Thursday, 17 January 2019

16. බිත්තර




















මේ මාතෘකාව ලියද්දිත් මට බිත්තර සුවද/ගද දැනෙනව වගේ උනාට මේ ගැන මන් ලියන්න හිතුවෙ මේ සම්බන්ධයෙන් කථා කීපයක් තියෙන නිසයි. පොඩි කාලෙම ඉදල මන් බිත්තර වලට කැමැත්තක් දැක්වූයේ නෑ. මේ සම්බන්ධයෙන් මුලින්ම මතකයේ තියෙන්නෙ බිත්තරයක් පොලවෙ ගහපු සිද්දියක්. හේතුව මොකක්ද කියල මට හරියටම මතක නැති උනත් එහෙම දෙයක් කරල අම්මගෙන් ගුටි කෑව කියල මතකයි.

මන් හිතන්නෙ බිත්තර වලට මුලින් මට අකැමැත්තක් ආවෙ ඒකෙ සුවද/ගද මට හරි ගියෙ නැති හින්දයි. ඒක නිසා ඒ දවස් වල උනත් මන් බිත්තර තම්බල කන්න කැමති උනේ නෑ. ඔම්ලට් එකක් හැදුවොත් කෑව මිසක්.ඒත් ඒක චෝරුවක් වගේ නැතුව තියෙන්න ඕනෙ.ඔය ප්‍රධානම හේතුව හින්ද මගෙ වැඩි කැමැත්තක් නැතුව තමයි මන් බිත්තර කෑමට ගත්තෙ.ඒ දවස්වල මන් මගෙ පිගානෙ වගේම තව කෙනෙක්ගෙ පිගානෙ බිත්තර තියෙනවටවත් කැමති උනේ නැත්තෙ මේ අවුල හින්දයි.ඉතාමත් ලගකදි තමයි මන් සමහර දේවල් මට පිලිකුලක් ඇතිඋනත් ඒ දේවල් ගැන එහෙම නොහිතන්න පුරුදු උනේ. 'තිත්තගල්ලේ ආනනදසිරි' හාමුදුරුවන්ගෙ බණකින් තමයි එහෙම උනේ. ඒ කියන විදිහට ජීවිතය දිහා අමාරුවෙන් හරි බලන්න පුරුදු පුහුනු කරගත්තොත් ලොකු සැනසීමක් නම් ලැබෙනව. කැමති කෙනෙක් ඉන්නවනම් උන් වහන්සේ දේශනා කරන බුදු දහම අහන්න පුලුවන් මේ ලින්ක් එකෙන්. සින්හල භාශාවෙන් තමයි තියෙන්නෙ.

මුල්ම කොටස අහනවනම්:


හිතේ මේ වගේ සිතුවිලි ගැන දැනගන්නවනම්:


ඒ කොහොම උනත් මට තවමත් බිත්තරයක් කෙනෙක් කනව දකිනකොට හරි මන් කෙනෙකුට කවද්දි හරි මුලින්ම ඇතිවෙන්නෙ පොඩි පිලිකුල් ගතියක්. ඒත් දෙවැනුව ඒක ගැන ඇත්ත හිතල ඒ ස්භාවය නැති කරන්න පුලුවන් දැන්. මේක කියවන ඔයා වෙන ආගමක කෙනෙක් නම් මන් මෙහෙම ලියන එක ගැන මොකුත් හිතන්න එපා. මගෙ ජීවිතේ ඇත්තම සිද්දි ලියද්දි මට මේ වගේ සිතුවිලි තදින්ම දැනුන දේවල්. ඒකයි මට මේවත් ලියන්න හිතුවෙ. ඒ වගේම බුදු දහම ගැන දැනගන්න කෙනෙකුටත් ප්‍රයෝජනවත් වෙයි.

ඉතින් බිත්තර ගැන ඊලග සිදුවීම ස්කෝලෙ යන කාලෙ නිතරම මූන දුන්න සිද්දියක්. ඒ දවස්වල අම්ම බිත්තර එක එක විදිහට හදල බලෙන් දුන්න. හදපු හැම දවසකම ගුටි නොකාපු එක විතරයි. නැත්නම් ඒ තරමට පස්සෙන් පන්නල වද දීල බැනල බිත්තර දුන්න. ඉතින් ඒ බිත්තර එක එක ක්‍රම වලට අම්ම දුන්න උනාට ඒ විදිහකටවත් මන් කැමති උනේ නෑ.අම්ම කිව්වෙ ඒ විදිහට දුන්නම තමයි පෝශණය වැඩි කියල. එකක් තමයි හාෆ් බොයිල් කරල ලුණු කුඩුයි ගම්මිරිස් කුඩුයි දාල බොන්න දුන්න එක. එහෙම හදන ඒ බිත්තර ශ්‍රාවය මට පෙනුනෙ ගොලුබෙලි සාරු වගෙයි. ඉතින් ඕක බොන්න බෑ කියල ඇඩුවත් වැඩක් උනේ නෑ.අනික් ක්‍රමේ උනේ කිරි කෝපි වලට බිත්තර දාල දුන්න එකයි. එහෙම හැදුවම ඒ එන උකු ගතිය හරිම අවුල්. ඒත් ඉතින් ස්කෝලෙ යන කාලෙ ඕව බොන්න උනා. හවස පන්ති හරි මොනවහරි තියෙනවනම්  උදේට බිත්තර සාරු බොන්න වෙන එක අනිවාර්ය උනා. ඔය ගොඩක් දවස්වලට උදේට අඩල හිතේ අමාරුවෙන් ගිය හින්ද ස්කෝලෙ ඇරිල ආවම අම්මයි, තාත්තයි කිව්ව උදේ හොදට කාල බීල ගිය හින්ද සුදු වෙලා, මූන එලිය වැටිල කියල. මට ඉතින් ඕව ඇහෙද්දි යකා නගිනව උදේ බිත්තර සාරු බීපු හැටි මතක් වෙලා. මන් තරහ වැඩි කමට මොකුත් නොකිය ඉන්නව.

ඉතින් ඔය විදිහට බිත්තර කමින් බොමින් ටික කාලයක් ගෙවිල ගියා. ඊට පස්සෙ ඇඩ්වාන්ස් ලෙවල් විභාගෙ කිට්ටු වෙලා ස්කෝලෙ ලග බෝඩ් වෙන්න උනා.ගෙදරදි එපා කියපු ගොඩක් කෑම එහෙදි කන්න උනේ නොකා හිටියොත් බඩගින්නෙ ඉන්න වෙන හින්දයි. එහෙදි ඒ ගෙදර වැඩ කරපු කෙනා බිත්තර හදල දුන්න විදිහ කොහොමත් මට ඇල්ලුවෙ නෑ. ඔම්ලට එකක් දැම්මත් කිසිම රහක් තිබුනෙ නෑ. බිත්තර තැම්බුවොත් එක බිත්තරේ කෑලි කීපයකට කපල තමයි බෝඩිමේ අපි කීප දෙනාට දුන්නෙ. ඉතින් ඔය වැඩෙන් උනේ මට තවත් බිත්තර කන එක එපා උන එකයි.

ඔහොම බිත්තරත් එක්ක කාලය ගෙවිල යද්දි මන් ගෙදර ආව දවසක් අම්ම කිව්ව වටලප්පන් හදමු කියල. ඔයගොල්ලො දන්නව වගේ වටලප්පන් කියන්නෙ බිත්තර ටිකක් වැඩිපුර ඕනෙ වෙන කෑමක්. ඉතින් අම්ම කිව්ව බිත්තර කීපයක් කඩල භාජනයකට දාන්න කියල. මන් ඉතින් බිත්තර කඩ කඩ භාජනේට දාද්දි එක බිත්තරේක මන් දැක්කෙ කහ මදේ රතු පාට වෙලා තියෙන ටිකක් අමුතු බිත්තරයක්. මට එක පාරටම හිතුනෙ කුකුළු පැටියෙක් හැදෙන එකක් කියලයි. ඉතින් මන් ඉක්මනට ගිහින් මේක අම්මට පෙන්නුවම කිව්ව ඒක විසි කරන්න කියල. ඊට පස්සෙ මන් අම්මට කිව්ව ඉතුරු බිත්තර ටික කඩන්න මට බෑ කියල.ඉතින් වටලප්පන් වැඩේ ඉතුරු ටික අම්ම කරල හැදුවට ඒ පාර මට ඒ වටලප්පන් කන්න හිතුනෙ නෑ. ඒ වැඩෙන් පස්සෙ මන් කවදාවත් වටලප්පන් කෑවෙ නෑ. ඊට කලින් ඒක මගෙ ප්‍රියතම වෙලා තිබුන කෑමක්.ඉතින් ඔය සිද්දියෙන් පස්සෙ මන් හිතුව බිත්තර කන එක සම්පූර්නයෙන්ම නවත්තන්න.

ඊට පස්සෙ මන් බෝඩිමට ගියාමත් මන් එතන ආන්ටිට කිව්වෙ මට බිත්තර හදන්න එපා කියලයි. අපේ ගෙදර අය වගේම එයත් කැමති උනේ නෑ බිත්තර කන එක නවත්තනවට. අපේ ගෙදර අය වගේම එයා කිව්වෙත් විභාගෙ දවස්වල හොදට කෑම බීම ගන්න ඕනෑ කියලයි. ඒ මොනව කිව්වත් මට ආයෙ බිත්තර කන එක කරන්න පුලුවන් දෙයක් උනේ නෑ. ඒ වෙද්දි මන් කුකුල් මස් කන එක නවත්තලයි තිබුනෙ. බිත්තර කන එක නවත්තන්න අවුරුදු කීපෙකට කලින් කුකුලෙක් මරන සිද්දියක් දැකලයි මන් මස් කන එක නතර කලේ. ඉතින් මන් එහෙම කුකුලු බිත්තර කාල මස් නොකා ඉන්නකොට ඒ බෝඩිමේ ආන්ටි විහිළු කරන්න පුරුදු වෙලා හිටියෙ මන් ලොකු කුකුලො එක්ක යාළුයි පොඩි පැටවු එක්ක තරහයි කියල. එයා ඒ කලේ විහිළුවක් උනත් මන් ඒ ගැන ඇත්තට හිතද්දි තමයි මේ සිද්දිය වෙලා මන් බිත්තර කන එක නැවැත්තුවෙ. ඉතින් ආයෙමත් මට බිත්තර කෑමට දෙන්න ගොඩක් අය මහන්සි උනා.

ඒ බෝඩිමේ හිටිය වැඩ කරන්න ආච්චි කෙනෙක්. එයා කිව්වෙ බිත්තර කෑවම හම ලස්සන වෙලා දිලිසෙනව කියල. ඒ මොනව කිව්වත් මන් ආයෙමත් බිත්තර කෑවෙ නෑ. බිත්තර කන එක නවත්තල ටික කලක් යද්දි මගෙ හිතට ලොකු නිදහසක් එහෙමත් නැත්නම් ඇගට සැහැල්ලු ගතියක් ආව.ඒ දවස්වල විභාගෙට ලොකු ප්‍රෙශර් එකක ඉන්නකොට වෙන සිදුවීමක් හින්ද එහෙම උනා කියල කියන්න බෑ. මට හිතුනෙ මන් ඒ නවත්තපු කෑම හින්ද මට එහෙම දැනුන කියලයි.

බිත්තර කන එක ඒ විදිහට නැවැත්තුවත් බිත්තර දාල හදන කේක්, බිස්කට්, අයිස් ක්‍රීම්, පේස්ට්‍රි වගේ කෑම නැවැත්තුවෙ නෑ වටලප්පන් ඇරුනම. ඉතින් සමහර අය විහිළු කලා ඒ ගැන කියල. ඒ වගේම අවුරුදු විසි පහකින් විතර බිත්තරයක් ආයෙමත් කැඩුවෙත් නෑ අර වගේ දෙයක් දකින්න වෙයි කියල. දැන් ගොඩක් අය බිත්තර එළවලුවක් විදිහට තමයි හදුන්වන්නෙ. පිරිමි කුකුල් සතෙක්ගෙ සම්බන්ධ වීමක් නැතුව කිකිලියගෙ ඩිම්බ පිටවීමක් හින්ද. එහෙම කිව්වත් මට විශ්වාසයක් තවම නෑ බිත්තරයක් කඩන්න තරම්. වැරදීමකින් හරි එතන කුකුලු පැටියෙක් හිටියොත් කියන හැගීම ඇතිවෙනව.

සමහර වෙලාවට මස් මාන්ශ කන අයත් එක්ක කෑමකට එලියට ගියාම ඒ අයට මන් කන බොන විදිහ කරදරයක් වෙනව. මොකද තෝරල බේරල කෑම ගන්න ගියාම ඒ අයටත් යම් කිසි කාලයක් බලන් ඉන්න වෙන හින්ද. ඒ වගේම ආයෙමත් ඇනවුම් කරන්න වෙන හින්ද.ඉතින් ඒ වෙලාවල් වල නිර්මාන්ශ වීමේ ආදීනව වගේම මස් මාන්ශ අනුභව කිරීමේ ගුන කතනයන් අහගෙන ඉන්න උනා. උන් මන් වෙනුවෙන් කාලයක් වෙන් කරල බඩගින්නෙ ඉන්න හින්ද මන් මොකුත් නොකිය අහන් ඉන්න පුරුදු උනා. දවසක් බිත්තර හින්ද ලොකුම අපහසුතාවයට පත් උනේ මගුල් ගෙදරක ගියාම. එහෙදි මට වතුර බොන්න උනේ කවුරුහරි බිත්තර කාල වතුර බීපු වීදුරුවක. ඒ වෙලාවෙ එතන තිබුන තත්වෙ එක්ක මන් ඒ වීදුරුව හෝදල බිව්වත් මට ඊට පස්සෙ වස අප්පිරියාවක් ඇතිඋනේ. එහෙම හිතපු හින්ද ඊට පහුවදාම මට අජීර්ණයක් ආව.

ඊට පස්සෙ බිත්තර සම්බන්ධයෙන් මතක තියෙන සිදුවීමක් වෙන්නෙ රස්සාවට ගියාම. බිත්තර සම්බන්දයෙන් හිනා යන දේකට තියෙන්නෙ මේ සිද්දිය විතරයි.ඉතින් ඒ ආයතනයේ අපිට දවල් කෑම දුන්න අපෙන් පොඩි ගානක් අය කරගෙන.හොද ප්‍රසිද්ධ තැනකින් තමයි එතෙන්ට කෑම දුන්නෙ. ඉතින් ගොඩක් අය දවල් කෑම ගෙදරින් ගෙනාවෙ නෑ. ඉතින් දවසක් කෑම කන්න ආව පිරිමි ළමයෙක් බිත්තර ඔම්ලට් එකකුත් පිගානෙ උඩින්ම තියාගෙන එයා ඉන්න මේසෙ වාඩි වෙන්න ආව. ඒ වෙලාවෙ මමයි තව කීප දෙනෙකුයි තව මේසෙක වාඩි වෙලා බලන් හිටියෙ අපේ අනික් යාළුවො ටික එනකම්. එතන් ලොකු ෆෑන්ස් කීපයක් දාල තිබුන. ඉතින් අර ඔම්ලට් එක ඒ දාල තිබුන ෆෑන් එකක හුලගට ගහගෙන යද්දි අපි කට්ටියටම හිනා ගියා. එතන හිටපු තව කීප දෙනෙකුටම හිනා ගියත් ඒ පිරිමි ළමයට ලැජ්ජ හිතුන මන් හිතන්නෙ.ඒ එක්කම අපි කතා කලේ බිත්තර ඔම්ලට් එකේ කොලිටි එක ගැනයි.


තව දවසක මගෙ උපන්දින උත්සවයක් අපේ ලොකු තාත්තගෙ දුව ලෑස්ති කලා එයාලගෙ ගෙදරදි. මන් ඒ දවස්වල ජොබ් එකට යන්න එහෙ නැවතිලා ඉන්නකොට. ඉතින් ඒ පාටියට අපේ තව කසින්ස්ල කීප දෙනෙක් තමයි ආවෙ. පවුලෙ පොඩි පාටියක්. ඉතින් මෙයා එදා කට්ටියට කෑම ලෑස්ති කලා. බැදපු බිත්තර වලින් තව මොනවද හදන්න තමයි මෙයා ලෑස්ති උනේ. ඉතින් කුස්සියට ගියාම අපි දැක්කෙ තම්බපු බිත්තරයක් අත පිහින රෙදි කෑල්ලකින් පිහ පිහ ඉන්නව. පොර හෝදල තිබුන රෙදි කෑල්ලකින් එහෙම කලත් දැන් අපේ කට්ටියට කන්න අප්පිරියයි. පස්සෙ කට්ටිය හෙන තර්ජන මැද්දෙ තමයි එදා බිත්තර කෑවෙ. මන් කිව්වෙ මන් හොද වෙලාවට බිත්තර කන්නෙ නැත්තෙ කියල.

No comments:

Post a Comment

25. විනෝද චාරිකා

පවුලෙ අයත් එක්ක මුලින්ම ගිය විනෝද චාරිකාව මොකක්ද කියල නම් මට හරියට මතක නෑ . ඒත් ඉස්සර අනිවාර්යෙන්ම දෙසැ...