න කොටමයි. අපේ රටෙත් ඒ වගේ අපරාධ ගොඩක් සිද්ද උනා බස් ඇතුලෙදි. මේ වෙලාවෙ මට මේ
සිද්දිය මතක් උනාම කියන්න බැරි තරම් බයක් ඇතිඋනා. ඊට වඩා අවුල් උනේ මන් පිටිපස්ස බැලුවම.
මන් නිකන් බැලුවම එතන හිටපු හෙන අවුල් ලුක් එකක් තියෙන එකෙක් නෝන්ඩියට හිනා උනා. සමහරවිට
තේරෙන්න ඇති මන් බය වෙලා ඉන්නෙ කියල. පස්සෙ මන් බහින තැනින් බෙල් කරද්දි ඩ්‍රයිවරුත්
හැරිල බලල අමුතු හිනාවක් දැම්ම. නවත්තන්නේ නැතුව ගියොත් මන් මොකද කරන්නෙ කියල මට හිතුනා.
මේ
සිද්දිය උනේ මන් උසස් අධ්‍යාපනයට උදේක කොළඹ යද්දි. පාන්දර පහට තමයි බස් එකට නැග්ගෙ.
එදා මගෙ යාළුව හිටියෙ නෑ. එදා අපිට විභාගයක් තිබුන දවසක්. ඉතින් අයි. ඩී එක අනිවාර්යයි.
බස් එකට නැග්ගට පස්සෙ මට හිතුනෙ මන් අයි. ඩී එක අරන් නෑ කියලයි. ඒ එක්කම මන් බෑග් එකේ
බැලුවත් මන් දැක්කෙ නෑ තියෙනව. ඉතින් මන් කලේ ඊට පස්සෙ තියෙන ටවුන් එකෙන් බැහැපු එකයි
ආපහු ගෙදර යන්න. කලේ කොච්චර ගොන් වැඩක්ද කියල හිතුනෙ ඊට පස්සෙයි. මාත් එක්ක දහයක් විතර
බැස්සට ඒ හැමෝම එක එක පැති වලට යන්න ගිහින් මන් විතරක් එතන තනි උනා. ආපහු ගෙදර එන්න
බස් එකක් ආවෙ නෑ ගොඩක් වෙලා යනකන්.මට එවෙලෙ දැනුන බය කොච්චරද කියල කියන්න තේරුනෙ නෑ.
ඒ දවස්වල මට මොබයිල් ෆෝන් එකක් තිබුන නැති හින්ද තාත්තට කියන්න විදිහක් තිබුනෙත් නෑ.
ඉතින් ඔය විදිහට මන් අසරණ වෙලා ඉන්න කොට මට ඇහුන ටිකක් ඈතින් ඉන්න මිනිස්සු කීප දෙනෙක්
කුණුහරුප කියනව. ඒ අය මන් ඉන්න හරියට එයිද කියල මන් පන බයෙන් හිටියෙ.
මට
දැන් මොනව වෙයිද කියල හිත හිත ඉන්න කොට මන් ලගින් වෑන් එකක් නැවැත්තුව.ඒකෙ හිටියෙ තඩි
මිනිස්සු දහයක් විතර. ඩ්‍රයිවර් ඇහුව 'නන්ගී කොහෙද යන්නේ? ඩ්‍රොප් කරන්නද" කියල.
මන් කිව්ව එපා තාත්ත එනකන් ඉන්නෙ කියල. කතා කරපු විදිහෙන් මට තේරුනේ බීල හිටියෙ කියල.
ටිකක් අමුතු විදිහට බලල කට්ටිය ගියා.ඉතින් තවත් බලන් ඉන්නෙ නැතුව එන මොකක් හරි බස්
එකක යනව කියල මන් හිතුව.අයි.ඩී එක නැතුව හරි කමක් නෑ මන් ආයෙ කොළඹ යනව කියල හිතුවෙ
ඊට පස්සෙ. ඊට ටික වෙලාවකට පස්සෙ තව කීප දෙනෙක් එතන හෝල්ට් එකට ආව.මට ලේ ටිකක් ඉනුවෙ
ඊට පස්සෙ.එදා මොන පිස්සුවක්ද නැටුවෙ කියල මට හිතුනෙ කොළඹට ගිහින් අයි.ඩී එක තියෙනව
කියල දැන්ගත්තම.ඒ කොහොම උනත් මට විභාගෙ ලියන්න බැරි තත්වෙට ඔළුව අවුල් වෙලා තිබුනෙ.
පස්සෙ ලකුණු එද්දි හතලිස් ගානක් අරන් යන්තන් පාස් වෙලා තිබුනෙ.
මේ
කියන්න යන සිද්දිය උනෙත් ඒ වගේ උදේක යද්දි. එදත් හොදටම පාන්දර. මන් ඉන්ටසිටි බස් එකකට
නැග්ගෙ කොළඹ යන්න.නැග්ග ගමන් බස් එක ඇතුලෙ මෙලෝ යකෙක් නෑ. මට එක පාරම කිය උනා
"කවුරුත් නෑනෙ " කියල. පස්සෙ කොන්දොස්තරට හිනා ගිහින් කිව්වෙ පිටිපස්සෙමෙ
දෙන්නෙක් ඉන්නව කියල. හරියටම ඇතුල බලද්දි කොල්ලෙක්ව දැක්ක යන්තන්. දෙන්නෙක් ඉන්නව කිව්වට
තව කෙනෙක් පෙනුනෙ නෑ. පස්සෙ මන් තව ටිකක් ඇතුලට යද්දි යාන්තමට දැක්ක කෙල්ලෙක් ඉන්නව.
කවුරුත් හිටියෙ නැති නිසා උන් දෙන්නගෙ හැසිරීම බලන්න පුලුවන් තරම් හොද තත්වෙක තිබුනෙ
නෑ. පස්සෙ කොන්දොස්තර බස් එකට කට්ටිය නගිද්දි මට හිනා වෙවී කියන්ව 'මේ තව කට්ටිය එනව'
කියල. වස නෝන්ඩිය. මොනව කරන්නද ඉතින්.
ඊට
පස්සෙ තව ඒ වගේ නොන්ඩි වෙන වැඩක් උනා. එදා මන් ඉදගෙන හිටියෙ. ස්කෝලයක් ලගින් ළමයි ගොඩක්
බස් එකට නැග්ග. උන්ගෙ අතේ තිබුන පොත් ගොඩකුයි බෑග් එකකුයි දුන්න මට තියා ගන්න. ටිකකින්
බෑග් එක එතන හිටපු ගෑණු ළමයෙක් අපහු ගත්ත එයා බහින් හින්ද. ටික දුරක් යද්දි මට එහා
පැත්තෙ හිටපු කෙනත් බහින්න නැගිට්ට. ඊට පස්සෙ එතන හිටපු පිරිමි ළමයෙක් වාඩි උනා. පොරගෙ
අතේ පොත්වත් බෑග් එකක් වත් තිබුනෙ නෑ. මගෙ අතේ ලොකු පොත් ගොඩක්.උන් කට්ටියම හොදට හිනා
වෙවී තමයි ආවෙ. අපි ඒ කාලෙත් ඔහොමනෙ කියල හිත හිත සෑහෙන දුරක් ආවම අර ළමය බහින්න නැගිට්ට.
ඊට පස්සෙ කියන්ව 'අක්කෙ, මන් බහිනව. පොත් ටික ආපහු දෙන්න පුලුවන්ද' කියල. එතන හිටපු
ඔක්කොටම හොදටම හිනා.
මේ
කතා ටික තමයි මගෙ මතකයට ආපු ප්‍රධානම සිද්දි ටික. සමහර දේවල් මතක් වෙද්දි හිනා ගියත්
සමහර දේවල් නම් මොලේ අඩු වෙලා කරපු ගොන් කම් කියල හිතෙනව. ඊට වඩා කල්පනාවෙන් වැඩ කරන්න
තිබ්බ කියල දැන් තමයි හිතෙන්නෙ.

No comments:
Post a Comment